Search This Blog

Thursday, July 13, 2017

මැංගුස් රස බලමු.......ඒ ගැන දැනගමු..............

Garciniamangostana L . යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මැංගුස් ඉතා රසවත් පළතුරක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි සම්භවය මැලේ අර්ධද්වීපය වන අතර තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ කාම්බෝජය යන රටවල විශාල වශයෙන් වගා කෙරේ. ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට මැංගුස් වගාව ව්‍යාප්ත වුයේ පසුගිය සියවස් දෙක තුල යයි විශ්වාස කෙරේ. බෝගයේ වර්ධනය සඳහා විශේෂිත වු දේශගුණික හා පාරිසරික සාධක අවශ්‍යවන බැවින් මෙය වගාකිරීම ලංකාවේ තෙත් කලාපයට පමණක් සීමා වී ඇත. ජාත්‍යන්තර වෙළදපොලේ මැංගුස් ජනප්‍රිය වෙමින් පවතින බැවින් බොහෝ රටවල් ව්‍යාපාරික මට්‍ටමින් මැංගුස් නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කළුතර, රත්නපුර, ගාල්ල, ගම්පහ, කොළඹ, මහනුවර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හත තුල බහුල වශයෙන් ගෙවතු වගාවක් ලෙස දක්නට ලැබෙන අතර මහා පරිමාණයේ වගාවන් දක්නට ලැබේ.

පෝෂණඅගය
මදය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය

පෝෂක
ප්‍රමාණය
ජලය
84.9 ග්‍රෑම්
ශක්තිය
60.0 කි.කැ.
ප්‍රෝටීන්
0.5 ග්‍රෑම්
මේදය
0.1 ග්‍රෑම්
කාබෝහයිට්‍රේට්
14.3 ග්‍රෑම්
කැලිසියම්
10.0 මිලි ග්‍රෑම්
පොස්පරස්
20.0 මිලි ග්‍රෑම්
යකඩ
0.2 මිලි ග්‍රෑම්

මල්වාන නම ඇසූ පමණින් අපගේ මතකයට නැගෙන්නේ රඹුටන්ය. ඒ තරමටම රඹුටන් හා මල්වාන බැඳී පවතී. මල්වානනේ පැණි රඹුටන්යැයි ඈත අතීතයේ සිටම ව්‍යවහාරයේ පවතින්නේ රඹුටනුත් මල්වානත් අතර පවතින බැඳීමයි.
මැංගුස් යන නාමය ඇසූ පමණින් කළුතර ද අපගේ මතකයට නැ‍ඟේ. දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ හැර අනිකුත් සෑම ප්‍රදේශයකම මැංගුස් වගාවට උචිත දේශගුණික තත්ත්වයක් පවතී. කළුතර යනු ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයූ ප්‍රමුඛතම දිස්ත්‍රික්කය බවට විවාදයක් නැත. කළුතර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන තිස්ස විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර මහ ක්‍රිකට් ගැටුම නම් කර ඇත්තේ ද මැංගුස් සටන ලෙසයි.
මැංගුස් වාරය පටන්ගන්නා මැයි ජූනි මාසවල සිට අගෝස්තු, සැප්තැම්බර් දක්වා කළුතර සිට ගාල්ල දෙසට ගාලු පාරේ ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට උතුරු කළුතර සිට දකුණුක ළුතර දක්වා මුළු නාගරික බල ප්‍රදේශයම ආවරණයවන මැංගුස් අලෙවිසැල් දැකිය හැකිය. විශේෂයෙන්ම කළුතර බෝධියත්, කළු ගඟ හරහා දිවෙන පාලමත්, ඇති ප්‍රදේශයේ දම්පාටින් පිරි මැංගුස් ගෙඩි අලෙවිකරන වෙළෙන්දන්ගේ සුන්දර දසුන් දැකබලා ගැනීමට හැකියාව තිබේ.
මැංගුස් වාරය තුළ කළුතරට පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයීමට කළුතර දිස්ත්‍රික්කය සමත් විය. නමුත් ඒ මීට ටිකකලකට පෙරය. ලංකා‍වේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටද මැංගුස් ලබාදිය නොහැකි තරමට වගාව අඩපණ වී ඇත.
උෂ්ණාධික කළාපයේ පලතුරු අතර රැජින ලෙස සලකන මැංගුස් රසය හෝ පෝෂණ ගුණය අතින් ද ඉහළ පලතුරකි. සුන්ඩා දූපත හා ඉන්දිනීසියාවේ සමහර දූපත් මැංගුස්වල ජන්ම භූමිය ලෙස විශ්වාශ කෙරේ. වියට්නාටමය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බහමා, පිලිපීනය යන ගිනිකොණදිග ආසියාතික රටවල මැංගුස් වගාව වැඩි වශයෙන් ජනප්‍රිය වී ඇත. ලංකාවේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේද යම් පමණකට මැංගුස් වගා කෙරේ. ලෝකයේ වැඩි වශයෙන් මැංගුස් නිෂ්පාදනය කරන හා ආපනයනය කරනරට වන්නේ තායිලන්තයයි.
මැංගුස් පැළයක් සිටුවා ඵල නෙළීමට වසර 08 – 10 පමණ කාලයක් ගතවේ. මැංගුස් ගස විශාල ලෙස වැවෙන ගසකි. ඵල නෙළීමට ගතවන කාලය වැඩිවන නිසාම සමහර මැංගුස් වගාකරුවන් මැංගුස් වගාවට වැඩි කැමැත්තක් නොදක්වන තත්ත්වයක් පවතී. එසේම මෙම ගස් විශාල ලෙස වැඩෙන අඳුරු සහිත ගස් වර්ගයක් නිසා තම ගෙවතුවල මෙම ගස් වැවීමට ජනතාවගේ අකමැත්තක් පවතී. ජනගහන වර්ධනයත් සමඟ සිදුවන ඉඩම් කට්ටි කුඩා වීමද කළුතර මැංගුස් වගාව ව්‍යාප්තවීම කෙරේ බලපා තිබේ.
මෙම සියලු කාරනා විසින් අද වන විට කළුතර මැංගුස් වගාව පත්කර ඇති තත්වය ඉතාම කනගාටුදායකය.
 ප්‍රයෝජන

01.ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් හෘද වස්තුවේ රෝගවලට ගුණදායකය. එමෙන්ම පිලිකා නාශක ගුණයක් ද පවතී. එසේම වයස්ගත වීම අඩු කරන අතර කායික හා මානසික රෝග සදහා වඩාත් ගුණදායකය.

02.අඩු කැලරි ප්‍රමාණය
 මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් හා අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු නිසා ස්ථුල පුද්ගලයන්ට සුදුසු ය. එසේම එහි අඩංගු තන්තු නිසා සිරුරේ බර අඩු කර ගැනීමට ද දායක වේ.

03.විටමින් සී
මැංගුස්වල අඩංගු විටමින් සී වලින් පොහොසත් නිසා විෂ බීජ ආශ්‍රිත රෝග වැලදීම අඩු කරයි. එසේ ම එහි ඇති ප්‍රොලේට් නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසුය.

04.රුධිර සංසරණයට
මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වලක්වයි. එසේම ලේ ගමනාගමනය වැඩි කරන අතර එමගින් අධිකොලෙස්ටරෝල්,හෘදයාබාධ ඇති රෝගීන්ට වඩාත් සුදුසු ය. එසේ ම ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම පෙනීම වැඩි කිරීමටද උදවු වේ.

05.කොලෙස්ටරෝල් අඩු කිරීම
කොලෙස්ටරෝල් අඩු කිරීමට ඇති හැකියාව නිසා මනුෂ්‍ය හෘදයේ ක්‍රියාශීලිත්වය වැඩි කරයි. 

06.ටියුබකියුලෝසිස්
මැංගුස්වල ඉහල ප්‍රතිබැක්ටීරියා නාශක හා ප්‍රතිදිලීර නාශක ගුණාංගයන් පවතින බැවින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එබැවින් ටියුබකියුලෝසිස් රෝගීන්ට වඩාත් ගුණදායකය.

07.පිලිකා මර්දනයට
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් පිලිකා හා හෘද වස්තුවේ රෝග සදහා වඩාත් ගුණදායක ය. එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් නිසා ශරීරයේ ඇති වන නිදහස් මුක්ත ඛණ්ඩ ප්‍රමාණය අඩු කර පිලිකා හා හෘද වස්තුවේ රෝග අඩු කර නිරෝගීභාවයට උදවු වේ.

08.රුධිර පීඩනය අඩු කිරීම
මැංගුස්වල බහුලව අඩංගු ඛණිජමය අයන වන කොපර්, මැග්නීසියම්, මැංගනස් හා  පොටෑසියම් මගින් ආඝාතය හා හෘද කිරීට ආශ්‍රිත රෝගවලට එරෙහි ව ආරක්ෂාව සපයා රුධිරය ගලා යාමට පහසු කරවයි.

09.ඇල්ෂයිමිර් රෝගය
මැංගුස්වලින් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍යමය යහපතක් වනුයේ  ඇල්ෂයිමිර් රෝගය සදහා ප්‍රතිකාරයක් වීමයි. මේ රෝගය සංකූලතාවය හා මතක තබා ගැනීමේ අපහසුතාවය හා අනුබද්ධ රෝග ලක්ෂණයකි.

10.සමේ නිරෝගී පැවැත්මට
 මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය නිසා මැංගුස් මගින් සමේ පෝෂණයට බෙහෙවින් දායක වේ. මුහුණේ කැලැල්, සමේ තෙල් ගතිය හා වියලි සමට මනා ප්‍රතිකාරයක් ලබා දෙයි. එමෙන් ම සෛල නිපදවීම උත්තේජනය කරයි. 

11.ඔසප්වීමේ දී දැනෙන වේදනාව අඩු කරයි.
වයසට යෑමත් සමග ම ඔසප් වීමේ දී දැනෙන කරකැවිල්ල, අධ්‍යාතතිය හා කිසිවෙකුත් නොරිස්සන ස්වභාවය ආදි රෝග ලක්ෂණ මග හරවා ගැනීමට ද මැංගුස්වල අඩංගු සංඝටක උපකාරී වේ.


12. ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලට ගුණදායක වේ.

මැංගුස් කෙතරම් රසවත් පලතුරක් වුවත් එහි ඇති උෂ්ණ අධික බව නිසා සමේ විවිධ අසාත්මිකතාවයන් ඇති විය හැකිය. ඒ බව සිහියේ තබා ගෙනම මැංගුස් රස විදින්න.....


 
 



Sunday, July 9, 2017

ඉන්දියාවෙහි රාජස්ථාන් පත්‍රිකාව



1956 මාර්තු 07 දින කපූර් චන්ද්‍ර කුලිෂ් විසින් ආරම්භ කරන ලද අතර එය ඉන්දියාව තුළ හින්දි භාෂාවෙන් ප්‍රකාශනය වන ප්‍රමුඛ ජාතික පුවත් පතක් බවට පත්විය. 1956 දී කුලිෂ් විසින් දිල්ලි නුවර සහ ප්‍රාන්ත රාජ්‍යයන් 6ක මෙම පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු විසින් මෙම පුවත්පත රුපියල් 500ක් ණයට ගෙන ආරම්භ කරන ලද්දකි. නමුත් අද වන විට ඉන්දියා තුල ඉතාම ජනප්‍රිය  පුවත්පත වන්නේද රාජස්ථාන් පත්‍රිකාවේ. Indian Readership Servery  2013 අනුව ඉන්දියාවේ 5 වැනි ස්ථානයට වඩාත්ම ජනප්‍රිය හා රාජස්ථාන්වල සහ මධ්‍යය ප්‍රදේශයන්හි අංක එකේ පුවත්පත ලෙස මෙම රාජස්ථාන් පත්‍රිකාව මුල් තැන ගනී.

රාජස්ථාන් පත්‍රිකාව අදවන විට ප්‍රාන්ත රාජ්‍යයන් 8ක සහ නගර 36ක මෙම පුවත්පත සාර්ථකව පලවේ. මොහුගේ මෙම පුවත්පත ඉන්දියාව තුල ප්‍රමුඛ ජාතික පුවත්පත බවට පත්විය.
කුලිෂ් මාධ්‍යටය දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහු සම්මානයෙන්ද පිදුම් ලබන ලදි,

-        1990 D.B.Goenka Foundation විසින් පිරිනැමූ සම්මානය
-        1987 ‘Outstanding contribution in the India Language News Paper’  ත්‍යාගය දිනා ගන්නා ලදි.
-         1991 දි අගමැති පිරිනමන ලද චන්ද්‍ර ශේකර් ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුම් ලබන ලදි.

මේ ආකාරයට විවිධ සම්මාන රැසකින් පිදුම් ලබන ලද අතර එය ඔහුට පමණක් නොව මුළු මහත් ඉන්දීය පුවත්පත් කම්මාන්තයේ සිටින්නවුන් පිදුම් ලැබූ අවස්ථාවකි. මෙම රාජස්ථාන් පත්‍රිකාව ඉන්දියාව තුලත් රාජස්ථානය ඇතුළු මධ්‍ය ප්‍රදේශයන් වලද ඉතාමත් ජනප්‍රිය පුවත්පත් අතරට එකතු වන ලදි. රාජස්ථාන් පත්‍රිකාව සදහා තිබූ ස්ථානය පහත වගුව මගින් අවබෝධ කරගත හැකිය.
රාජස්ථාන් පත්‍රිකාවෙහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කිරිමේදී එහි අන්තර්ගත තොරතුරු අධ්‍යයනය කිරිමේදී,
■          රජයට අයත් තොරතුරු
■          ව්‍යාපාරික පුවත්
■          විනෝදාත්මක පුවත්
■          ක්‍රීඩා පුවත්
■          සෞඛ්‍ය පුවත්
■          රැකියා ඇබෑර්තු පුවත්
■          අධ්‍යාපන පුවත්
■          විදෙස් පුවත්
■          ඡායාරූප එකතූන්
■          විවිධාකාර දැන්වීම්
■          ජෝතිෂ්‍ය තොරතුරු

ආදී තොරතුරු පිළිබඳව මෙම පුවත්පත මඟින් පුවත් ඉදිරිපත් කරණූ ලැබේ. මෙම පුවත්පත ජනහිතකාමී පුවත්පතක් ලෙසයි. මෙම පුවත්පත තුළින් බොහෝ විට ඉදිරිපත් වූයේ ජනතාවට ඉතා සමීප පුවත්ය.

මෙම පුවත්පත අධ්‍යයනය කිරීමේදී මෙහි විශේෂත්වය වන්නේ බොහෝ තොරතුරු පුද්ගල සුබ සාධන තොරතුරු වාර්තා කිරීම මෙහිදී දැකගත හැකිය.
ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීමට මොවුන් කටයුතු කරන ආකාරන ආකාරය දැකගත හැකිය. මෙහි ඉහත විශේෂාංග වලට අමතරව,

                        1 පුණ්‍යකටයුතු

                        2 සමාජමය කටයුතු    

සම්බන්ධව පුවත්පත තුල බෙහෙවින් කතා කරන ලදි. ඉන්දියානු ජනතාව පීඩාවට පත්වන අවස්ථාවලදී ඔවුන් නිතර ම ලගින් සිටින ලදි- එම තොරතුරු ජනතාවට ගෙන ඒමට බැදී සිටින ලදි.
පුණ්‍යකටයුතු වශයෙන් ස්වාභාවික විපත් වලදී රාජස්ථාන් පත්‍රිකාව ඔවුන් සමඟ ජීවත්වන ලදි. ඔවුන්ට සහන ලබා දීමට කටයුතු කරන ලදි- මෙම පුවත්පත මඟින් භාරකාර මුදල් එකතුකරන ලදි. 1991 දී රුපියල් ලක්ෂ 45ක් ද, මහාරාෂ්ටයේ සහ ගුජාරට්හි රුපියල් කෝටි 1.69 ක්ද මෙම පුවත්පත ආධාර සදහා එකතු කරන ලදි. ඔරිස්සා සුළි සුළං හා තවාස් ගංවතුර යන ස්වාභාවික උවදුරු වලදී මුදල් එකතු කරන ලදි.
1999 දී ඉන්දියාව හා පකිස්ථාන ගැටුම් වලදී භාරකාර මුදල් එකතු කරන ලදි. මියගිය වීරවරයන් හා ඔවුන්ගේ පවුල් සදහා කෝටි 3-08 ක් ලබා දෙන ලදි- රාජස්ථානයට සාගතයක් පැමිණි සමයේදී ද සුනාමි ඛේදවචකය සමයේදී සුබසාධනය සදහා කෝටි 2ක් එකතු කරන ලදි. යටිතල පහසුකම් වර්ධනය කිරීම සදහා ද මෙම පුවත්පත කටයුතු කරන ලදි.

සමාජ සංවර්ධනය සදහාද මෙම පුවත්පත කටයුතු කරන ලදි. දිනෙන් දින වැඩෙන කාන්තාකරණය හේතු කර ගෙන 2005 දී වැඩසටහන් ආරම්භ කරන ලදි. එහිදි සෑම වසරකම දහස් සංඛ්‍යාත ජනයා ස්වේච්චා පාසල්, විද්‍යාල, කර්මාන්ත ශාලා, පන්සල් ආශ්‍රිතව පැළ රොපණය කරන ලදි.  2005 සිට 2012 දක්වා ගස් 1,087,274 ක් එනම් 60%ක් දක්වා වර්ධනය වූ අතර ස්ථාන 14,090 ක රෝපණය කරන ලදි.
මැතිවරණ අවස්ථාවන්හිදීද මොවුන් සක්‍රීයව කටයුතු කරන ලදි. පූර්ව මැතිවරණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන ලදි- තම ජන්දය ප්‍රකාශ කිරීමට ජනතා උනන්දුව සහ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සදහා සහ පිරිසිදු ප්‍රතිරූපයක් සහිත තරුණ හා උගත් අපේක්ෂයන් තෝරා ගැනීම සදහා වැඩසටහන් ඉදිරිපත් කරන ලදි. එම ජන්ද ව්‍යාපාරය හේතු කොට ගෙන රාජස්ථාන්,කර්නාටක, තමිල්නාඩුව හා බටහිර බෙංගලයේ 5.8% කින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩි කරන ලදි.

2025 දැක්ම මගින් ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම් ක්‍රමය, වෛද්‍ය පහසුකම් හා ප්‍රවාහන පද්ධතිය සදහා කතිකාවතක් ගොඩනගන ලදි. ‘ඔබේ හඩ මතු කොට රට වෙනස් කිරීම’යන මැයෙන් රාජස්ථානයේ උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය හා ස්වේච්ඡා ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කර ඇත.
අධ්‍යාපන අයිතිය පිළිබදවද මොවුන් හඩක් නගන ලදි- අධ්‍යපන අයිතිය රජය විසින් ක්‍රියාත්මක කරන විට රාජස්ථාන් පත්‍රිකාව අධ්‍යාපන වරප්‍රසාද නොලත් දහස් ගණන් දරුවන් සදහා යථාර්ථයක් බවට පත් කර දීමට කටයුතු කරන ලදි. මෙහිදී නිදහස සහ අනිවාර්ය මූලික අධ්‍යාපන පනත, ප්‍රජා බලමුලු ගැන්වීම්, දැනුවත් කිරීමේ කතුවැකි, ප්‍රචාරක හා හෙලිදරව් කිරීමත්, දුප්පතුන් හා වරප්‍රසාද නොලත් පෞද්ගලික පාසල්වල 25%කගේ ගැටළු වලට රාජස්ථාන් පත්‍රිකව අවධානය යොමු කරන ලදි.
විශේෂ අවශ්‍යතා ඇති ජනතාව සඳහා ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධව ද වඩා හොඳ අනෝන්‍ය අවබෝධය සහ සාමුහිකත්වය සඳහා මෙම පුවත්පත කටයුතුකරන ලදි. තවද ගැහැණු දරුවා සුරකින්න යනුවෙන් කුසෙහි බිළිදියන් බේරා ගැනීම හා කාන්තාවට ගරුත්වය ලබා දීමට පෙළපාලි ආදීය පිළිබදව ජනතාව දැනුවත් කරන ලදි.

රට තුල සිදුවන විවිධ සිදුවීම් පිලිබදව තොරතුරු ඉතාමත් ඉක්මණින් පාඨකයා වෙත ලබා දීම මෙමගින් සිදුවේ. පාඨකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සදහා මෙය හේතුවක් වන්නට ඇත. පුවත්පත පිළිබඳව ආකර්ෂණය වැඩි වීමට හේතුවක් වන්නට ඇත. රට තුල සිදුවන තොරතුරු ප්‍රාන්ත ආණ්ඩු තුල සිදුවන වෙනස්කම් ද නිවැරදිව හා අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලදි. ව්‍යාපාරික පුවත්ද රාජස්ථාන් පත්‍රිකාව තුල ප්‍රධාන තැනක් ගනී. වෙළද පොළ සම්බන්ධ කටයුතු වලදී අවශ්‍ය තොරතුරු පුවත්පත තුළ අන්තර්ගත කර ඇත. රටේ ආර්ථිකයට අදාළ තොරතුරු මෙම පුවත්පත මඟින් දක්වන ලදි- තවද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද පුවත්පත තුල වැඩි ඉඩක් වෙන් කරන ලදි. මන්ද රට තුල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නැංවීම සදහා සෞඛ්‍ය පිළිබදව තොරතුරු සදහා වැඩි ඉඩක් වෙන් කරන ලදි.

විනෝදාස්වාදය සදහාද මෙම පුවත්පත තුල වැඩි ඉඩක් වෙන් කර ඇත. විවිධ නළු නිළියන් සම්බන්ධ තොරතුරු හා නව චිත්‍රපට ආදිය පිළිබදව තොරතුරු සදහා වැඩි ඉඩක් වෙන් කරන ලදි. බොහෝ දෙනා මෙම පුවත් සදහා වැඩි රුචිකත්වයක් දක්වයි.  ක්‍රීඩා තොරතුරු ද මෙවැනිම පාඨක ආකර්ෂණය දිනා ගත් තවත් අංශයකි. බොහෝ දෙනා තම රටේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව හා එම ක්‍රීඩකයන් සම්බන්ධ තොරතුරු පිළිබදව වැඩි අවධානයෙන් සිටින පාඨකයන්ට සම්බන්ධ තොරතුරු ද මෙහි ප්‍රධාන තැනක් ලබා ගන්නා ලදි.

දිනපතා ප්‍රකාශනයට පත්වන රාජස්ථාන් පත්‍රිකාව අද වන විට ප්‍රාන්ත රාජ්‍යයන් 8ක සහ නගර 36ක පලවන ඉතාම ජනප්‍රිය පුවත්පතකි.  මෙම පුවත්පත එම සමාජය තුල ජනප්‍රියත්වය හා සාර්ථකත්වය නියෝජනය කරනු ලබයි. ඔවුනගේ රාජස්ථාන් පත්‍රිකාව ප්‍රකාශයට පත්වන ප්‍රදේශ ලෙස,

Jaipur                              Satna
Jodhpur                          Rewa
Sikar                               Raipur                                                                 
Sri Ganganagar             Bhilai
Udapur                           Bilaspur
Alwar                             Bastar
Bikaner                          New Dilhi
Banswara                      Chennai
Ajmer                            Banglore
Pali                                 Ahmedabad
Kota                                Surat
Bhilwara                        Kolkata
Bhopal                            Jagdalpur
Indore                             Hoshangabad
Gwalior                          Mondsaur
Jabalpur                         Hanumangarh
Ujjain                              Neemuch
Ratlam                            Chindwara District




රාජස්ථාන් පත්‍රිකාව සදහා හිමි වූ ඇගයීම්,

·   1.  Rastriya Bhoomi Jal Samvardana Puraskar National Water Conversation Award-            2010 ජාතික ජල සංරක්ෂණ සම්මානය
     2.  Moortidevi Puraskar -2011 –Of Bhartiya Jnanpith.
     3. National Media Award 2013 to Jaago Janmat Compaign-  හොදම ඡන්ද දැනුවත්               කිරීමේ සම්මානය හිමිකර ගන්නා ලදි.
·       යුනෙස්කෝව මගින් 5 වැනි ස්ථානයට වඩාත් සාර්ථක ප්‍රජා පුවත්පත වන බව වාර්තා කරන ලදි. ඒබීසී මගින් 2013 ජනවාරි-ජුනි අතර 3 වැනි ස්ථානයට විශාල පිරිසක් වැලද තෙන ඇති පුවත් පත වශයෙන්ද නම් කරන ලදි. 3 වැනි බොහෝ විශ්වාස පුවත්පත බීබීසී රොයිටර් පුවත්පත් සමික්ෂණය මගින් තහවුරු විය.


අද වන විට ඉතාමත් දියුණු තත්ත්වයේ පුවත්පතක් බවට පත්ව ඇත. එහි දී අදවන විට රාජස්ථාන් පත්‍රිකාව මගින් පවත්වාගෙන යන වෙබ් අඩවිය හේතු කොට ගෙන අද වන විට ඉතාමත් දියුණු තත්වයේ තොරතුරු ලබා ගත හැකි තොරතුරු සදහා ඉක්මණින් ලබා ගැනීම සදහා පාඨකයාට අවස්ථාව ලැබී ඇත.

රාධිකා දිසානායක


මෙක්සිකෝවේ ප්‍රණීත ආහාරයක් වූ කුහුඹුවන්

චිකටනාස් කුහුඹුවෝ

මැක්සිකෝ වැසියන් චිකටනාස් යන කුහුඹුවන් ප්‍රණිත කෑමකි. මොවුන් අවුරුද්දට වරක් පමණ පොළොවට පැමිණ දින දෙකක් පමණ ජීවත්වේ. එම නිසා මෙම දින දෙක තුල මැක්සිකෝවෙහි වැසියන් චිකටනාස් කුහුඹුවන්ගෙන් කුස පුරවා ගනී.
ග්‍රීස්මයේ පළමු වර්ෂාවට පසු ජුනි මාසයේ අවසානයෙහි පමණ පොළොවෙහි වැලි කැට මෙන් අහසෙහි දැකිය හැකි වන්නේ පියාඹන කුහුඹුවන්ය. මොවුන්ට මැක්සිකෝවෙහි වැසියන් දී ඇති නාමය වනුයේ චිකටනාස් යන්නයි. අලුයම උදාවන විට අහස රතට හුරු දුඹුරු පැහැයෙන් ගන්නා කුහුඹුවන්ගෙන් පිරීයයි. විශාල විනිවිද පෙනෙන තටු සහිත මස් පිරුණු උදරයක් සහිත කුහුඹුවන් අල්ලා ගැනීම ගම්මුන්ගේ සිහිනයයි. සමහරු චිකටනාස් ඇල්ලීමේ තරගද පවත්වති. සෑම වයස් කාණ්ඩයකටම අයත් පුද්ගලයෙකුටම මෙම කුහුඹුවන් අල්ලීම විනෝද ජනක ක්‍රීඩාවකි. මොවුන් මෙය හදුන්වන්නේ සල්සා ඩි චිකනටාස් ලෙසිනි.

චිකටනාස් පැමිණෙන්නේ දින දෙකකට සීමා වීම හේතුවෙන් එසේ පැමිණි චිකටනාස් බෝංචි හා සෝයා සමග එක්කර වසර පුරාවට තබා ගැනීමේ ක්‍රමවේදයක් පැරණි ගෘහණියන් සතුව පවතී. මැක්සිකෝවෙහි හොදම අවන්හල් හි චිකටනාස් සෝස් ඉතා ජනප්‍රියය. තටු ඇතුලුව කුහුඹුවන්ගේ සියලුම ශරීර කොටස් ටෝස්ට් කර අලිගැට පේර කොළ ටෝස්ට් කර ඊට අමු සුදු ලූණු, විශේෂ ගම්මිරිස්, ගිනිකදුවලින් ගන්නා කොටස් හා මිශ්‍ර කර සාදන සෝස් මැක්සිකෝවට පමණක් සුවිශේෂවේ. කෘමීන් ආහාරයට ගැනිමේ පුරුද්ද ඔවුන්ට පවතින්නේ මෙසෝ ඇමෙරිකානු යුගයේ සිටය.

ආහාර හිග කාලයන්හිදී මන්ද පෝෂණය වැළැක්වීමට චිකටනාස් කුහුඹු ආහාරය විශාල ශක්තියක් විය. ඒ උන් තුල ඇති ප්‍රෝටීන් වලින් හා රසයෙන් සරුසාර වීම නිසාය.

නිවෙස්වලට පමණක් සීමාව තිබූ කුහුඹු ව්‍යාංජනය අද වන විට සුපිරි ආහාර ශාලාවල ද සුපිරි කෑමකි. මිලද සුපිරිය. ඒ උන් අල්ලා ගත හැක්කේ වසරකට දින දෙකකදී වීම හේතුවෙනි. මැක්සිකෝවෙන් ඇරඹුණු කුහුඹු ආහාර දැන් ලෝපුරා ජනප්‍රියය. කජු, ආමන්ඩ් රසැති මේවා නිසා එම වර්ගයේ වෙනත් කුහුඹු විශේෂද දැන් වන විට කෑම මේස හැඩකර අවසන්ය.

අටා නම් ගණයට අයත් කොළ කපන්නා හෙවත් චිකටනාස් කුහුඹුවා තම ශරීරයෙන් මිනිසාගේ බඩ පුරවනවා පමණක් නොව මිනිසා ආහාරයට ගන්නා ශාක සරුකිරීමට පසෙහි සශ්‍රීක බව වැඩි කරන්නෙක් ද වෙති. අටා ගණයේ කුහුඹුවන්ගේ ඇති කජු වැනි රසය නිසා මැක්සිකෝ ආහාර රටාවේ චිකටනාස් කුහුඹු රසයට ඇත්තේ වැඩි ඉල්ලුමකි. දකුණු ඇමෙරිකාවේ ගෝත්‍රයක් වන ගෝනේ ගෝත්‍රිකයන් අටා වර්ගයේ කුහුඹ,ුවන් ආහාරයට ගනී. මෙක්සිකෝ ශබ්දකෝෂයේ චිකටනාස් යන වචනය භාවිතා කරන්නේ සොළොස් වැනි සියවසේ සිටයි. වර්තමානයේ කුහුඹුවන් කිලෝවක් පෙසෝ 400ක් පමණවේ.

කුහුඹුවන් ඇල්ලී විනෝදජනක ක්‍රීඩාවක් යැයි පැවසුවද සැබවින්ම උන් මිනිසුන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රචණ්ඩවේ. එයට මිනිසුන් සපා කන අතර සැලකිය යුතු අතර සැලකිය යුතු තරම් වේදනාවක් අත් විදින්නට සිදුවේ. කුහුඹුවන් ග්‍රීස්ම කාලයේ පළමු වැස්සට පසු ගුල් වලින් පිටතට පැමිණ අහස සිය රාජධානිය කරගන්නා තුරු මෙක්සිකෝ වැසියන් බලා සිටිති.

Sunday, July 2, 2017

ඇමෙරිකාවේ රහස් රකින පංචාස්‍රය (පෙන්ටගනය)

පෙන්ටගනය යනුවෙන් හදුන්වන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානයයි. මෙය පිහිටා ඇත්තේ වර්ජිනියා ප්‍රාන්තයේ Alington Country ප්‍රෙද්ශයේය. පෙන්ටගනය ඇමෙරිකාවේ හදවත බදුය. මෙහිදී සවැඩි අවධානයට ලක් වන්නේ පෙන්ටගනයේ අභ්‍යන්තරයේ සිදු වන මිනිස් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නොව මේ අතිවිශාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්බන්ධවයි. පෙන්ටගනයට ඒ නම ලැබෙන්නේ එය පංචාස්‍රයක හැඩයට නිමවා ඇති බැවිනි.  පළමු ලෝක  යුද්ධය පැවති සමයේ ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තුමේන්තුව ග්‍රෙගරි ගොඩනැගිල්ලේ පිහිටා තිබුණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු දේශපාලනය වඩාත් ශක්තිමත් වූ අතර ආරක්ෂක කටයුතු වඩාත් විධිමත් ලෙස පවත්වා ගෙන යෑමේ අවශ්‍යතා පාලනාධිකාරිය සාක්ෂාත් කරගත් බැවින් විධිමත් කාර්යාල පද්ධතියක් ඒ වෙනුවෙන් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ඇතිවිය. එවකට යුධ ලේකම්ව සිටි ෆ්රෑක්ලින් ඩී. රූස්වෙල්ට් මහතාට 1941 මැයි මාසයේදී ප්‍රකාශනයක් කරමින් ඉල්ලා සිටියේ ඇමෙරිකාවේ ආරක්ෂක ‍දෙපාර්තුමේන්තුවට ඉඩකඩ සහිත කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය බවයි. ඒ අනුව ඒ සදහා අලුත් ගොඩනැගිල්ලක් සෑදීමට යෝජනා වූ අතර ඉදිරිපත් කෙරුණු සැලසුම් අතර තිබූ පංචාස්‍රයක හැඩැති ගොඩනැගිල්ලකට අනුමැතිය හිමි විය. මේ සැලස්මට හිමිකම් කීවේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී George Bergstorm ය.


පෙන්ටගනයේ සැලස්ම ජනාධිපති රූස්වෙල්ට් ට ඉදිරිපත් කළ පසු එහි අන්තර්ගතව තිබූ පහසුකම්, ඉඩකඩ සහිත විශාල කොරිඩෝ සහ විදුලි දෝපාන පද්ධතිය මෙන්ම ආරක්ෂක පද්ධති මෙන්ම ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් ද ඉතා සතුටට පත් වූ ජනධිපතිවරයා එයට අනුමැතිය දුන් බවට බවද සදහනවේ. එමෙන්ම ගොඩගිල්ල නිර්මාණය සදහා ශක්තිමත් වානේ යොදා ගන්නා ලෙස ද ජනාධිපතිවරයා විශේෂ නියෝග ලබා දුන් බව ද සදහන්වේ.සැලසුම් අනුමත වූ පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ අතර ඉදිරිපත් කිරීම් භාරව කටයුතු කරනු ලැබුවේ පිඩෙල්ෆියා ප්‍රාන්තයේ John Mcshain සමාගමය. 1941 දී පෙන්ටගන‍යේ මූලික ඉදිකිරීම් තාක්ෂණයේ උපරිම උපක්‍රම භාවිත කිරීම මගින් මෙහි පාදම විශේෂයෙන් සකස් කරනු ලැබූ බවටද තොරතුරුවේ. නිෂ්පාදන සමාගමට පමණක් සකස් කිරීමට ප්‍රොටොමැක් නදියෙන් නදියෙන් වැලි ටොන් 680000ක් ලබා ගැනීමට සිදුවූ බව සදහන්වේ.
පෙන්ටගනය තවත් ප්‍රසිද්ධ වී ඇත්තේ ලෝකයේ විශාලතම කාර්යාල සංකීර්ණය පිහිටා ඇති ගොඩනැගිල්ල වශයෙනි. ගොඩනැගිල්ලේ සම්පූර්ණ භූමි ප්‍රමාණය වර්ග අඩි 65000000ක් වන අතර එහි කාර්යාල සදහා වෙන්ව ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 340000කි. සිවිල් වැසියන් මෙන්ම ආරක්ෂක අංශයේ සාමාජිකයන්ද ඇතුලු සේවකයෝ 23000 ක් පමණ පෙන්ටගනයේ දෛනික සේවයට එක්වෙති. පෙන්ටගනයේ සැලැස්මේ තවත් සුවිශේෂත්වයක් වන්නේ අතිවිශේෂත්වයක් වන්නේ අතිවිශාල කොරිඩෝ පහකින් සමන්විත වීමය. මේ ගොඩනැගිල්ලේ සමස්ත කොරිඩෝවල දිග කිලෝමීටර් 28.2ක් බව ගණන් බලා තිබේ. පෙන්ටගනයේ ඉදිකිරීම් 1943 ජනවාරි 15 වැනි දා අවසන් විය. ඉදිකිරීම් අවසන් වන විට මෙහි හෙලිකොප්ටර් අංගණයක්ද විශාල ජල නල පද්ධතියක්ද වෙලාව දක්වන අති නවීන ඔරලෝසු පද්ධතියක්ද අන්තර්ගත වී තිබිණි.

වසරින් වසර දියුණු තාක්ෂණය පැමිණෙන විට පෙන්ටගනය සැමට පෙර එවැනි තාක්ෂණික අංග එක් කර ගැනීමට කිසිවිටකත් පැකලීමක් දැක්වූයේ නැත. ඒ අනුව මේ වන විට පෙන්ටගනයේ අතිසංවේදී ආරක්ෂක කැමරා පද්ධතියක් සහ ආරක්ෂක උපක්‍රම රැසකින්ද සමන්විත වී තිබේ. ඒ කෙතරම් වුවද අල්ඛයිඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් 11 වැනිදා පෙන්ටගනයට සාර්ථක මරාගෙන මැරෙන ගුවන් යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ප්‍රහාරය වැළැක්වීමට අති දක්ෂ ඇමෙරිකානු ආරක්ෂක අංශවලට නොහැකි වූවද පෙන්ටගන් ගොඩනැගිල්ලේ ශක්තිමත් බව සහ එහි සැලැස්ම හේතුවෙන් ලෝක වෙළද මධ්‍යස්ථානයේදී මෙන් ආකර්ෂණිය විනාශයක් පෙන්ටගනයෙන් වාර්තා කිරීමට ත්‍රස්තවාදීහු අසමත් වූහ.

උපුටා ගැනීමකි.




දෙවියන් අතර අග්‍රගන්‍ය නර්තකයා (නටරාජා පිළිරුව)

නටරාජා පිළිරුව

හින්දු ඇදහීමේ හැටියට ශිව යනු දක්ෂ නර්තන ශිල්පියෙකි. ශිව ඇදහීම තුලින් තමා බලාපොරොත්තු වන ඉල්ලීම් ඉටුවන බව හින්දුන්ගේ විශ්වාසයක්වේ. ශිව හෙවත් නටරාජා(නටේකා) ලෙස හදුන්වන රූපය පල්ලව හා මෞර යුගවල අඹන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෝහමය හා සෙල්මුවා නටරාජා රූප ඉන්දියාව, ලංකාව, ඉන්දුනීසියාව වැනි රටවලින් ද හදුනා ගත හැකිය. මෙය නිර්මාණය කළ කලාකරුවාගේ නිර්මාණත්මක කුසලතාවන්ගෙන් යුක්තය. මෙහි කලාත්මක රූපය එකම රටාවට,ශිල්ප ක්‍රමයකට නිර්මාණය කිරිම සදහා එකල කලාකරුවා කෙතරම් දුරට තම දක්ෂතා අත්දැකීම් තුලින් නිර්මාණය කරගත්තා ද යන්න විශ්මය ජනකය. හිස, කද, ගාත්‍රා යන කොටස් සමබරතාවය රැකෙන පරිදි සෑම රූපයකම දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයකි. තවද නර්තන ශිල්පියෙකුට තිබිය යුතු බාහිර ශරීර ලක්ෂණ මෙම පිළිරුව තුලින් මනාවට දක්වා ඇත. නාසය දිගැටිව, පටු නළලකින්, ඉග සිහින්ව ඇගිලි දිගැටිව පැවතීම, ඇස් දිගැස්ව තිබීම වැනි ලක්ෂණ වලින් යුක්තව ඇත. ශිව තුන් ලෝකයටම නර්තනය දක්වන්නේ කෛලාසයේ සිටයි. මෙහිදී සියලු දෙවියන් ඔහු වට කරගෙන සිටී.
-         සරස්වතී වීණා වාදනයෙන්
-         ඉන්ද්‍ර බටනලා වාදනයෙන්
-         බ්‍රහ්ම තාලම්පටින් තාල තැබීමෙන්
-         ලක්ෂ්මි ගීත ගායනයෙන්
-         විෂ්ණු බෙර වාදනයෙන් සහය වෙයි.
මෙම ශිව මූර්තිය සකස් වීම ඉවහල් වූ ජනකතාවක් හදුනාගත හැකිය. මෙම  මූර්තිය නිර්මාණය කිරීමේ දී ජනකතාව මුල්කරගත් බව සිතිය හැකිය. ඉන්දියාවේ කරගම් නම් වනයෙහි දස දහසක් පමණ තවුසෝ විසූහ. ඔවුන් වෙනම ව්‍යාපාරයක් කරගෙන යන්නට වූහ. මෙහිදී ඔවුන්ට සත්‍ය පෙන්වීමට ශව ඉදිරිපත්විය. ශිවගේ සහයට විෂ්ණු ද ඉදිරිපත්විය. ශිව තෙමේ ම යෝගියෙකු ලෙසත් විෂ්ණු රූමත් කාන්තාවක ලෙසත් වෙස්වලා ගත්තේය. මොවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස පෙනී සිටිමින් කරගම් වනයට පිවිසියහ. මේ අතරසෘෂිවරයාගේ රූමත් බිරිදට මන්මත්ව කැළඹීමට පත්ව සිටියහ. මෙහිදී සෘෂිවරු ආගන්තුකයන්ට සාපයක් කරන්නට තීරණය ගත්හ. ඉන්පසු ඔවුන් හෝමන්තිය පිළියෙල කොට හෝමාන්තියට පනින්නටද එයින් මැරෙන්නට කටයුතු යෙදුහ. මුව මද සිනාවක් නගා ගත් ශිව ඉතා මුදු ලෙස වූ අල්ලා ගෙන සිය සුලැගිල්ලේ තියන් හම ගසා ඒ හම සිහින් සලුවක් සේ තම බද වටා ඔතා ගත්තේය. අනතුරුව සෘෂිවරු යෝගියා වෙත සර්පයෙකු එවූහ. ශිව සර්පයා අල්ලා මල්දමක් මෙන් ගෙල දවටා ගත්තේය. ඉනික්බිති සෘෂිවරු අනිභිෂණ කාල වර්ණ වාමනයෙකු මවා මහා පොල්ලක් අතට දී යෝගියා අභියසට යැවීය. ශිව කළේ වාමනයා තම පාදයෙන් පාගා ගෙන නටන්ට පටන් ගත්තේය. සෘෂිවරු පරාජයට පත්වී ශිව වන්දනාවේ යෙදුනාහ. දෙවියෝ මෙම නැටුම බලන්නට අවස්ථාව උදා කරගෙන ඇත. මෙම නැටුම ඉදිරිපත් කර ඇත්තේ කරගම් වනයේ ජිවක් වූ සෘෂි වරුන් ඉදිරිපිටය. ශේෂ නම් නාගයා ශිවත් විෂ්ණුත් සමග එහි ගොස් සිටියේය. ශේෂ යළිදු නැටුම් දක්වන මෙන් ශිවගෙන් ඉල්ලා අවුරුදු ගණනක් සමාම් කළේය. එසේ කළේ විෂ්ණුද අතහැර දමාය. විදම්බරම් හිදී යළි එම නැටුම නටන බව ශේෂට ශිව දැනුම් දුන් අතර විදම්බරම් ස්වර්ණ පීඨයේ දැක්වුනේ එම නැටුමයි.
ශිව දෙවියන්ගේ අවතාර 4ක් ගැන සදහන්වේ. එනම්,
-         සම්භාර මූර්තිය (විනාශ කිරීම)
-         දක්ෂිණ මූර්තිය (යෝගී වේෂයන්)
-         අනුග්‍රහ මූර්තිය (වරම් දිමේ වේෂයන්)
-          නෘත නර්තනය (නර්තනය දැක්වීමේ වේෂයන්)
විදම්බරම් දේවාලය ආශ්‍රිතව ශිව ලිංග නටරාජා පිළිමය හා තවත් පිළිම රාශියක් දක්නට ලැබේ. ශිව 108ක් නර්තන අවස්ථා දක්වන රූප දැකගත හැකිය.  ශිව සතු තාන්ඩව ලක්ෂණ කිහිපයක් හදුනා ගත හැකිය. ඒ
-         ආනන්ද තාන්ඩව (සතුටුවීම)
-         සන්ධ්‍යා තාන්ඩව (හවස්යාමය)
-         කාලීන තාන්ඩව (යක්ෂයින්, දුෂ්ටයින්, දමනය කිරීම)
-         ත්‍රිපුර තාන්ඩව (යක්ෂයන් ත්‍රිපුර දමනය)
-         සම්භාර තාන්ඩව (විනාශ කිරීම)
-         ගෞරී තාණ්ඩව (ගෞරී සමග නර්තනය කිරීම)
-         උමා තාණ්ඩව (උමා සමග නර්තනය කිරීම)
මෙම නටරාජා පිළිමයෙහි අත් සතරකි. මෙම අත්සතරෙන් විවිධ අර්ථයන් නිරූපනයවේ. එක් අතක ඇති උඩැක්කියෙන් විශ්වයේ මූලික දෙදරීමත්, අනෙක් අතෙහි ඇති ගිනි සිලුවෙන් මැවිල්ල හා විනාශයත්, තුන්වන අතෙහි අභය මුද්‍රාෙවන් සත්වයා බියෙන් නිදහස් කිරීමත් , පොළව දෙසට දිගු කරගෙන ඇති අතෙන් ගජහස්ත මුද්‍රාවත් නිරූපණයවේ. වම් පය ඔසවා ගෙන සිටින අතර දකුණු පයින් වාමනයෙකු පාගාගෙන සිටී.එයින් අවිද්‍යාව දුරු කිරීම පෙන්නුම් කෙරේ. දෙපසට විහිදී ඇති හිස කෙස් අතර නාගයෙකි. හිසෙහි පැළද සිටින ඔටුන්නෙහි හිස් කබලක්, අඩ සදක් හා කිදුරු රූපයකි. දකුණු කනෙහි ස්ත්‍රී කර්ණාභරණයකි. මනා ජවයෙන් යුක්ත වූ නර්තන විලාශයක් නිරූපනය කර ඇත.

මෙම මූර්තියේ ප්‍රකාශන ගුණයද රසවින්දනයට හේතුවේ. දේහ ලක්ෂණ, නර්තන ඉරියව්ව, සමබරතාවය, අවකාශය නිසි අයුරින් භාවිතා කිරීම, චක්‍රයක් ලෙස සමස්තය හසු කරගැනීම, තුළින් එහි ඇති වන සෞන්දර්යාත්මක ගුණය අගය කළ හැකිය. 

රාධිකා දිසානායක
කැළණිය විශ්ව විද්‍යාලය

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...