Search This Blog

Tuesday, May 30, 2017

හෙට ගැන මොහොතක් සිතමු..............

බලශක්තිය, මිනිසා හා පරිසරය

 ලංකාව යනු භූ විෂමතාවන්ගෙන් අනූන රටකි. ලෝකයේ ජල විදුලිය මගින් විදුලිය උත්පාදනය කළ හැකි රටවල් ඇත්තේ අතලොස්සකි. මේ සඳහා හේතුව බවට පත්ව ඇත්තේ ජල විදුලි උත්පාදනය කිරීමට භූ විෂමතා නොමැති වීමයි.එම නිසා එම රටවල් විකල්ප ක්‍රම වශයෙන් ඛනිජ තෙල් හා ගල් අඟුරු භාවිතා කරයි. නමුත් මෙම ක්‍රම මඟින් දැවැන්ත පරිසර දූෂණයක් බරපතලව සිදුවේ. ගල් අඟුරු තාප බලාගාරවලින් සල්ෆර් (CO2) නිපදවෙන අතර එය බරපතල ලෙස හරිත ආවරණයට හානිකරවෙයි. බලශක්තිය වත්මන් මිනිසාගේ අත්‍යවශ්‍ය කරුණක් වන අතරම සමාජමය වශයෙන් ප්‍රබල ගැටලුවක් බවට පත්වී ඇත. ජනගහනයෙහි වර්ධනයත් සමඟම බලශක්තිය රටක සංවර්ධනයෙහි තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ඒ හා සමාන බලපෑමක් මිනිසාට මෙන්ම පරිසරයටද උදාකර දෙමිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල හා සංවර්ධිත රටවලද බලශක්ති අර්බුධය දිනෙන් දින දලු ලන්නාවූ ප්‍රධාන ගැටලු අතර ඉහලින්ම සිටී. ලෝක පරිමාණයෙන් ගත් කළ පරිසරයෙහි සමතුලිත බව නැති කර දමමින් අධි පරිභෝජනවාදී සමාජ ක්‍රමයකට හුරු වූ සමාජ ආර්ථික ක්‍රමය තුල මිනිසාට පරිසරය නම් වූ තීරණාත්මක සාධකය අමතක කොට කටයුතු සිදු කරයි. එයට හොඳම නිදසුන වන්නේ ලංකාවෙහි බලශක්ති අර්බුධය පිදිබද ක්‍රියාකරන්නේ ගල් අගුරු බලාගාර ලංකාව පුරා ඇති කිරීමටයි’ නමුත් එහි ක්‍රියාකාරිත්වය පරිසරයට මෙන්ම මිනිසාටද සෘජුවම බලපෑම් සිදුකරයි.

වසරකට වරක් පවත්වන මිහිකත හෝරාව ලෙස හදුන්වන පැයක් විදුලිය නොමැතිව සිටීම තුලින් බලශක්තියෙහි අගය වටහා දීමට කටයුතු කිරීම කෙතරම් ප්‍රායෝගික ද යන්නයි. ආර්ථික සංවර්ධනය නැමැති කාරණය පසුපස හඹා යන මහා නගර තුල රැය පහන් වන තුරු ශෝභන ක්‍රියා සඳහා එලිය දෙන විදුලි ආලෝකය අනර්ථකාරී ක්‍රියාවකි. මහජනතාවට අඩු වොල්ටීයතාවයකින් යුක්ත වූ CFL බල්බ දල්වා බලශක්තිය ඉතුරු කරන්නට උපදෙස් දෙන බොහෝ දෙනා මහජන පරිභෝජනයට වඩා දස දහස් ගුණයක් නිරපරාදේ විනාශ කර දමති. රාත්‍රී සේවා නොසපයන ආයතන තුල, කැසිනෝහල්, රාත්‍රී සාමාජශාලාවන් තුල මෙන්ම ඉන් පිටත දැකගත හැකි විශාල ප්‍රමාණයේ නාම පුවරු එලිය කරනුයේද මෙම බලශක්තියෙනි. කොළඹ නගරය තුල පමණක් මෙවැනි ශෝබන ක්‍රියා සදහා කොතරම් විදුලිය වැය වන්නේද? එසේම රාජ්‍ය අංශය පෞද්ගලික අංශය තුල මෙන්න නිවස තුළ කටයුතු කිරීමේදී උපරිම ලෙස විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි. එසේ නොවුණහොත් අප කරන්නේ අනාගත පරම්පරා ගණනාවකම විදුලි පරිභෝජනය විනාශකර දැමීමකි.

පසුගිය කාලයෙහි විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙහි සිදුවූ බිඳ වැටීමක් හේතු කොටගෙන රටපුරාම විදුලි බලය විසන්ධි විය. ඒවාගේම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය දින හතරක් දෙවතාව බැගින් අක්‍රිය විය. මේ නිසා ආණ්ඩුවට දැඩි විවේචන එල්ල වූ අතර ඒ සඳහා ජනතාව කෙටි විසදුම් අපේක්ෂා කරන ලදි. එහිදී රජයට ඇති එකම විසදුම වන්නේ ගල් අඟුරු බලාගාර ඇති කරන බවය. නමුත් එය ලංකාව වැනි රටක් සෑම අංශයකින්ම පහල හෙලන ක්‍රියාවකි. පරිසර හිතකාමී ජලයෙන් නිපදවන්නාවූ විදුලි ඒකකයක් සදහා වැය වන්නේ ඉතා සුලු මුදලකි. එසේම මිනිසාට මෙන්ම පරිසරයට ද හිතකාමී ක්‍රියාවකි. විශාල සම්පත් ප්‍රමාණයක් ඇතත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. චීනය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි තාක්ෂණය අතින් දියුණු රටවල් ගල් අඟුරු බලාගාර සංකල්පයෙන් ඈත් වීමට කටයුතු කරයි. සූර්ය බලය, සුළග වැනි දේශීය සම්පත් යොදා ගනිමින් විදුලි බලය ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුය එසේ නොවුවහොත් සිදුකරන්නේ නිරපරාදේ රටක් එළිය කරන්නට ගොස් පරම්පරාවන් ගණනාවකගේ ජීවිත අදුරු කිරීමක් නොවේද?

















එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය


කවදාවත් දෙමව්පියොන්ට මේ දේ නම් කරන්න එපා

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපං පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ
ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙනෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගෙයි ලගයි දුවේ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනයෙන් හැඩවූ ඉතා විශිෂ්ට සංගීතඥයෙක් වූ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හා සුනිල් එදිරිසිංහ මහතාගේ ගායනයෙන් හැඩ වූ අර්ථාන්විත ගීතයක් ලෙස මෙම ගීතය හදුනාගත හැකිය. ගීතයකින් බලා පොරොත්තු  වන්නේ හුදෙක් රස වින්දනයම පමණක් නොව. ඒ තුලින් සමාජයට පණිවිඩයක් ද දෙන්නේ නම් එම නිර්මාණය ඉතාමත් සාර්ථක නිර්මාණයක්වේ. මෙම නිර්මාණය ඒ ආකාරයෙන් නිර්මාණය වූ විශිෂ්ට ගනයේ නිර්මාණයකි. තුරුණු සිතට ආමන්ත්‍රණයක් මේ තුල වේ.  මෙම ගීතය පියෙකු හා දියණියක් වටා ගෙතී ඇති සිදුවීමක් අලලා නිර්මාණය වූ ගීතයකි.
මවක් නැති පවුල් පසුබිමක් තුල පියාවිසින්  ආරක්ෂා කළ දියණිය සෙයිලමේ තරුණයෙකු හා හොර රහසේ ගෙදරින් පැන යාමත් ඒ සමගම පියගේ දුක් දොම්නසත් දරුවා කෙරෙහි තිබූ ආදරය සෙනෙහස මෙම ගීතයෙන් නිර්මාණය වී ඇත.
මව නැතිව පියා තම දියණිය කුඩා කාලේ සිට කවා පොවා නාවා පාසල් යවා හරි ආදරයෙන් හදනවා. ගෙදරක තාත්තට දියණියක් කියන්නේ ඔහුගේ ජීවිතේ වගේ.  ඇයට උපමා කරන්නේ හදේ ඉන්න හාවිට. තාත්තට ඒ දරුව ඒ තරමට වටිනවා. ‘‘චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ ගීතයේම ඇති අලංකාරම පද පේලියක්. එක චන්ද්‍ර මණ්ඩලයයි තියෙන්නේ එහි සාවිය තමයි තමන්ගේ දියණිය. දෙමව්පියො මුලු ජීවිතේම කැප කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. නමුත් දරුවන්ට ඒක තේරුම් ගන්න කාලයක් යනවා. ඒ බොහෝ විට තමනුත් මවක් හෝ පියෙක් වුණ දවසට තමයි. නමුත් ඒ දරුවට තාත්තව වටින්නේ නෑ. ඇය හොර රහසෙම හැංගිලා ගිහින් හරි,  ආදරෙන් ඇති දැඩි කරපු ඇය තාත්තටත් නොකිය හොර රහසේම පැන ගිහින්. “පාන නිවුන සේ පාලුයි ලැයිම් කාමරේ වෙනද ගෙදර තිබුණ කටහඩ හිනාහව කොමල කතා අද නෑ. අද තියෙන්නේ පාලුවක්. දෙමව්පියොන්ට ගෙදර එලිය කරන ආලෝකය ලමයි. මෙහි පාන නිව්න සේ කියල තියෙන්නෙත් ගෙදර පහන උනේ මේ දරුවා. ඒත් අද ඒ පහන නිවිල ගිහිල්ල. තාත්තට ලොකු ලොකු බංගලා තිබුණේ. ඒත් තමන්ට තිබුණ ලැයිමේ  කාමරේ දුවට සුවපහසුව ඉන්න සලස්සනවා. මේ තාත්තගේ මුලු ලෝකයම අද අදුරු වෙලා වගේ දැනෙනවා. තාත්තට දුව ගිය සෝකය දැනෙන්නේ ඒ ආකාරයට. අවුරුදු ගාණක් තමා ඇහැක් වගේ බලා ගත් දියණිය තමාටත් නොකියාම පිටවෙලා ගිහිල්ලා. තාත්තා ඇති එකම ප්‍රශ්නය මෙපමණ ආදරය කරලත් දුවේ උඹ මාව දාලා ගියේ ඇයි යන්නයි?

ලාබ රත්තරන් දිලිසෙන පාලු වීදියේ - ගෑණු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මග තොට පාර වැරදුණේ - අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

සෙයිලමේ තරුණයින්ගේ බහට රැවටිලා අපේ ගමේ තරුණි‍යෝ අද උඹ ගිය ගමන ඔය විදියටම ගියා. ඒත් සෙයිලමේ කොල්ලන්ව විශ්වාස කරන්න බෑ. උන්ට කෙල්ලන්ව ලාභ රත්තරන් වගේ. කිසිම වටිනාකමක් නෑ. එදා ඒ විදියට ගමන් ගියපු ගොඩක් අයට අද ජීවිතේ වැරදිලා දුවේ.  උඹටත් සෙයිලම හුරුපුරුදු තැනක් නෙවෙයි දුවේ. ගෙදරම වෙලා ඉදපු උඹට නගරය නුහුරු තැනක්. උඹ තරුණයෙක් එක්ක පැනල ගියාට කමක් නෑ. ඒත් දුව ගිය නුපුරුදු නගරය ගැන තාත්තා දුක්වෙනවා. සිය දහස් වතාවක් මේ තාත්තා සිතින් තැවෙනවා. දරැවෙක්ට කරදරයක් වෙනවාට මොනම දෙමව්පියෙක්වත් කැමති නෑ. මේ තාත්තත් ඒ වගේ. තමන්ගේ දරුවා හෙට පාර වැරදිලා එන්න පුලුවන්. ඒ ගැන දුකින් තාත්තා පෙලෙන්නේ.

සුදු යකඩ මාල දාගත්ත කොල්ලො මගේ ගෙදර ලගට ඇවිතා හිටියට මේ තාත්තට කවදාවත් තමන්ගේ දරුවා ඒ කොල්ලන් එක්ක මේ ආකාරයට ආදර සම්බන්ධයක් ඇති කරගෙන ඇති කියලා . තමන්ගෙ ගෙදර ලග මේ පිරිමි ලමයා හිටියට තාත්තට කොයි වෙලාවකදීවත් තම දුව අවිශ්වාස කරන්නේ නෑ. තාත්ත තුල තිබුණ විශ්වාසය කොපමණද කියනවා නම් “හීනෙනුත් හිතුනෙනෑ මට මොකද කාරණේ .හීනෙකින්වත් තමන්ගේ දුව ගැන එවැනි අදහසක් තාත්තට තිබ්බේ නෑ. ඒත් දරුවන්ගේ පලි ගන්න හිතක් දෙමව්පියන්ට නෑ. ඒ නිසා මේ තාත්තා කියන්නේ “පාර මතක නම් තාමත් ගෙයි ලගයි දුවේ කියලා. ඔබට සෙයිලමට ගියාට කමක් නෑ. ඔබට කොයි වෙලාවකදි හරි එන්න හිතුනොත් උඹට නපුරක් වුණොත් පාර මතක නම් උඹට හැමදාම දොර ඇරල දුවේ. පියාගේ සෙනෙහෙ බර ඇරයුම වන්නේ එයයි. 

සරල වුවත් ඉතාමත් සංවේදී ආකාරයට භාෂාව හසුරුවමින් නිර්මාණශීලී  පද රචනයක් සාර්ථකව යොදා ගෙන ඇත. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනය තුල සෑම විටම අලංකාර පද මාලාවක් ඇත. රස විදින්නාට සමීප කරනවන්නාවූ භාෂා රටාවක් භාවිතය එතුමාගේ විශේෂත්වයකි. දියණයක් ලෙස විවාහය නම් කරැණ තුල දි වඩාත් අවධානය යොමු කළ යුතු බවත් තම දෙමාපියන් තමකන්ට දක්වන ආදරයත් ප්‍රතිනිර්මාණය කොට තරුණ හදවතට සියුම්ව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව එතුමා සතුය. ගීතය අරුත් ගන්වන ආකාරයට ගායනා කිරීමට සුදුසු කටහඩ තෝරා ගැනිමද ගීතයක සාර්ථකත්වයට හේතුවේ. ඒ අනුව සුනිල් එදරිසිංහයන් තුල ඇති සෙනෙහෙබර පියෙකුගේ මෙන් වීමද මෙම ගීතය තරුණ හදවතට මනාවට දැනෙන නිර්මාණයක් වීමට හේතුවී ඇත. 

කවදාවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ ඇහින් කදුලක් අපි නිසා වැටෙන්න ඉඩ දෙන්න එපා. පුලුවන් නම් එකම එක සතුටු කදුලක් දෙන්න. ඒ සතුටු කදුල ඔබෙත් ඉදිරිගමනට පන්නරයක් වේවි. ඔබ දිනන මග දෙමව්පියන්ගේ සතුට වේවි.
















එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

Sunday, May 28, 2017

දැරියකගේ කදුලු කතාවයි මේ......

 සුදු නෙලුම කෝ සොරබොර වැවේ
මල් සුවද දුන් මුතියංගනේ
පුන් පොහොයදා පහලොස්වකේ
මල් නෙලූ විකුණු පන්සලේ

වැවට කලුවර යා වුණා
සංසාර දුක බෝ වුණා
නෙලූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පා වුණා

‘අනේ අපෙනුත් මලක් ගන්න අපෙනුත් ගන්න‘ කියා සෑම විහාරස්ථානයකම නෙලුම් මල් විකුණන ගැහැණු ළමුන් හමුවේ. ඔවුන් මේ ආකාරයට කෑ ගසා සොයාන්නේ ඔවුන්ගේ එදා වේලයි. අපට කරදරයක් ලෙස ඒ හඩ ඇසුනත් මොවුන් දියේ කිමිද නෙලුම් මල් කඩා ඉතා සුලු මුදලකට විකුණයි. ඒ ඔවුන්ට වෙන රැකියාවක් නොමැතිකමම නිසා විය හැකිය. දරිද්‍රතාවයෙහි පහලම අඩියෙහි සිට තම දරුවා පාසලට යවන්නේ ද එම මල් විකුණා ගන්නා මුදලින් විය හැකිය. මේ එවැනි දැරියකට හිමි වුණ කදුල කතාවයි.

සුදු නෙලුම කෝ සොරබොර වැවේ - මල් සුවද දුන් මුතියංගනේ
පුන් පොහොයදා පහලොස්වකේ - මල් නෙලූ විකුණු පන්සලේ

සුදු නෙලුම අතිශය පියකරු චාම් මලකි. එයින් නිහතමානී ගුණ යහපත් බව හා පිවිතුරු බව පවසයි. මෙම ගීතයට මුල් වි ඇත්තේ සොරබොර වැවෙන් මල් කඩා මුතියංගන විහාරය අසල මල් විකුණන අහිංසක පිවිතුරු සුදු නෙලුමක් වන දැරියක් පිළිබදවයි. ඇය සෑම පොහොය දිනෙකම මේ ආකාරයෙන් විහාරය අසල මල් විකුණයි. නමුත් මේ පුන් පොහොදා ඇය දක්නට නැත. මුතියංගන විහාරය පුරා පැවති ඇයගේ නෙලුම් මල් සුවදද අද නැත. ඇත්තේ මුලු පන්සල පුරාම පාලු හා හිස් බවකි. ඒ නිසා ඇය පිළිබදව විපරම් කරයි.

වැවට කලුවර යා වුණා - සංසාර දුක බෝ වුණා
නෙලූ මල් මිට ඉහිරුණා  - එහා ඉවුරට පා වුණා

සොරබොර වැව අදුරුය. වෙනදා මෙන්  දවස ගෙවී යාම නිසා ඇතිවන අදුරක් ඒ තුල නැත. ඇත්තේ තනිකම පාලුව වැන්නකි. සංසාරයෙහි පුරුදු ලෙස අප ඉපදුන හොත් මරණය නලලෙහි කොටා ඇත. එසේම ඇයද පන්සලේ මල් විකුණුවද ඇයට සංසාර චක්‍රය එකසේ බලපා ඇත. එහි අනිත්‍යතාය තීව්‍ර කිරීම සදහා “නෙලූ මල් මිට ඉහිරුණා - එහා ඉවුරට පා වුණා“ ලෙස දක්වා ඇත්තේ ද අපට ගෙන යා හැක්කේ කරන ලද හොද නරක මිසක් භෞතික දේ නොවන බවයි. ඇයත් ඇයගේ මුලු ජීවිත කාලයම ඇය ගත කලේ මල් කඩා විකුණාය. නමුත් ඇය ඉරණම් ගමන ගොස් ඇත්තේ ඒ සියලු සම්බන්ධතා අතැහැරය. රත්න ශ්‍රී යන්ගේ අතිවිශිෂ්ට පද ගැලපුමක් ලෙස මෙය හදුනා ගත හැකිය. කිසිම අවස්ථාවක් ඇය මල් නෙලන්නියක් යන වචනය භාවිතා නොකරයි. ඒ හැම තැනම ඇයට යොදා ඇත්තේ “සුදු නෙලුම“ යන්නයි.

සිහින් සිරි පොද වෑහුණා - ඉවුරු දෙකොපුල සේදුණා
සුදු නෙලුම් මල දෑස පියවී  - මෙහා ඉවුරට පා වුණා

වෙනදා මෙන් එදිනත් උදෑසන සිහින් සිරි පොද වැටෙන්නේ ඇයට මල් කඩන්නට ඉඩ දෙන්නා මෙන්ය. නමුත් ඉවුර එය දනී. ඇය නැත මල් කැඩීමට නොපැමිණේ. ඇය වෙනදා උදෑසන පැමිණෙන්නේ සිහින් සිරි පොදත් සමගය. ඇය ගැන දන්නා දෙපස ඇති ඉවුරැ දෙක වේදනාවෙන් කදුලුසලයි. එහෙත් දැන් පරක්කු වූවා වැඩිය.ඇය නොඑනා ගමන් ගොස් ඇත. ඇය මල් කැඩීමට ගොස් දියේ ගිලී අනෙක් පස ඉවුරට පාව ගොස් හමාරය. ගීතයේ සැම තැනම ඇයට යොදා ඇත්තේ සුදු නෙලුමක් ලෙසයි. ඇය මල් කඩන්නේ පවුලෙහි ඇති අගහිගතා මගහරවන්නටයි.

මෙම ගීතයෙහි සැබෑ පසුබිම සොයා යෑමේදී එය රත්න ශ්‍රී යන්ගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් බව සොයා ගත හැකිවිය.  ඒ රත්න ශ්‍රී විජේසිංහයන් මොනරාගල ප්‍රදේශයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවය කරන කාලයේ වූ සිදුවීමක් අලලා නිර්මාණය කරනු ලැබූවකි. එතුමා උගන්වපු පාසලේ හිටිය එක්තරා ගැහැණු ළමයෙක් පැමිණීම මදිකම නිසා ඇය ගැන ටිකක් උනන්දුවෙන් හොයල බැලු අතර ඇය තාත්තා නැති ඇය ජීවත් වෙන්නේ අසනීප මව සමගය. පවුල ජීවත් කරවන්න මුදල් හොයාගන්නේ මේ කුඩා දැරිය. ඇය නෙලුම් මල් කඩල එම ප්‍රදේශයේ තිබුණු දෙමටමල් විහාරය වඳින්න එන අයට විකුනනවා. දිනක් මේ ළමය ගැන ආරංචියක් නැතුව යනවා. පසුව ඇයගේ මල සිරුර  වැව් ඉවුරේ තිබී හොයාගන්නවා. ඇගේ මරණයට රත්න ශ්‍රී විජේසිංහ මහතාත් සහභගී වෙනවා. ඇගේ සිරුර තැබීමට තරම්වත් නිවසේ ඉඩ නැහැ. කුඩා පෙට්ටියක පාසැල නිල ඇඳුමෙන් සැරසුණු ඇගේ සිරුර තබා තිබෙනවා. දැරියගේ මලගමට ඇඩීමටවත් ඒ අම්මට කදුලු තිබිලා නෑ. මොකද ජීවිතය ඔවුන් ජීවිතයේ පහලම කදුලු කතාවක් වුණ ඔවුන් ඒ වෙද්දි අඩන්න කදුලු තිබිල නෑ. රත්න ශ්‍රී විජේසිංහයන් සුදු නෙළුම කෝ ගීතය නිර්මාණය සිදු කරන්නේ මෙම සිදුවීම මුල් කරගෙනයි. රත්න ශ්‍රී යන් වර්තමාන සමය තුල අපට සිටින ශූරතම කවියා බව අටුවා ටීකා අවශ්‍ය නැත. රත්න ශ්‍රී යන් බහු අරුත් දැනෙන පද ලිවීමටද රුසියෙකි.

සුදු නෙලුම් මල හා එහි සුවද රත්න ශ්‍රී යන් ඉතාමත් තීව්‍ර සංකේතයක් ලෙස යොදා ගෙන ඇත.යථොක්ත පුවත ඉදිරිපත් නොකොට එය හැගෙන්නට සලස්වා ඇත. ඇත්තෙන්ම ගීතයක සාර්ථකත්වය රදා පවතින්නේ වාච්‍යාර්ථය ඉක්මවා යන ධ්වනිතාර්ථය ගැබ් ව ඇත්නම් පමණි. අහිංසක දැරිය මිය ගිය අයුරු අමරදේවයන්ගේ මිහිරි සරින් අනුවේදනිය නාද මාලාවකට ගයති. එය ශ්‍රාවක හද කම්පනය කරයි.
















එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණීය විශ්ව විද්‍යාලය

                                    

Saturday, May 27, 2017

ඉන්දියානු ටෙලි කතා ( සිංහලට හඩකවන්නට පෙර)

වර්තමානයේ ලංකාව තුල ඉන්දියානු කතා සදහා ප්‍රමුඛස්ථානයක් හිමිවේ. අද හවස 6 සිට රාත්‍රී වන තෙක් බොහෝ දෙනා තම කාලය ගෙවා දමන්නේ ටෙලිවිෂන් එක අසලයි. ලොකු කුඩා භේදයකින් තොරව සියලු දෙනාම මෙම කතා වටා එක් රොක් වී සිටී. ලංකාවේ සේම ඉන්දියාවේද සතියේ දින හතේම මෙම කතා විකාශයවේ. එම හඩ කැවූ ඉන්දියානු ටෙලි කතා පිළිබදව තොරතුරු කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කර ඇත.

මේ ආදරයයි Yeh Hai Mohabbatein












සිරස නාලිකාවේ විකාශය වන ඉන්දියානු හඩ කැවූ ටෙලිනාට්‍යයන් අතරින් ඉතාමත් ජනප්‍රිය ටෙලිනාට්‍යයකි. මේ ආදරයයි මෙහි ඉන්දියානු නාමය යේ හේ මොහාබ්බත්තිය.ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශය වන මෙම නාටකය විකාහය ආරම්භ කර ඇත්තේ 2013 දෙසැම්බර් 3 වැනි දින සිටයි. බලාජි ටෙලි සමාගමේ ඉදිරිපත් කිරිමක් වන මෙය එක්තා කපූර්ගේ නිෂ්පාදනයකි. මෙම නාට්‍යයට පදනම වූයේ මන්ජු කපූර්ගේ කස්ටඩි නම් නව කතාවයි. නිරාජ් බාලියන් ඉම්රාන්ගේ අධ්‍යක්ෂණයකි. මෙහි රමන් ලෙස කරන් පටෙල් හා ඉශිතා ලෙස දිව්‍යාති ත්‍රිපති රූහි ලෙස අදිනි භානියාත් චරිත නිරූපණය කරයි.

සදහටම ඔබ මගේ Meri Ashiqi Tumse Hi












දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන සදහටම ඔබ මගෙයි නාට්‍ය ඉන්දියාවේ විකාශය වන්නේ මෙරි ආශිකි තුම්සේ හායි නමිනි. ඒ කලර්ස් රූපවාහිනි නාලිකාව හරහාය. මෙය 2014 ජුනි මස 24 දින විකාශය ආරම්භ කරන ලදි. මෙහි නිෂ්ලාදනය එක්තාර් කපූර්ගේ වන අතර ඉදිරිපත් කිරීම බලාජි ෆිල්ම්ස්ය.අනිල් වී කුමාර්ගේ අධ්‍යක්ෂණයක් වන මෙය සොනාල් ජෆාර්ගේ කතාවක් ඇසුරින් නිර්මාණය කර ඇත.රන්වීර් හා ඉෂානි ලෙස ශක්ති අරෝරා හා රාධිකා මාදන් ප්‍රධාන චරිත වලට පණ පොවයි.


දෝණි Udaan














හිරු නාලිකාව ඔස්සේ විකාශය වන තවත් ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයකි. උදාන් සප්නෝන්කි 2014 අගෝස්තු 18 සිට විකාශය ඇරඹූ මෙය සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක හා නිෂ්පාදකවරයෙකු වූ මහේෂ් භාත්ගේ නිෂ්පාදනයකි. කලර්ස් ටෙලිවිෂන් නාලිකාව ඔස්සේ විකාශය වන මෙය මහේෂ් භාත් විසින් නිෂ්පාදනය කොට තිරගත නොකළ චිත්‍රපටයක් ඇසුරින් නිපදවන ලද්දකි. මෙහි දමිළ භාෂාවෙන් හඩ කැවූ නාටක ඉන්දීය රාජ් නාලිකාව ඔස්සේ විකාශයවේ.


සූරයන්ගේ සූරයෝ Bhal Veer














හිරු නාලිකාව ඔස්සේ විකාශය සූර්යන්ගේ සූරයෝ හෙවත් බාල් වීරා ජනප්‍රිය ඉන්දීය ටෙලි නාට්‍යයකි. මෙය සාබ් නාලිකාව ඔස්සේ විකාශනය වේ.විපුල් ඕ ශා ගේ නිෂ්පාදනය වන බාල් වීරා අමිත් සෙන් මෝදර්ගේ තිර නාටකයකි. සුදීප් සිං සහ අනුෂ්කා සෙන් මෙහි ප්‍රධාන චරිතවේ. දේවි ජෝයි බාල් වීරා ලෙස රගපායි.


ජෝදා අක්බර් Jodha Akbar















හිරු නාලිකාව ඔස්සේ විකාශය වන ඉතා ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් ලෙස ජෝදා අක්බර් ප්‍රේම වෘතාන්තය හදුනා ගත හැකිය. එය 2013  ජුනි 18 සිට සී ටී වී නාලිකාව තුලින් විකාශනයවේ. එක්තාර් කපූර්ගේ නිෂ්පාදනය වන අතර බලාජි ෆිල්ම්හි ඉදිරිපත් කිරීමකි. සන්ත්‍රම් වර්මාගේ අධ්‍යක්ෂණයක් වන මෙහි අක්බර් රජත් හා ජෝදා ලෙස පරිධි ශර්මාත් චරිතය මෙහෙයවයි.

ආදරෙයි මං ආදරෙයි Kum Kum Bhagya














හිරු නාලිකාව ඔස්සේ විකාශය වන තවත් ජනප්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් ලෙස ආදරෙයි මං ආදරෙයි හදුනා ගත හැකිය. ඉන්දියාවේ සී ටී වී ඔස්සේ කුං කුම් භාග්‍යා කතා මාලාව දිග හැරේ. ඒ 2014 අප්‍රේල් 5 වෙනිදා සිටය. ජේන් ඔස්ටන්ගේ සෙන්ස් ඇන්ඩ් සෙන්සිබිලිටි කතාව ඇසුරින් නිර්මාණය කරන ලද්දකි. අනීෂ් නග්ගාල් විකාන් තිවාරිගේ තිර රචනයට සමීර් කුල් කර්නි අධ්‍යක්ෂණය කරන ලද මෙය එක්තා කපූර්ගේ නිෂ්පාදනයකි. කුං කුම් භාග්‍යා 21 වන ලයන්ස් ගෝල්ඩ් සම්මාන උළලේදී හොදම ටෙලි නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය. සබ්බර් අනුලු වලියා ශ්‍රීනි ජා අර්විත් තෙෆේජා මරිත චරිත වලට පණ පොවයි. දෙරණ නාලිකාවේ දේදුන්නයි ආදරේ මෙහි සිංහල ප්‍රතිනිර්මාණයයි.

ස්වප්නා Diya Aur Bhathi Hum














සිරස නාලිකාවේ කාලයක සිට ජනප්‍රිය වූ ස්වප්නා ටෙලිනාට්‍ය ඉන්දියාවෙහි ස්ටාර් ප්ලස් නාලිකාවේ විකාශයවේ. මෙහි රූගත කිරීම් දිල්ලිය කල්කටා හයිද්‍රබාද් ආදී ප්‍රදේශවල සිදුවිය. මෙහි නිෂ්පාදනය සංජි සුමිත්ගෙනි. අනාග් රයිද්‚ දීපිකා සිංග් මෙහි චරිත මවයි.


අධිරජ ධර්මාශෝක Chakra Varthin Ashika Samrat

















දෙරණ නාලිකාවේ විකාශය වන මෙම නාට්‍ය විකාශනයවේ. ඉන්දියාවේ කලර්ස් නාලිකාවේ 2015 පෙබරවාරි 2 සිට විකාශය අරඹා ඇත. අශෝක් බැන්කර්ගේ තිර රචනයක් වන මෙය ප්‍රසාද් හා ගේ අධ්‍යක්ෂණයකි. නිෂ්පාදනය අභිමන්සු රාජ් සිං ගෙනි. ලංකාවේ මෙන්ම කාම්බෝජය‚ ඉන්දුනීසියාවේ ද හඩකවා විකාශනය කරයි.


ප්‍රේම දඩයම Naagina Mahabbat Aur Integaam Ki Dastaan










සිරස නාලිකාව ඔස්සේ විකාශය වන නාගිනි මොහාබ්බත් අවුර ඉන්තාගම් කී දස්තාන් 2015 පෙබරවාරි 01 වන දින සිට විකාශය වේ. ටෙලි ෆිල්ම්ස් ඉදිරිපත් කරන මෙය එක්තාර් කපූර්ගේ නිෂ්පාදනයකි. ශාන්ති රාම් වර්මා ඇතුලු පිරිස අධ්‍යක්ෂණය කර ඇත.

 මගේ සද ඔබයි  Saath Nibhana Sathiya


















භගවාන් යාදව්ගේ අධ්‍යක්ෂණයෙන් ස්ටාර් ප්ලස් නාලිකාවේ 2010 මැයි මස 3 වැනිදා සිට විකාශය ඇරඹුණි. රාශ්මි සර්වාගේ නිෂ්පාදනයකි. ලංකාවේ ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඉතා සාර්ථකව විකාශනයවේ. නෙගනම් නෙගාද්ගේ තිර රචනයක් වන මෙය මරාති‚ මපයාලම්‚ කණ්ණඩ‚ බෙංගාලි‚ තෙලිගු යන භාෂා වලින් හඩ කවා විකාශය කොට ඇත.

එස් ඩී ආර් මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...