අප රට තුල ළමා කාලය, ළමා මනස තීරණය
කරනුයේ ප්‍රධාන විභාග තුනකිනි. එහි මුල් අවස්ථාව වන්නේ 5 ශ්‍රේණියෙහි ශිෂ්‍යත්ව විභාගය. ශිෂ්‍යත්ව
විභාගය දෙමාපියන්ගේ විභාගයක් වන තරමටම අර්බුදයක් නිර්මාණය කොට හමාරය. උදෑසනම පාසල,
ඉන්පසුව රාත්‍රීය වන තෙක් පෞද්ගලික පන්ති වලට කාලය කා දම. දරුවන්ට හුස්ම ගැනීමටවත්
වෙලාවක් නැති තරම් වැඩය. එහිදී දෙමාපියන් දකින්නාවූ සුබ සිහිනය වන්නේ ජනප්‍රිය
පාසලකට දරුවාව ඇතුලත් කරගැනීම. එම සිහිනය සැබෑ කර ගැනීමට දරුවා නොමරා මරති. විභාගය
සමත් වූවා හෝ නොවූවා කෙසේ හෝ ඊළඟ ශ්‍රේණියේ සිට නැවත පෞද්ගලික පන්ති ගෙන යාම අරඹයි.
දරුවාද සිලබස් ගත ජීවිතයකට හුරුවෙයි. ඉන්පිට
දෙයක් කිරීමට දරුවාටද වෙලාවක් නැත. දරුවාට
දරුවාද අමතකව යයි. ඉරිදාට දහම් පාසල් යාමටවත් දරුවාට වෙලාවක් නැති තරමටම ටියුෂන්
පන්තිය. ඉන්පසුව බුද්ධධර්මයල සිංහල වැනි විෂයන් සඳහාද උපකාරක පන්තියේ සහය පතයි.
කෙසේ හෝ සාමාන්‍ය පෙළ විභාගය සමත් වන දරුවා ඉන්පසු ජීවිතයෙහි කඩඉම වන්නේ උසස් පෙළ
විභායගයයි. එහිදී වැඩියෙන් කටපාඩම් කළ හැකි අය දක්ෂයන් ලෙස සරසවියට යති. එතැනදී ද
කටපාඩමින් තම විභාග ජයගනිති. නමුත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය හීන වී ගොස්ය. අධ්‍යාපනයෙහි
මූලීක අරමුණු අතර හොඳ රැකියාවක් ලබාගැනීමේදී අධ්‍යාපන සහතිකයට වටිනාකමක් අද වන විට
හිමි නොවීමට හේතුව වන්නේ මෙම සිලබස්ගත අධ්‍යාපන ක්‍රමයයි. ඔවුන්ට ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී
ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.
ලෝකයත් සමඟ ඉදිරියට යාමේදී ගුණාත්මක අධ්‍යාපන
ක්‍රමය තුලින් බිහිවන ස්වාධින හා නිර්මාණශීලී මිනිසා ගැටලු රාශියකට පිළිතුරකි. අධ්‍යාපනයෙහි
මූලික අරමුණු වන දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය වත්මන් අධ්‍යාපන රටාව තුල අමතක කර
දමා ඇත. අධ්‍යාපනයෙහි උපරිම ඵල භුක්ති විදීමට නම් වර්තමාන අධ්‍යාපන රටාව වෙනස් වීම
අත්‍යාවශ්‍ය සාධකය. අධ්‍යාපනය තුල අවසාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් විභාග සමත්
දැනුමකින් යුක්ත පිරිසක් බිහි කිරීම නොව යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා විචාරශීලී
බුද්ධියකින් යුක්ත පිරිසක් අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි කිරීමයි.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment