පෙන්ටගනය යනුවෙන් හදුන්වන්නේ ඇමෙරිකාවේ ආරක්ෂක
දෙපාර්තමේන්තුවේ මූලස්ථානයයි. මෙය පිහිටා ඇත්තේ වර්ජිනියා ප්‍රාන්තයේ Alington
Country ප්‍රෙද්ශයේය. පෙන්ටගනය ඇමෙරිකාවේ හදවත බදුය.
මෙහිදී සවැඩි අවධානයට ලක් වන්නේ පෙන්ටගනයේ අභ්‍යන්තරයේ සිදු වන මිනිස් ක්‍රියාකාරකම්
සම්බන්ධයෙන් නොව මේ අතිවිශාල ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්බන්ධවයි. පෙන්ටගනයට ඒ නම
ලැබෙන්නේ එය පංචාස්‍රයක හැඩයට නිමවා ඇති බැවිනි. පළමු ලෝක
යුද්ධය පැවති සමයේ ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තුමේන්තුව ග්‍රෙගරි ගොඩනැගිල්ලේ
පිහිටා තිබුණි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු දේශපාලනය වඩාත් ශක්තිමත් වූ
අතර ආරක්ෂක කටයුතු වඩාත් විධිමත් ලෙස පවත්වා ගෙන යෑමේ අවශ්‍යතා පාලනාධිකාරිය
සාක්ෂාත් කරගත් බැවින් විධිමත් කාර්යාල පද්ධතියක් ඒ වෙනුවෙන් ගොඩනැගීමේ අවශ්‍යතාව
ද ඇතිවිය. එවකට යුධ ලේකම්ව සිටි ෆ්රෑක්ලින් ඩී. රූස්වෙල්ට් මහතාට 1941 මැයි
මාසයේදී ප්‍රකාශනයක් කරමින් ඉල්ලා සිටියේ ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තුමේන්තුවට ඉඩකඩ
සහිත කාර්යාල පරිශ්‍රයක් අවශ්‍ය බවයි. ඒ අනුව ඒ සදහා අලුත් ගොඩනැගිල්ලක් සෑදීමට යෝජනා
වූ අතර ඉදිරිපත් කෙරුණු සැලසුම් අතර තිබූ පංචාස්‍රයක හැඩැති ගොඩනැගිල්ලකට අනුමැතිය
හිමි විය. මේ සැලස්මට හිමිකම් කීවේ ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පී George
Bergstorm ය.
පෙන්ටගනයේ
සැලස්ම ජනාධිපති රූස්වෙල්ට් ට ඉදිරිපත් කළ පසු එහි අන්තර්ගතව තිබූ පහසුකම්, ඉඩකඩ
සහිත විශාල කොරිඩෝ සහ විදුලි දෝපාන පද්ධතිය මෙන්ම ආරක්ෂක පද්ධති මෙන්ම ආරක්ෂක
පද්ධතිය සම්බන්ධයෙන් ද ඉතා සතුටට පත් වූ ජනධිපතිවරයා එයට අනුමැතිය දුන් බවට බවද
සදහනවේ. එමෙන්ම ගොඩගිල්ල නිර්මාණය සදහා ශක්තිමත් වානේ යොදා ගන්නා ලෙස ද
ජනාධිපතිවරයා විශේෂ නියෝග ලබා දුන් බව ද සදහන්වේ.සැලසුම් අනුමත වූ පසු ඉදිකිරීම්
කටයුතු ආරම්භ වූ අතර ඉදිරිපත් කිරීම් භාරව කටයුතු කරනු ලැබුවේ පිඩෙල්ෆියා ප්‍රාන්තයේ
John
Mcshain සමාගමය. 1941 දී පෙන්ටගනයේ මූලික ඉදිකිරීම්
තාක්ෂණයේ උපරිම උපක්‍රම භාවිත කිරීම මගින් මෙහි පාදම විශේෂයෙන් සකස් කරනු ලැබූ
බවටද තොරතුරුවේ. නිෂ්පාදන සමාගමට පමණක් සකස් කිරීමට ප්‍රොටොමැක් නදියෙන් නදියෙන්
වැලි ටොන් 680000ක් ලබා ගැනීමට සිදුවූ බව සදහන්වේ.

වසරින් වසර
දියුණු තාක්ෂණය පැමිණෙන විට පෙන්ටගනය සැමට පෙර එවැනි තාක්ෂණික අංග එක් කර ගැනීමට
කිසිවිටකත් පැකලීමක් දැක්වූයේ නැත. ඒ අනුව මේ වන විට පෙන්ටගනයේ අතිසංවේදී ආරක්ෂක
කැමරා පද්ධතියක් සහ ආරක්ෂක උපක්‍රම රැසකින්ද සමන්විත වී තිබේ. ඒ කෙතරම් වුවද
අල්ඛයිඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් 11 වැනිදා පෙන්ටගනයට සාර්ථක මරාගෙන
මැරෙන ගුවන් යානා ප්‍රහාරයක් එල්ල කළේය. ඒ ප්‍රහාරය වැළැක්වීමට අති දක්ෂ ඇමෙරිකානු
ආරක්ෂක අංශවලට නොහැකි වූවද පෙන්ටගන් ගොඩනැගිල්ලේ ශක්තිමත් බව සහ එහි සැලැස්ම
හේතුවෙන් ලෝක වෙළද මධ්‍යස්ථානයේදී මෙන් ආකර්ෂණිය විනාශයක් පෙන්ටගනයෙන් වාර්තා
කිරීමට ත්‍රස්තවාදීහු අසමත් වූහ.
උපුටා
ගැනීමකි.
No comments:
Post a Comment