පොළොන්නරු යුගයේ ප්‍රතිමා කලාව පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම කාල
වකවානුව අධ්‍යයනය කිරීමේදී ලංකාව තුල ඉතා සමෘද්ධිමත් කාල වකවානුවකි. එනමුත් පොළොන්නරු යුගය වන විට දේශපාලනික
වශයෙන් අස්ථාවර භාවයක් දැකගත හැකි විය. එහිදී විවිධ සංක්‍රමණ හා ආක්‍රමණ
දැක්විය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතුවක් වූයේ ලාංකික රාජ්‍ය තුල වූ සමෘද්ධියයි. මෙම කාලය වන විට කාලාව විශාල වශයෙන් පෝෂණය වී
තිබීම දැතගත හැකිය. නමුත් අනුරාධපුරය තුළ වූ සංයමයෙන් කලා ශිල්ප
තුළ නියැලී සිටිමක් දැක ගත නොහැකිය- මෙයට හේතුවක් ලෙස සංක්‍රමණ සහ ආක්‍රමණ විශාල
වශයෙන් සිදුවීමත් එමඟින් එම යුගයේ ශිල්පියාගේ මානසික වශයෙන් එම සංක්‍රම වල බලපෑම
හේතු වන්නට ඇත. ඒ කෙසේ වෙතත් පොළොන්නරු යුගය වන විට කලාව
පෝෂණයට හේතුවූ කරුණු කිහිපයක් අධ්‍යයනය කළ යුතුය. එනම්,
විජයාවතරණය මෙහිදී හේතු වූ සාධකයක් ලෙස දැත ගත හැතිය. එහිදී විජය කුමරු සමඟ 700 පිරිස ලංකාවට ගොඩබට බවත්, ඉන් අනතුරුව ඔහුට විවාහ කර ගැනිම සඳහා
ඉන්දියාවෙි සිට ලංකාවට භද්දකච්චායන කුමරිය හා දෙතිසක් ස්ත්‍රීන් පිරිවරා ගෙන මෙහි
පැමිණ ඇත. මේ සියලුම දෙනා අතර විවිධ ශිල්පීය හැකියාවන්
ඇති පිරිස් සිටින්නට ඇතැයි අනුමාන කරයි.
මහින්දාගමනයත් සමඟ කලා ශිල්ප වඩ වඩාත් පෝෂණය විය. මෙහිදී ඉන්දියාව හා ලංකාව අතර සම්බන්ධතාව
දියුණුවන්නට ඇත.එහි වූ විවිධ ලක්ෂණ ලංකාවෙහි කලා ශිල්පයන්ට
එකතු වන්නට ඇත.
බුදු දහම ලංකාවට පැමිණිමත් සමගාමීව, ශ්‍රී මහා බෝධිය රැගෙන ලංකාවට පැමිණි සංඝමිත්තා තෙරණිය සමඟ දහ අට
කුලයක පිරිස පැමිණ ඇත. ඔවුන් අතර විවිධාකාර හැකියාවන්ගෙන් යුත්
ශිල්පීන්ගෙන් සමන්විත වන්නට ඇත.එයද ලංකාවෙි කලා ශිල්පයේ පෝෂණයට හේතු වූ ප්‍රධාන
සාධකයක් ලෙස සැලකිය හැකිය.
ලංකාව හා වෙනත් රටවල් අතර වූ මිත්‍ර සබඳතා, චෝල, පාණ්ඩ්‍ය, කේරල වැනි ප්‍රදේශ වලින් පැමිණි ද්‍රවිඩයෝ වරින් වර ලංකාව පාලනය
කිරීමත් ඔවුන්ගේ කලාව,ව්‍යවහාරයන් ආදී වු දේවල් ලාංකීය ජන
සමාජයට මුසු වන්නට ඇත.
මේ ආකාරයෙන් ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ නව්‍ය වූ ශිල්ප ඥානයකින් පෝෂණය
වන්නට ඇත. නමුත් පොළොන්නරු යුගය වන විට ආක්‍රමණ විශාල
වශයෙන් සිදුවිය. එම නිසා අනුරාධපුර යුගයේ තරම් සාර්ථක කලා කෘති
පොළොන්නරු යුගයෙන් සොයා ගැනීමට නොහැකිය. සාර්ථක කලා නිර්මාණයක් පසුපසම නිරවුල්
මනසක් හා මනා සංයමයක් දැක ගත හැකිය. නමුත් අනුරාධපුර සමාධි පිළිමය නෙලා
ඇති සංයමය පොළොන්නරුවෙි කිසිදු නිර්මාණයක් තුලින් දැකගත නොහැකිය. මෙහිදී පැහැදිලි වන එත් කරුණක් නමි පොළොන්නරු
යුගය වන විට මෙම යුගයේ ශිල්පියා තුළ වු ව්‍යකූලත්වය මනාවට පැහැදිලිවේ. පොළොන්නරු යුගයේ ප්‍රතිමා කලාව අධ්‍යයනයේදී
අනුරාධපුර යුගයේ තරම් සාර්ථක කලාත්මක නිර්මාණ දැක ගත නොහැකිය. අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව තුල වූ ශාන්ත,
සංවර ආකාරයෙන් පිළිම නෙලීම තුලින් එම යුගයේ කලා
ශිල්පියා සතුවූ මානසික නිරවුල්භාවය මනාවට පැහැදිලිවේ. පොළොන්නරුව තුළින් දැකගත හැකි වන්නේ කළබලකාරී බවකි. ඒ අනුව මෙම යුගයේ ප්‍රතිමා අධ්‍යයනයේදී එම
සමාජ පරිසරය සම්බන්ධව යම් යම් තොරතුරු අනාවරණය කරගත හැකිය-මෙි අනුව පොළොන්නරු
යුගයේ ප්‍රතිමා අධ්‍යයනයේදී එහි ප්‍රධාන කොටස් 2ක් හදුනා ගත හැකිය. එනම්,
1 බුද්ධ ප්‍රතිමා
2 වෙනත් ප්‍රතිමා වශයෙනි-
මෙහිදී බුද්ධ ප්‍රතිමා අධ්‍යයනයේදී පොළොන්නරු යුගය තුළ වැදගත් ප්‍රතිමා
කිහිපයක් හදුනා ගත හැකිය.
එනම්,
1 ගල් විහාරයේ බුද්ධ ප්‍රතිමා
2 වටදාගෙයි බුද්ධ ප්‍රතිමා
3 තිවංක පිළිමගෙයි හිටි පිළිමය යනාදී වශයෙනි.
ගල් විහාරය හෙවත් උත්තරාරාමය පොළොන්නරු යුගයට අයත් බුද්ධ ප්‍රතිමා 4ක් දැකගත හැකිය. මෙහිදී තුන් ඉරියවිවකින් යුතු පිළිම 4 ක් මෙහිදී දැක ගත හැකිය. එනම් හිඳි පිළිම 2ක්, හිටි
පිළිමයක් සහ සැතපෙන පිළිමයකි. 12 වන සියවසේ දී මහා පරාක්‍රමබාහු රජතුමා
විසින් කරන ලද්දකි. තනි කළු ගලෙන් නෙලා ඇති මේ පිළිම හතරම නෙලා
ඇත්තේ ගලේ ස්වාභාවික හැඩයට ගැලපෙන අයුරින්ය. ගල් විහාරයට පිවිසීමෙි දී පලමුව හමුවන්නේ හිදි පිළිමයකි, ඊළඟට ගලෙහි හෑරූ ගුහාව (විජ්ජාධර ගුහාව) තුල
පිහිටි හිඳි පිළිමයක් ද නැවත හිටි පිළිමයක්ද කෙලවරේම සැතපෙන පිළිමයක්ද වේ.
ඉහත සඳහන් පරිදි පළමුවෙන්ම ඇති හිදි පිළිමය ධ්‍යාන මුද්‍රාවෙන් යුතුව
වීරාසන ක්‍රමයෙන් වැඩ සිටී. ආසනයේ ලම්භකාරව යෙදූ බොරදම් මෝස්තරයක් වන අතර
කොටස් වලට බෙදා අල්ප උන්නතව නෙළු සිංහ රූප හා වජ්‍ර රූපවලින් සරසා ඇත. මේ හිඳි ප්‍රතිමාවේ
මුහුණ ස්වාභාවික තත්වයෙන් තොර වන අතර නාසය ප්‍රමාණයට වඩා දිගයෙ. දෙනෙත් කුඩා වන අතර ගල් විහාරයේ අනෙකුත් ප්‍රතිමාවන්ට
පොදු වූ දෙකින් දෙක සමාන්තර වූ රැලි මෙම ප්‍රතිමාවේ ද වේ. බුදු ශීර්ෂයේ පිටුපස අශ්ව ලාඩමක හැඩැති ප්‍රභා මණ්ඩලයක් වන අතරම
පිළිමය පිටුපස තොරණක් බදු කොටසක්ද වේ. එහි ඇති මැදින් වක් වූ හරස්
බාල්කයන්හි කෙලවර මකර හිස් කැටයම් කර ඇති අතර දෙපස ඇති කැටයමි යෙදූ සිරස් ගල් කණු
උඩ විමාන දක්වා ඇත. ගල් කණුවලින් පිටතට විහිදෙන මකර හිස් 3ක් බැගින් ඇති අතර එකී මකර කටවල් තුලින්
සිංහයෙකු බැගින් තැටයම් කොට ඇත. කණු දෙකට ඉහලින් ඇති විමානයන් තුළ හිඳි බුදු
රුව තුළ ඇත. ඉන්දුනීසියාවෙි සුලවාසී ලෝහ බුද්ධ ප්‍රතිමාවද,
බුද්ධගයාවේ. පුරාවිද්‍යා කෞතුකාගාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව ද සමභංග, මහා පුරුෂ ලක්ෂණ, ශරීරයට ඇලුණු සිනිදු සිවුර ශරීරය විනිවිද පෙනීම හා පොළොන්නරු යුගයේ
බුදු පිළිම වල සිවුරෙහි වූ රැලිවලට සමානය. තවද ඉන්දියාවේ කජුරාවෝහි දක්නට ඇති බුද්ධ ප්‍රතිමාවල ශීර්ෂය ප්‍රභාමණ්ඩලයක්ද
ශීර්ෂ ප්‍රභාමණ්ඩලයක්ද තිබේ. එමඟින් පොළොන්නරුව පිළිබඳව අවබෝධයක් මෙමඟින්
ලැබෙන්නට ඇත. තවද ඉන්දුනීසියාවේ විවිධ ප්‍රතිමාවල ප්‍රභාමණ්ඩලය
බෝ පතක හැඩයක්ද උරහිස දෙපස මකර රූපවලට සම කල හැකි රූපද ආසනය දෙපස සිංහ රූප දෙකක්ද
දැකගත හැකිය. සිවුර විනිවිද දිස්වන සේ සිවුර ඇලුණු සේ ඇති
මෙම පිළිම ගල් විහාරයේ පිළිමයට සමාන බවක් දක්වයි. තවද මෙම පිළිමය වටා ඇති මකර තොරණ මථුරා ශිල්පීන්ට සමාන බවක් දක්වයි.
දෙවනුව ඇත්තේ විද්‍යාධර ගුහාවේ බුදු පිළිමය නිර්මාණය කොට ඇත්තේ
ගුහාවක් සෑදෙන සේය. මෙම බුද්ධ ප්‍රතිමාවෙි මුහුණ අනුරාධපුර යුගයේ
සමාධි බුද්ධ ප්‍රතිමාවට සමානය. සමාධි ඉරියවිවෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවක්
වන මෙම පිළිමය දෙපස චාමරධාරීන් දෙදෙනෙකුද නෙලා ඇත- වමිපසින් බ්‍රහ්ම රුපයද දකුණින්
විෂ්ණු රූපය ද දර්ශනය වන බව දැක්වේ. ප්‍රතිමාවට ඉහලින් ඡත්‍රයක් වන අතර ව්‍යාඝ්‍ර
හා සිංහ රූප ආශ්‍රයෙන් නිර්මාණයවූ කල්පිත රූපයක්ද වේ. මෙය අනුරාධපුර සමාධි පිළිමයේ මුහුණට සමාන හෙයින් මේ සඳහා ගුප්ත කලා
ආභාෂය ද ලැබී ඇති බව දැක ගත හැකිය. මේ පිළිමය නෙලීමේදී චීන ආභාෂය ලැබී
තිබේ. යැයි විචාරක මතයක්වේ. මේ නිසා පොළොන්නරු යුගයේදී පිළිම සංකීර්ණ ශිල්පී ධර්ම අනුගමනය කර
නිම වන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. මෙි පිළිමයේද ආසනයේ වජ්‍රය හා සිංහ
රූප කැටයමි කර ඇත. මේ සදහා මහායාන සංකල්ප බලපා ඇති බවද දැකගත
හැකිය. නමුත් මෙම යුගය තුළ ශිල්පීන් තුළ අනුරාධපුර
යුගයේ බුදු පිළිමවල තිබෙන්නාවූ සරල, චාමි
ගුණ,ගැඹුරු භාවමය ප්‍රකාශන ශක්තිය මෙම
යුගයේදී ඉවත් කොට මහේශාක්‍ය ගුණය, සිවුරු
හැඩ කරන්නට කල බාහිර අලංකරණය ද බුදු පිළිමවල පසුතලය ගැන දැඩි අවධානයක් යොමු කර ඇති
අතර තොරණත්, වල් විදුනාවක් සලන්නවුන් නිසාත් බුද්ධ
ප්‍රතිමාවේ වටපිටාව අලංකරණයත් හේතු කොට ගෙන පොළොන්නරුවෙහි ශිල්පීන් රසකාමී හැගිමි
වලින් දියුණු වූ පිරිසක් වන වග මෙම ප්‍රතිමාව මගින් හෙලිවේ.
විද්‍යාධර ගුහාවේ පිළිමයට වමි පසින් ඇත්තේ හිටි පිළිමයක් වන මෙම පිළිමය
ආනන්ද ප්‍රතිමාව යැයි ඩී.ටී. දේවේන්ද්‍ර, එස්.එමි.බරෝස් වැන්නන් පවසති. මෙසේ හැදින්වීමට හේතු වශයෙන් ඉදරිපත් වී ඇත්තේ
මුහුණේ වූ දුක්මුසු ස්වභාවයක් පිළිඹිබු වීමත්, දෑත පපුව සරසා තිබීමත්, සැතපෙන
පිළිමයේ හිස අද්දර තබා තිබීමත්ය.
නමුත් පසුව හමුවූ සාධක මගින් මෙය බුද්ධ
ප්‍රතිමාවක් බව තීරණය විය. මෙහි මුහුණෙන් ගම්‍ය වන්නේ දුක් මුසු
ස්වභාවයක් නොවන බවත් සියලු සම්භාධක දුරලූ සියල්ල ජය ගත් බවත්ය. හිටි පිළිමයේ පපුව හරහා දෑත් බැදගෙන සිටීමෙන්
පරදුක්ඛදුක්ඛිත මුද්‍රාව නිරූපණය වන බවත් බුද්ධ චරිතයේ සත්සතිය නිරූපණයේදී දෙවන සතිය
දැක්වෙන අවස්ථාවල සාදා ඇති ප්‍රතිමා තුල ද මෙම මුද්‍රාව යොදාගෙන ඇත. තිවංක හැඩයකින් නෙලා ඇති මෙි හිටි පිළිමයේ
මුහුණේ හැගීමි ප්‍රකාශනය ඉතා විශිෂ්ඨය.
හිටි පිළිමයට වමි පසින් ගල් පවිවෙි කෙලවරෙහි ඇත්තේ සැතපෙන පිළිමයකි. අඩි 46යි අඟල් 4ක් දිග මේ ප්‍රතිමාවෙන් දැත්වෙන්නේ
සමිබුද්ධ පරිනිර්වාණය වන බවයි.
ඒ නිගමනයට එළඹෙන්නේ මෙම සැතපෙන පිළිමයේ
වමි පාදයට වඩා කෙටි බැවිනි. මෙම පිළිමයේ දකුණු බාහුව තරමක් මහතට නිමවා ඇති
අතර වමි බාහුව තරමක් අපහසු ඉරියවිවකින් නිමවා ඇත. හිසේ බරට හිසට තබා ඇති කොටිටය ඇතුලට එබුණු ආකාරයකින් නෙලා ඇත. කොටිටයේ වෘත්තාකාර මුහුණතේ නෙළුමි මල්
කැටයමකින් යුක්තය.
ගල් විහාරයේ ඇති මෙි පිළිම හතරේම
සිවුරේ රැලි දෙකෙන් දෙකට දක්වා ඇති අතර කමිමුල් පිරුණු ස්වරූපයකින් යුක්තය. තවද ගල් විහාර කර්මාන්තයේ දී අනුගමනය කල
පිළිවෙතක් ලෙස චීවරයේ නැමුමි දැක්වීමෙිදී සමාන්තර රේඛා දෙකක් බැගින් යෙදීමයි. මෙබදු පිළිවෙතක් බිහාරයේ හා බෙංගාලයේ ක්‍රි-ව- 8 වන ශත වර්ෂයේ දී පාල යුගයේ ප්‍රතිමා වලින්
දිස්වන බව දක්වයි.
එමගින් මෙම යුගයේ ශිල්පීන් ඉහත රටවල්
සමග සමිබන්ධතා පවත්වා ගෙන ගොස් ඇති බවටද මතයන්දවේ.
පොළොන්නරුව වටදාගෙයි මැද චෙත්‍යයට පිටුපා දොරටු සතරට මුහුණලා ඇති
හිඳි පිළිම සතරට මුහුණලා ඇති හිඳි පිළිම හතරකි. මේවා ක්‍රි.ව.12 වන
සියවසට අයත්වේ.
ශෛලමය ආසනයක් මත වැඩ හිදින මෙම පිළිම
හතර ධ්‍යාන මුද්‍රාවෙන් යුක්තය. මේ ප්‍රතිමාවන්හි චීවරයේ රැලි ගල් විහාරයේ
රැලි මෙන් නොව අනුරාධපුර සමාධි පිළිමයේ රැලිවලට සමානය. එනමි මෙම වකවානුව තුළ ගුප්ත කාලීන ලක්ෂණ මිශ්‍ර වී ඇති බවයි. චෝළ සමිප්‍රදායට ද නෑකමි කියනු ලබන මෙම ප්‍රතිමාවේ
මුහුණු වලින් උපශාන්ත ගුණය නිරූපනය වන සේ නෙලා තැබීම ඒ පිළිම නෙලූ ගල් කැටයමි
ශිල්පියගේ දක්ෂතාව විදහා දක්වන්නකි. තවද මෙම පිළිම තුල හිස් මුදුනට ගෑවෙන
ආකාරයට යමි කිසි හිස්වැසුමක් පැළදගෙන සිටින ආකාරයක් දැකගත හැකි බවත් එවැනි හිස්
වැසුමි පැළදි පිළිම උතුරු භාරතයේ මංකුවර් නමි ස්ථානයෙන්ද ලැබී තිබීම හේතුවෙන් ඒ
සමඟ සබඳකමක් පෙන්වයි. මේ අනුවද අපට පැහැදිලි වන එක් කරුණක් නමි මෙම
කාලය වන විට බොහෝ ආක්‍රමණ හෝ සංක්‍රමණ හෝ යමි කිසි ආකාරයකට එම යුගය තුළ කලා
නිර්මාණ අන් රටවල් තුළින් පෝෂණය වූ බව මෙහිදී හොදින් පැහැදිලි වේ.
මෙි සමඟම අපගේ අවධානය යොමු වන තවත් ස්ථාන වශයෙන් තිවංක පිළිම ගෙය හා
අටදාගෙය හදුන්වාදිය හැකිය. ඒ අතරින් සුවිශේෂි ස්ථානයක් ගන්නා පිළිමයක්
ලෙස තිවංක පිළිම ගෙයි ඇති හිටි පිළිමය හදුන්වා දිය හැකිය. අඩි 18ක් උස මේ පිළිමය තිවංක හැඩයකින් යුතුයෙ. (තිවංක යනු බෙල්ල, ඉණ, දණ යන තැන්වලින් නැමී ඇති නිසාය) මෙම
පිළිමය සඳහාද දකුණු ඉන්දීය බලපැම ලැබී ඇත. මෙවැනිම වූ තවත් ස්ථානයක් ලෙස පොළොන්නරුව අටදාගෙය ද හදුන්වාදිය
හැකිය. මෙම ස්ථානයද වෙනත් සංස්කෘතීන් මිශ්‍ර වූ කදිම ස්ථානයකි. දෙමළ සෙල්ලිපියකට අනුව පොළොන්නරුවේ අටදාගෙයි
ඇති බුදු පිළිම හා අනෙකුත් සියලුම හුණු ගලින් කරන ලද බුදු පිළිම වල සිවුර පෙන්වා
දී ඇත්තේ අමරාවතී සමිප්‍රදායට අනුවයි- ඒ වගේම එම ප්‍රතිමාවල අත්ද දක්වා ඇත්තේ
අමරාවතී සමිප්‍රදායට අනුවයි. මේ අනුව අපට පෙනී යන්නේ පොළොන්නරු යුගය තුළ
බොහෝ සමිප්‍රදායන්හි සම්මිශ්‍රණයක් සිදුව ඇති බවය.
බුදු පිළිම වලට අමතරව මෙම යුගය අයත් බෝසත් රූප, දේව රූප
බොහෝ ගණනක් පොළොන්නරුව තුලින් සොයා ගෙන තිබේ. ඒවා ගලින්, රන්, රිදී, ලෝකඩ ආදි ලෝහ වලින් ද හුණුගල්
බදාමයෙන්ද මෙිවා නිමවා ඇත. එවැනි පොළොන්නරු යුගයට අයත් වෙනත් ප්‍රතිමා
පිළිබඳව සලකා බැලිමේදි,
1 පරාක්‍රමබාහු යැයි සැලකෙන ප්‍රතිමාව
2 ශිව පාර්වතී මූර්තිය
3 නටරාජ මූර්තිය
4 පාර්වතී මුර්තිය යනාදිය හදුන්වා දිය හැකිය.
පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය අසල පොත්ගුල් විහාරයට උතුරින් පිහිටි
ගලෙක නෙලා ඇති පිළිමයකි.
මෙහි උස අඩි 12ක් පමණ වන අතර හිසේ මකුටයක්ද, අඩක්
පිය වූ දෙනෙත්, පුළුල් නලල තලයකින්ද, පුළුල් නහයකින්ද යුතුව උඩු රැවුල කට දෙපසින්
වැටෙන ආකාරයට දක්වා ඇත. යටි රැවුල පපුව දෙසට වැටෙන ආකාරයට දක්වා ඇත. නිරුවත් උඩුකය ආභරණවලින් තොරය. උදරයෙන් පහලට එල්ලා වැටෙන පූන නූලකි. දෙඅත් පුස්කොළ පොතක් වැන්නක් දරාගෙන සිටියි. සිරුරේ යට කයට ඇඳ ඇත්තේ දෝතියක් වැනි ඇදුමකි. ගල් විහාරයේ ප්‍රතිමාවල චීවරයේ යොදා ඇති
අයුරින් මෙි දෝතියේද රැලි දක්වා ඇත්තේ දෙකින් දෙක සමාන්තරවයි. මෙම රුව කවුරුන් දැයි හෙලිකරන අය අතර පරණවිතාන
මහතා පරාක්‍රම ප්‍රතිමාව බවත්, තවත් සමහරෙක් මෙය පුලස්ති ඍෂිවරයා බවද
අදහස් දක්වයි. ලංකාව තුල මුල සිට බෞද්ධ රටක් වුවද බ්‍රාහ්මණ
පූජකයන්ගෙන් රජුට උපදෙස් දෙමින් දේශපාලනයට සමිබන්ධ වූ අතර රජවරුද ඔවුනට සිය අනුග්‍රහය
නොඅඩුව ලබා දුන්හ.
පොළොන්නරුවේ විසුවේ පුලස්ති නමි
ඍෂිවරයෙකු බවත් ඔහු ප්‍රදේශ පාලනයට ද සමිබන්ධ විය.ඒ අනුව මෙම පිළිමය පුලස්ති ඍෂිවරයාගේ බව දක්වයි. මෙම පිළිමය තුළ වූ උඩු රැවුල තුලින් චීන
සංස්කෘතික ලක්ෂණ සම්මිශ්‍රණයක් වී ඇතැයි මතයක්ද වේ.
මෙම කාල වකවානුව වන විට බොහොමයක් ආක්‍රමණ ද්‍රවිඩ ආක්‍රමණ විය. ලාංකික රජවරු රාජ්‍ය අතහැර සැගවිණී. එහි ප්‍රතිඵලය වශයෙන් ඔවුන්ට අවශ්‍ය ආගමික
ස්ථාන, ප්‍රතිමා ආදිය ඉදිකර ගන්නා ලදි. පොළොන්නරුව යුගය තුල අනුරාධපුරයෙහි දක්නට
නොලැබෙන බොහෝ නටබුන් අතර ද්‍රවිඩ නටබුන් දැකගත හැකිය. මෙම නටබුන් අතර වූ ශිව පාර්වතී මුර්තිය මෙහිදී දැකගත හැකිය. මෙම මූර්තිය මගින් මෙරට ද්‍රවිඩ සම්භවයක් වූ
බවට සාධක වශයෙන් හදුන්වා දිය හැකිය. මෙහිදී ග්‍රීක මූර්තිවල වූ ඇපලෝ වීනස්
මෙන් ශිව පාර්වතී නිර්මාණය වී ඇත. පුරුෂ ශක්තියත්, ස්ත්‍රි ලාලිත්‍යයත්, ආලයත්
මෙි මූර්ති වලින් මූර්තිමත් වන බව බොහෝ දෙනාගේ අදහසයි. පාර්වති ශිවගේ පතිනිය වූවාය. පොළොන්නරුවේ ලෝකඩ මූර්ති වල අභිනයෙන් යුත් රිද්මය නිසා අනෙකුත්
මූර්ති වලින් වෙන්වී පෙනීම විශේෂයක් වේ. ශරීරය වැසෙන තරමට ඇති ආභරණ ද විවෘත
දෙනෙතද මෙහි දැකගත හැකිය- මෙම මූර්තිය මගින් ඉන්දියාවේ කජුරාවෝ හා කොනැක් මූර්ති
සිහිගන්වන බව විද්වතුන්ගේ මතයි.
නටරාජ මෙම යුගයේ දැක ගත හැකි ද්‍රවිඩ මූර්ති ගණයට අයත් නිර්මාණයකි. නටරාජා යනු ශිවගේ නර්තන විලාශය වන බවයි. ශිවගේ නර්තනයෙන් විශ්වයේ චලනය සංකේතවත් වන බව
විචාරක මතයයි. පංච විධ ක්‍රියාවන් වන මැවීම, වැසීම, රැකීම, මුදවීම, මූර්තිමත් කිරීම සංකේතවත් වන බව ද මතයකි. නටරාජා මූර්ති රාශියක් පොළොන්නරුවෙන් සොයා ගෙන ඇත. එමඟින් මෙම කාලය වන විට නටරාජ යනු එම යුගය තුළ
සැලකිල්ලට පත් වූ මූර්තියක් බවයි.
මෙම ප්‍රතිමාව ලෝකඩ වලින් නිර්මිතය. මෙම මූර්තියෙන් සංකේතවත් වන සංකේත රාශියකි-
මෙම සංකේත දේව කතා ආශ්‍රය කරගෙන නිර්මාණය වූ ඒවා විය. එහි එක් කතාවකට අනුව කාලි දේවිය පිදුමි ලැබූ සිදමිබරමි දේවස්ථානයට
පැමිණි ශිව දෙවියන් කාලි දේවියගෙන් එහි නවාතැන් ගැනීමට අවසර පැතීය. මුලදී එයට අකැමැති වූ කාලි දේවිය පසුව
දෙදෙනාගෙන් ජය ගන්නා කෙනාට කෝවිල අයිති විය යුතු බවට ගිවිසුමකට එළඹ තරඟයට නටන්නට
විය. එකිනෙකා නොදෙවනි වන්නට තරඟකාරී නැටුමක්
දෙදෙනාම නැටූ අතර අවසානයේදී විලි බිය නිසා කාලි දෙවඟන නොනටන නැටුමක් නැටීය. එමඟින් ශිව ජයග්‍රහනය කරන ලදි. වමි පයෙන් හිටගෙන දකුණු පය හරි කෙලින් හිස
දක්වා ඔසවා වමි පසින් පයින් පමණක් නටන නැටුමක් ශීව දෙවියන් නැටීය. ඒ ජයග්‍රහණය තුළින් ශිව දෙවියන්ට සිදමිබරමි
කෝවිල හිමිවිය. නටරාජා යනුවෙන් හැදින්වූයේ මේ අයුරින් කාලි
දේවිය පරදවා ජයග්‍රහණය කල නිසාය. එම ප්‍රතිමාව තුලද මූර්තිමත් කර ඇත්තේ නර්තන
විලාෂයක් දක්වා ඇත්තේ මෙම හේතුව නිසාවෙනි. මොහු වටා ඇති සංකේත වලින් නරූපනය වන අර්ථ පිබඳව විමසීමේදී,
මෙම රුව වටා ඇති ගිනි සිළු සහිත වලල්ලෙන් සංකේතවත් වන්නේ ශිව
දෙවියන්ට මහබඹු කළ ශාපයක් වන දැවෙන
පොළොවේ හෝ සුසාන වල ජීවත් වන බවයි.
උඩැක්කිය මගින් ජයග්‍රහණය, ලෝකය මාවීම සංකේතවත් කිරීමත්, භයංකාර බව ප්‍රකාශ කිරීම ද මෙමඟින් සංකේතවත් වන බවයි.
ශිව දෙවියන් මහා බ්‍රහ්මයාගේ හිස සිදු බව සංකේතවත් කිරීමට හිස සිඳු
බව සංකේතවත් කිරීම සදහා හිස කබලක් දක්වා ඇත. අතෙහි ඇති බදුනෙන් සිඟන්නෙකු ලෙස ශාප ලැබ දුක් විදින බව දක්වා ඇත. නලලෙහි ඇති 3වන ඇස මගින් ඥානවන්ත බව හා විනාශකාරී බව සංකේතවත්වේ.
කකුලෙන් පාගාගෙන සිටින්නේ මුයලගම නම් අපස්මාර රෝගියෙකි. මෙමගින් මුනිවරු ශිව දෙවියන් මැරීමට ගත්
උත්සාහය සංකේතවත් වන අතරම, එමඟින් නඩත්ත නැටුමද දැක්වේ.
මෙය අවිද්‍යාව හෙවත් මායාවේ හා අධර්මයේ සංකේතයයි. සිරුරේ නාග රූප දැක්වීමෙන් නාගයන්ට අධිපති බව
පෙන්වයි. වම් අතේ ඇති දණ්ඩහස්ත මුද්‍රාවෙන් දඩුවම් දීම
සංකේතවත්වේ. දකුණු අතේ ඇති අභය මුද්‍රාවෙන් ජීවිත දානය දෙන
බැව් අදහස් කෙරේ.
විනාශය සංකේතවත් කිරිමට අතේ
ගිනිසිළුවක්වේ.
රඟන විට විහිදෙන හිසකෙස් දෙපසට ඉහිරී
ගොස් ඇත. ඉණේ, දෙඅතේ හා දෙපාවල ද කනේ ද ආභරණ පැළද ඇත.
විවිධ ප්‍රමාණයෙන් නිර්මාණය වූ නටරාජා ප්‍රතිමා රාශියක් මෙම වකවානුව
තුළ ලැබී ඇත.
පොළොන්නරු යුගයේ හින්දු කෝවිල් හා
මූර්ති බොහොමයක් නිර්මාණය වූයේ පස්වන මිහිඳු රජුගේ එකොළොස්වන වර්ෂය සහ විජයබාහු
රජුගේ රාජ්‍යකාලය අතරතුරදීය.
පොළොන්නරුව යුගයේ නෙලන ලද පිළිම ගුරු කොට ගෙන ඇත්තේ ඉන්දියාවේ
පිරිහුණු ද්‍රවිඩ මූර්ති කලා සම්ප්‍රදාය බව පෙනේ. මෙම යුගය තුළ වූ ආක්‍රමණ මගින් කලා ශිල්ප තුළ දියුණුවක් දැක ගත හැකි
අතර එහිදී හින්දු ආගම ලංකාව තුළ පැතිරීම පැහැදිලිවම දැක ගත හැකිය. භාරතීය බලපෑම කේන්ද්‍රකර ගත් දෘෂ්ටිකෝණයෙන්
බලන විට ලංකාව තුල මේ වකවානුව වන විට විශෘල වශයෙන් ද්‍රවිඩ ආධිපත්‍ය හිමි කර ගෙන
සිටි බව පැහැදිලිය. එහිදී පොළොන්නරු යුගය තුල මෙය පැතිරීමට හේතු
වූයේ එවකට තිබූ සශ්‍රීකත්වයයි. එම බලය ලබාගෙන රට පාලනය කොට තම වර්ගයාගේ පැවැත්ම
ස්ථීර කිරිමයි. ඒ සඳහා හොදම උදාහරණය ලෙස ශිව දේවාල දැක්විය
හැකිය. චෝල, පාණ්ඩ්‍ය, කේරල වැනි දේශවලින් පැමිණ ලංකාව පාලනය
කල අතරම ඔවුන් තුළ වූ ශිල්පයන්ද මේ කාලය වන විට මුසු විය. තවද විවිධ රටවල් සමඟ වූ ආගමික සබදතා මතද මෙම යුගය වන විට විවිධ
ආකාරයේ ආභාෂ ලංකාවට හිමි විය. එමඟින්ද ලාංකික කලා කර්මාන්තය දියුණුවට හේතු
විය. එහිදී ආන්ද්‍ර ප්‍රදේශයේ ඇති නගර්ජුනකොණ්ඩ හා
අමරාවති යන බෞද්ධ මධ්‍යස්ථාන සමඟ සමීපතම සබඳතා පවත්වා ඇති බව පැහැදිලිය. ඉන්දියානු පසුබිම පිළිබඳ දැනුමෙන් තොරව
පෞරාණික ශ්‍රී ලංකීය ඉතිහාසය අධ්‍යයනය කිරීම අපහසුය. මෙරට ජනාවාස බිහිවීම, දේශපාලන
ක්‍රමවේදයන් බිහිවී විකාශනය වීම උතුරු ඉන්දීය දේශපාලන හා සමාජ සංස්ථාව වර්ධනය වූ
ආකාරයටම සිදුවී ඇත. සෑම දෙයක්ම ලංකාවට පැමිණියේ විදේශයෙන් පමණක්
නොව ඉහතින් සඳහන් කළ තොරතුරුවලට අනුව එකී ආභාෂය ලත් දේශීය කලාකරුවා ඔහුගේ දෑතින්ම කලා කෘතීන් මැවූයේ සිය ස්වාධීන
සිතුවිලි ද ඊට මුසු කරමිනි. 1998 දී ඇමෙරිකානු පුරාවිද්‍යාඥයින් බැබිලෝනියානු ශිෂ්ටාචාරයේ කැණීම්
වලින් හමුවූ මැටි පුවරු නිරීක්ෂණයේදී ලංකාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය
වී ඇත. බැබිලෝනියානු ශිෂ්ටාචාරය පවත්වා ගෙන ගියේ
ගුවන් යානාවලින් ගිය සිංහ මිනිසුන් (හෙළයන්) විසින් බව ඒ මැටි පුවරුවල සඳහන්වේ. කෙසේ වෙතත් පොළොන්නරුවෙි කලාව සදහා ඉන්දියාවේ
නොයෙක් ප්‍රදේශවල බෞද්ධ මෙන්ම හින්දු සිද්ධස්ථාන වලින්ද විවිධ රටවල් තුළ වූ කලා
ලක්ෂණද මෙහිදී බලපා ඇති ආකාරය මෙම යුගයේ නිර්මාණ අධ්‍යයනයේදී දැක ගත හැකිය.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment