Search This Blog

Thursday, April 20, 2017

ප්‍රංශ නව රැල්ලේ සිනමාව Nouvelle Vague


50 දශකයේ අගභාගයේ සිට  60 දශකයේ  මුල් භාගය දක්වා ලොව පුරා සිනමා ක්ෂේත්‍රය තුළ නව පරම්පරා රැසක් බිහිවෙමින් පැවතිණ. ඔවුන් බොහෝ දෙනා දෙනැනි ලෝක යුද්ධයට පෙර උපන් අය වූ මුත් සිය තාරුණ්‍යය ගෙවූටය් පශ්චාත් යුධ වටපිටාවකයි. දරිද්‍රතාවය විරැකියාව ඇතුලු බොහෝ සමාජ ප්‍රතිවිරෝධතාවන්ට මුහුණ දුන්නා වූ ඔවුන් තරුණ කණ්ඩායම් සේ ඉස්මතු වන්නට විය. ජපානය කැනඩාව ස්පාඤ්ඤය බ්‍රසීලය හා එක්සත් ජනපදය යනාදී සෑම රටකම මෙවැනි තරුණ කණ්ඩායම් දැකිය හැකිවිය. මොවුන් සමහරෙක් සිනමාවට දැඩිසේ ඇලුම් කළහ. සමහරු සිනමා පාසල් වලින්ද තවෙකෙක් පුවත්පත් හා සගරා හරහා ද මෙම ක්ෂේත්‍රයට පිවිසියෝ වූහ. මොවුන් බොහෝ දෙනා අතර තිබූ පොදු ලක්ෂණය වූයේ ඔවුන් එවකට පැවති ජේෂ්ඨයින්ගේ සිනමා ව්‍යවහාරය(Cinema de papa) හා සම්ප්‍රදාය නිර්දය විවේචනයට හසු කිරිමයි. මෙම කණ්ඩායම් අතර වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රංශයේ බිහිවූ සිනමා කණ්ඩායමයි.
මෙම කණ්ඩායම විචාරකයින් විසින් හදුන්වනු ලබන්නේ ප්‍රංශ නව රැල්ල(New Wave හෙවත් Nouvelle Vague) යනුවෙනි.
 
මෙම පිරිස එවකට පැවති සිනමා සම්ප්‍රදාය මෙන්ම ආඛ්‍යාන ශෛලියද (Narrative Style) උඩු යටිකුරු කළ බව කියවේ. විශේෂයෙන්ම අඩු වියදමින් තැනූ ඔවුන්ගේ එම චිත්‍රපට බොහොමයක් චිත්‍රගාරයෙන් පිටත වෘත්තීමය නොවන නලු නිළියන් යෙදූ සැහැල්ලු කැමරා උපකරණ භාවිතා කොට නිපදවනු ලැබූ ඒවා විය. ඒවායේ බොහෝ විට මුල මැද හා අග අනුපිළිවෙලින් දැකිය හැකිවූ ආඛ්‍යාන රටාවක් නොවීය.කිසිම පැකිලීමක්න් තොරව ලිංගික විෂයයන් සාකච්ඡා කිරීම ගැහැණිය හා පිරිමියා කිසියම් සංකීර්ණ බල කේන්ද්‍රීය සබ්‍රදතාවක් ලෙස හදුන්වා දීම පුද්ගලයින් අතර සන්නිවේදනය ඇණ හිටීම කාන්තා චරිත ඉස්මතු කිරීම පුරුෂාධිපත්‍යය හා විවාහය නම් වූ සංකල්ප විවේචනය කිරීම මෙම සිනමා කෘතින්හි නිරතුරුවම දැකිය හැකි විය. සිනමාලංකාරය(aesthetic of cinema) පිළිබද නවමු වූ අත්හදා බැලීම් ඒවායේ බහුලව දැකියහැකි විය. කාලය හා අවකාශය පිළිබදව ප්‍රේක්ෂකයා තුල නිරවුල් අවබෝධයක් ඇති කිරීම අරඹයා එවකට භාවිතා වූ හදුන්වා දීමේ රුප ඛණ්ඩය (establishing shot) යන්න මගහැර වඩා විප්ලවකාරී රුප භාවිතයක් යෙදීම හා එවකට පැවති ක්‍රමානුකූලව ගලායන අඛණ්ඩතාව (Seamless Continity) රැකගන්නා රුප එකතු කිරීම බැහැර කොට නොගැලපෙන රුප එකිනෙක පිරිද්දීම (jump cuts) යොදාගැනීම ඒවායේ බහුලව දැකිය හැකිය.විශේෂයෙන් යාන් ලූන් ගොඩාගේ breathless චිත්‍රපටයේදී මෙය පෙරළිකාර ආකාරයකින් හදුන්වාදෙනු ලැබීය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තරුණ පිරිස පැවති සම්ප්‍රදාය හෙලා දැකිම පමණක්ම නොව එයට ප්‍රතිවිරුද්ධව යමින් ඔවුන් එවකට අතිශයින් වාණිජ්‍යත්වයට බරවූ හොලිවුඩ් සිනමා කෘති අගය කිරීමයි. විශේෂයෙන් ම Howard Hawks‚ Otto Preminger‚ Samuelle fuller‚ Vincent Minellli‚ NicholasRay හා Alfred Hitchock වැනි හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන් අගය කළ මොවුන් එම අධ්‍යක්ෂකවරැන් හුදු ශිල්පීන් පමණක් නොව කර්තෘන් පිරිසක් ලෙස සැලකිය හැකි යැයි ප්‍රකාශ කළහ.එම තරුණ පිරිසට අයත් බොහෝ අධ්‍යක්ෂකවරුන් සම්ප්‍රදායානුකූලව සිනමා කර්මාන්තය තුළින් පැමිණි අය නොවූහ. සිය මිතුරන්ගෙන් ණයට ලබාගත් මුදල් යොදවමින් සිය ප්‍රථම චිත්‍රපටය නිර්මාණය කළ මොවුන් 1959 වන විට ඉතා ප්‍රභල කණ්ඩායමක් බවට පත්ව සිටියහ.
"සිනමාව යනු අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශනයකි" යනුවෙන් ඉදිරිපත්වූ (auteur theory) යන්න මෙම කණ්ඩායමේ මූලික පිලිගැනීම විය. සමෝධානය Montage නම් වූ සංස්කරණ කේන්ද්‍රීය සිනමා ශිල්පයට වඩා කැමරාව පෑනක් ලෙස භාවිතා කිරීමේ සිනමා භාවිතාව Mise­en-Scene පරමාදර්ශීකොට ගන්නාලදි. විචාරක මතයට අනුව නව රැල්ලේ ච්ත්‍රපට තුළින් ප්‍රබල දේශපාලනික මතවාදයක් ගොඩ නැගීම සිදු නොවු මුත් පැවති සම්ප්‍රදායයන් හා නිලධාරී වාදය විවේචනයට ලක් කළේය.
නව රැල්ලේ චිත්‍රපට තුල නිරතුරුවම දැකිය හැකි පුද්ගල කේන්ද්‍රීය ස්වරෑපය විචාරකයින්ගේ දෝෂ දර්ශනයට ලක් වුවද ඒවායේ තිබූ විප්ලවවාදී ශෛලිය හේතුකොට ගෙන එය ඉතා වැදගත් සිනමා සම්ප්‍රදායක් අපහට උරුම කර දී තිබේ. ඒ තුළින් අතිවිශාල තරුණ සිනමාකරැවන් හා සිනමා කෘති රැසක් අපට දායාද කොට ඇත.

එම්.ඩී.මහින්දපාල මහතාගේ "සිනමාව මාධ්‍ය හා කලාව" යන පොත ඇසුරින්



Wednesday, April 19, 2017

මළවුන්ගේ ගොඩනැගිල්ලෙහි තතු


ඉපැරණි ශිෂ්ටාචාරය‚ මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය‚ඉන්දු නිම්න සභ්‍යත්වය වැනි නම් වලින් හදුන්වනු ලබන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයයි. ශිෂ්ටාචාර අතරින් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි වැසියන් නගර නිර්මාණ ශිල්පයෙහි දක්ෂයෝ වූහ. නගර නිර්මාණයෙහිදී එම නගරයන් තුල පැවති සෞඛ්‍යාරක්ෂිත බව පිළිබදව වැඩි අවධානයක් යොමුකර ඇති ආකාරය හදුනා ගත හැකිය. එක් නගරයක සිට අනෙක් නගරයට සුලු වේලාවකින් ලගා විය හැකි ආකාරයට නගරයන් ඉතාමත් සැලසුම් සහගත ආකාරයට නිර්මාණය කොට ඇත. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් අනූන හා තිබූ ඉඩ කඩ උපරිමෙන් ප්‍රයෝජනයට ගෙන නගර නිර්මාණය කර ඇත. නගර නිර්මාණයෙහි ශූරයෝ වූ මොවුන් නගර නිර්මාණයේදී ඇතුල් නගරය හා පිටත නගරය ලෙස කොටස් දෙකක් යොදාගෙන ඇත. ඇතුල් නගරයෙහි රාජකීයයන් හා ආගමික වශයෙන් වැදගත්කමක් ඉසිලූ පුද්ගලයන් ජීවත්ව ඇත. මෙම ප්‍රධාන නගර වෙන් කිරීම සදහා ප්‍රාකාර නිර්මාණය කර ඇති අතර එමගින් ගංවතුරින් හා ආක්‍රමණවලින් නගරය ආරක්ෂාකර ගැනීම සදහාය.ධොලවීරා නගරයෙහි මෙම ඇතුල් නගර හා පිටත නගර සදහා හොදම උදාහරණයයි.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙහි සමාජ ස්ථරායනය මනාවට හෙළිවන ආකාරයට පෞද්ගලික නිවාසයන් විශාල‚ මධ්‍යම හා කුඩා ප්‍රමාණයන්ගෙන් දැකගත හැකිය. ධනවත් බව‚ ආඪ්‍ය බව විශාල නිවාස නිර්මාණය තුල ගැබ්ව ඇත. ඉන්දු නිමින ශිෂ්ටාචාරයෙහි කිසිදු නිවසක එකදු සැරසිල්ලක් භාවිතා කර නොමැති අතර ජනෙල් සහ දොරවල් පමණක් යොදාගෙන ඇත. ප්‍රධාන මාර්ගයට පිටුපා පටු මාවත්වලට මුහුණලා ප්‍රධාන දොරකවුලු යොදා තිබීම දැකිය හැකිය. ජල ප්‍රවාහන කටයුතු හා අපද්‍රව්‍ය බැහැර කරන්නාවූ කාණු පද්ධතිය මෙම ශිෂ්ටාචාරයෙහි තාක්ෂණය තුල නිතර කතාබහට ලක්වන්නකි. එහිදී ජලය ලබා ගැනීම සදහා සැකසූ ලිං හදුනාගත හැකිය. ඇතැම් නිවාස වලට පෞද්ගලික ලිං තිබී ඇති අතර නිවාස කිහිපයකට පොදු ලිං ද භාවිතා කර ඇත.ගඩොලින් නිර්මාණය කර ඇති මෙම ලිංවල ඇතුල් පැත්තෙහි වළලු දැකගත හැකිය. ලිං නිර්මාණය කිරීමේදී ලිං පිරිසිදුව පවත්වාගෙන යාම පිළිබදව මූලික අංගයන් පිළිබදව අවධානය යොමු කර ඇති අතර හදිසි ගංවතුර අවස්ථාවලදී දෛනික පරිභෝජනයට අවශ්‍ය ජලය ඒකාකාරීව පවත්වාගෙන යාමට ඒවා උසස් හා ශක්තිමත් බිත්තිවලින් යුක්තව නිර්මාණය කර ඇත.

මෙම ශිෂ්ටාචාරයෙහි දී නගර නිර්මාණය ඇතුලු බොහෝ කාර්යයන් සදහා යොදා ගන්නා ලද්දේ පුලුස්සන ලද ගඩොල්ය. සමාන්‍ය ගඩොලක් සෙන්ටීමීටරයක් 26 × 12.5 × 5.5 ප්‍රමාණයෙන් යුක්ත වූ අතර සෙන්ටිමීටර් 51 හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයෙන් යුතු ගඩොල් කාණු වැසීම සදහා යොදාගෙන ඇත. ඉංග්‍රීසි L අකුරේ හැඩය ගත් ගඩොල් යොදාගන්නා ලද්දේ මුඵ බැදීම සදහාය.
මෙම ශිෂ්ටාචාරය අනෙක් ශිෂෟටාචාර අතරින් කැපී පෙනෙන ශිෂ්ටාචාරයෙක් බවට පත් වූයේ මෙම ශිෂ්ටාචාරයෙහි සිටී ශූරයන් හේතුවෙනි. අදටත් නවීන තාක්ෂණයට සොයාගත නොහැකි අප ලබා ගැනීමට උත්සාහ කරන්නාවූ සෞඛ්‍යාරක්ෂිත බව ඔවුන් තුල විය.

post a comment..................

Tuesday, April 4, 2017

බතට පෙර නිමිති

                                 

























Post a comment.................




අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...