Search This Blog

Thursday, June 8, 2017

ලිංගිකත්වයට විවෘත වූ කජුරාහෝ දෙවොල


ආදරයත් ශෘංගාරයත් සිත්පිත් නැති කලු ගලක කැටයම් කිරීමට හැකිනම් එය කලාකරුවෙකුගේ අතිවිශිෂ්ට හැකියාවකි. මේ ආකාරයෙන් මානව පරිකල්පන ශක්තිය මානව හැගීම් කලු ගලක් මත ඉතාමත් සංයමයෙන් යුක්තව නිර්මාණය කරනු ලැබූ කැටයම් සමූහයක් ඉන්දියාවෙන් හදුනාගත හැකිය. ඒ කජුරාහෝ දේවස්ථානයෙනි. එය පිහිටා ඇත්තේ ඉන්දියාවේ දිල්ලි නගරයට තරමක් ඇතට වන්නට පිහිටි වින්ධ්‍යා කදු වැටියෙහිය. මෙය දේවස්ථානයක් වන අතර එහි සිය ගණන් ලලනාවන්ගේ ශෘංගාරාත්මක ඉරියව් හා නර්තන විලාශයන්ගෙන් යුක්ත වූ කැටයම් මෙහි දැකගත හැකිය. TEMPLE OF LOVE යන නාමයෙන් හදුනවනු ලබන මෙම දෙවොල අද ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.


මීට වසර දෙසීයකට ඉහත වනයෙන් වැසී තිබුණු මේ ආදර දෙවොල සහිත කලාගාරය සොයා ගනු ලැබුවේ ඉංග්‍රීසි ජාතික කපිතාන්වරයකු වූ ටී. එස්‌. බට්‌ විසිනි. එකල ඉන්දියාව ඉංග්‍රීසි යටත් විජිතයක්‌ව පැවති අවධියකි. මෙකී දෙවොල් 80ක්‌ පමණ එහි තිබූ බව විශ්වාස කළද වර්තමානයෙහි දක්නට ලැබෙන්නේ ඉන් 20 ක්‌ පමණි. එකල පැවති මුස්‌ලිම් ආක්‍රමණයෙන් ඉන් සමහරක්‌ විනාශ කර දමා ඇති අතර ඉතිරි ඒවා නොසලකා හැරීම නිසා වනයට යට වී දිරාපත් ව විනාශ වී ඇත.
මේ පිළිබඳ අදහස්‌ දක්‌වන පුරාවිද්‍යාඥ ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් පවසන්නේ මෙය සොයා ගැනීම්වලට ප්‍රථම සිය දහස්‌ ගණන් හින්දු පූජකයින් මෙම ස්‌ථානය යෝගී භාවනා ක්‍රමවල යෙදීමටත් පෙබරවාරි මාර්තු කාලවල උත්සව පැවැත්වීමටත් යොදා ගෙන තිබූ බවට වාර්තා ලැබී ඇති බවයි. දෙව් මැඳුරු සංකීර්ණයකින් යුත් මෙම කජුරාහෝ දෙවොල ක්‍රි. ව. 950 - 1050 කාලයේ මෙහි රාජ්‍ය පාලන කටයුතු කළේ වන්ඩේලා රාජ වංශය විසින් බව පුරාවෘතයන්හි සදහන්වේ. කජුරාහෝ ශිව දෙවියන්ගේ වාසස්‌ථානයක්‌ ලෙස හින්දු භක්තියන් සලකනු ලබයි. ශිව, පාර්වතීගේ සරණ බන්ධනය නිරූපණය කරන අවස්‌ථා මෙහි දැක්‌වෙන බව ඇතැම් පුරාවිද්‍යාඥයන් අදහස්‌ දක්වයි.
මෙහි ඇති සෑම දෙවොලක්ම හිරුට මුහුණලා නිර්මාණය කොට තිබිම විශේෂත්වයක්වේ. මෙහි ඇතුලත් බොහෝ කැටයම් නිරුවත් වන අතරම ඒවායෙහි ඇත්තේ එකිනෙකට වෙනස් ආකාරයේ ලිංගික ඉරියව්ය. කාන්තා ලාලිත්‍යයත් මනස්කාන්ත බවත් ඉතා අලංකාරව කැටයමට නගා ඇතග පැරණි විශ්වාසය අනුව ශිව වැනි දෙවිවරු මෙම කදුවැටියට පැමිණි බවත් මෙම දෙවොල් දෙවිවරුන්ගේ විනෝදය සදහා නිර්මාණය වූ ගොඩනැගිලි සමූහයක් ලෙසද හැදින්වේ. මෙම ලිංගික ඉරියව් තුලින් හින්දු ධර්මයෙහි මූලික ඉගැන්වීම් වන අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන ධර්මතා පිළිබිඹු වන සේ නිර්මාණය කර ඇති බවට බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. මෙම දෙවො‍ලෙහි උපත පිළිබදව හින්දු පුරාණයෙහි  සදහන් වන්නේ මේ ආකාරයෙනිගබ්‍රහ්මන්ගේ දියණිය වූ නෙම්වතී දිය නෑමට වනයෙහි මැද වූ තටාකයට ගොස් සිටියදි කාමුක බමුණෙකු ඇය රවටා ඇය සමග රමණයෙහි යෙදෙයි. එහි ප්‍රතිඵලය ලෙස ඇය පුතෙකු බිහි කරයි. ඇය ඔහුට චන්ද්‍ර වර්මන් ලෙස නම් තබයිගනෙම්වතී ඔහු ඇති දැඩි කළ අතර පසු කලෙක චන්ඩෙලා රාජ වංශය ආරම්භකයා වන්නේ ද මොහුයග අයහපත් මනුෂ්‍ය හැගිම් වලින් පළිගැනිම පිණිස ස්ත්‍රී පුරුෂ සම්භෝග හා ආලිංගන රූ සහිත මැදුරු නිර්මාණය කරන ලෙස නෙම්වතී තම පුතුට උපදෙස් දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයෙහි දීද මෙම දෙවොල දැකගත හැකිය.

ඇතැම් දෙවොලක කාමාශක්‌ත ප්‍රතිමා නිර්මාණය වී ඇති අතර ඒවා බොහෝමයක්‌ රමණ ක්‍රියාවලියේදී උණුසුම් ප්‍රචණ්‌ඩ අවස්‌ථා කලාත්මක ලෙස නිරූපිතයිග පාර්වතී දේව ජගම්මා දෙවොල වාත්ස්‍යායනගේ කාමසූත්‍රයෙහි රති ක්‍රියාවලිය සිහි ගන්වන ශිව පාර්වතී මූර්තිහි සිව්සැට කාමෙස්‍යයාවන් නිරූපිත වී ඇත්තේ ඉතාම කලාත්මකවයි. එම දේවාල අතර විෂ්ණු පර්සවනාත්ල ශිවල පාර්වතීල චිත්රු ගුප්තා, වාටහ, ඊස්‌බා, හනුමාන්, යන දේවාල දක්‌නට ලැබේ. මේවායින් ඉතා විශාලතම දෙවොල වන්නේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද කණ්‌ඩාරියා මහාදේව දෙවොලයි. එහි මූර්ති 1029 ක්‌ දක්‌නට ලැබේ. මිනිස්‌ ලිංගික ක්‍රියාකාරකම් හා රමණයේදී අනුගමනය කරන විධි ක්‍රම එම මූර්තිවලින් දැක්‌වේ. විශ්වනාත් හා නන්දි යන දේවලයන්හි ස්ත්‍රී මුර්තිවලින් යුක්ත අතර එහි මාතෘත්වය විදහා පෙනෙන ආකාරයට කැටයම් නිර්මාණය කොට ඇත. වරාහ නම් දෙවොලෙහි ඇති විශ්ණු ලක්ෂ්මි මූර්ති දැකගත හැකිය. එහි ඇති සියුම් කැටයම් කැටයම් ශිල්පියාගේ දක්ෂතාව ලොවට පෙන්වා දෙයි. මෙම දෙවොලෙහි දැකගත හැකි තවත් විශේෂ කැටයම් ලෙස සතුන් සමග ලිංගික සංසර්ගය දැක්විය හැකිය. ලිංගිකත්වය යන්න සමාජයෙන් සැගවිය යුත්තක් නොවන අතර එය සගවා ඇති තාක් කල් සමාජයෙහි මිනිසුන් තුල  මානසික ඝට්ටනයක් බවට පත්වේ. මේ ආකාරයෙන් ලිංගිකත්වය පිළිබදව එකල වැසියන්ට අධ්‍යාපනයක් දැනුමක් ලබා දී ඇත. ලිංගිකත්වය සලවා තැබිය යුත්තක් නොවන බව මෙමගින් ද පසක්වේ. මෙම දෙවො‍ල පාදක කරගෙන කාම සූත්‍රය නිර්මාණය වියග නමුත් එය වාරණයට ලක්විය. සමාජයක් ඉදිරියෙහි කතා කළ යුතු මාතෘකා පිළිබදව සැගවීම තුලින් අද අත්ව ඇති ඉරණම බොහෝ වේදනාකාරීය. ලංකාවෙහි මෙම දෙවොල තිබුණේ නම් අද එය වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ ලේබල් වනු නොඅනුමානය.

























එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය






No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...