Search This Blog

Thursday, July 13, 2017

මැංගුස් රස බලමු.......ඒ ගැන දැනගමු..............

Garciniamangostana L . යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මැංගුස් ඉතා රසවත් පළතුරක් ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි සම්භවය මැලේ අර්ධද්වීපය වන අතර තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය සහ කාම්බෝජය යන රටවල විශාල වශයෙන් වගා කෙරේ. ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාවට මැංගුස් වගාව ව්‍යාප්ත වුයේ පසුගිය සියවස් දෙක තුල යයි විශ්වාස කෙරේ. බෝගයේ වර්ධනය සඳහා විශේෂිත වු දේශගුණික හා පාරිසරික සාධක අවශ්‍යවන බැවින් මෙය වගාකිරීම ලංකාවේ තෙත් කලාපයට පමණක් සීමා වී ඇත. ජාත්‍යන්තර වෙළදපොලේ මැංගුස් ජනප්‍රිය වෙමින් පවතින බැවින් බොහෝ රටවල් ව්‍යාපාරික මට්‍ටමින් මැංගුස් නිෂ්පාදනය කිරීමට පෙළඹී ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කළුතර, රත්නපුර, ගාල්ල, ගම්පහ, කොළඹ, මහනුවර හා කෑගල්ල යන දිස්ත්‍රික්ක හත තුල බහුල වශයෙන් ගෙවතු වගාවක් ලෙස දක්නට ලැබෙන අතර මහා පරිමාණයේ වගාවන් දක්නට ලැබේ.

පෝෂණඅගය
මදය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය

පෝෂක
ප්‍රමාණය
ජලය
84.9 ග්‍රෑම්
ශක්තිය
60.0 කි.කැ.
ප්‍රෝටීන්
0.5 ග්‍රෑම්
මේදය
0.1 ග්‍රෑම්
කාබෝහයිට්‍රේට්
14.3 ග්‍රෑම්
කැලිසියම්
10.0 මිලි ග්‍රෑම්
පොස්පරස්
20.0 මිලි ග්‍රෑම්
යකඩ
0.2 මිලි ග්‍රෑම්

මල්වාන නම ඇසූ පමණින් අපගේ මතකයට නැගෙන්නේ රඹුටන්ය. ඒ තරමටම රඹුටන් හා මල්වාන බැඳී පවතී. මල්වානනේ පැණි රඹුටන්යැයි ඈත අතීතයේ සිටම ව්‍යවහාරයේ පවතින්නේ රඹුටනුත් මල්වානත් අතර පවතින බැඳීමයි.
මැංගුස් යන නාමය ඇසූ පමණින් කළුතර ද අපගේ මතකයට නැ‍ඟේ. දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ හැර අනිකුත් සෑම ප්‍රදේශයකම මැංගුස් වගාවට උචිත දේශගුණික තත්ත්වයක් පවතී. කළුතර යනු ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයූ ප්‍රමුඛතම දිස්ත්‍රික්කය බවට විවාදයක් නැත. කළුතර ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන තිස්ස විද්‍යාලය හා කළුතර විද්‍යාලය අතර මහ ක්‍රිකට් ගැටුම නම් කර ඇත්තේ ද මැංගුස් සටන ලෙසයි.
මැංගුස් වාරය පටන්ගන්නා මැයි ජූනි මාසවල සිට අගෝස්තු, සැප්තැම්බර් දක්වා කළුතර සිට ගාල්ල දෙසට ගාලු පාරේ ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට උතුරු කළුතර සිට දකුණුක ළුතර දක්වා මුළු නාගරික බල ප්‍රදේශයම ආවරණයවන මැංගුස් අලෙවිසැල් දැකිය හැකිය. විශේෂයෙන්ම කළුතර බෝධියත්, කළු ගඟ හරහා දිවෙන පාලමත්, ඇති ප්‍රදේශයේ දම්පාටින් පිරි මැංගුස් ගෙඩි අලෙවිකරන වෙළෙන්දන්ගේ සුන්දර දසුන් දැකබලා ගැනීමට හැකියාව තිබේ.
මැංගුස් වාරය තුළ කළුතරට පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයීමට කළුතර දිස්ත්‍රික්කය සමත් විය. නමුත් ඒ මීට ටිකකලකට පෙරය. ලංකා‍වේ බොහෝ ප්‍රදේශවලට මැංගුස් සැපයූ කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටද මැංගුස් ලබාදිය නොහැකි තරමට වගාව අඩපණ වී ඇත.
උෂ්ණාධික කළාපයේ පලතුරු අතර රැජින ලෙස සලකන මැංගුස් රසය හෝ පෝෂණ ගුණය අතින් ද ඉහළ පලතුරකි. සුන්ඩා දූපත හා ඉන්දිනීසියාවේ සමහර දූපත් මැංගුස්වල ජන්ම භූමිය ලෙස විශ්වාශ කෙරේ. වියට්නාටමය, මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, බහමා, පිලිපීනය යන ගිනිකොණදිග ආසියාතික රටවල මැංගුස් වගාව වැඩි වශයෙන් ජනප්‍රිය වී ඇත. ලංකාවේ, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේද යම් පමණකට මැංගුස් වගා කෙරේ. ලෝකයේ වැඩි වශයෙන් මැංගුස් නිෂ්පාදනය කරන හා ආපනයනය කරනරට වන්නේ තායිලන්තයයි.
මැංගුස් පැළයක් සිටුවා ඵල නෙළීමට වසර 08 – 10 පමණ කාලයක් ගතවේ. මැංගුස් ගස විශාල ලෙස වැවෙන ගසකි. ඵල නෙළීමට ගතවන කාලය වැඩිවන නිසාම සමහර මැංගුස් වගාකරුවන් මැංගුස් වගාවට වැඩි කැමැත්තක් නොදක්වන තත්ත්වයක් පවතී. එසේම මෙම ගස් විශාල ලෙස වැඩෙන අඳුරු සහිත ගස් වර්ගයක් නිසා තම ගෙවතුවල මෙම ගස් වැවීමට ජනතාවගේ අකමැත්තක් පවතී. ජනගහන වර්ධනයත් සමඟ සිදුවන ඉඩම් කට්ටි කුඩා වීමද කළුතර මැංගුස් වගාව ව්‍යාප්තවීම කෙරේ බලපා තිබේ.
මෙම සියලු කාරනා විසින් අද වන විට කළුතර මැංගුස් වගාව පත්කර ඇති තත්වය ඉතාම කනගාටුදායකය.
 ප්‍රයෝජන

01.ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් හෘද වස්තුවේ රෝගවලට ගුණදායකය. එමෙන්ම පිලිකා නාශක ගුණයක් ද පවතී. එසේම වයස්ගත වීම අඩු කරන අතර කායික හා මානසික රෝග සදහා වඩාත් ගුණදායකය.

02.අඩු කැලරි ප්‍රමාණය
 මැංගුස්වල අඩු කැලරි ප්‍රමාණයක් හා අඩු සංතෘප්ත මේද ප්‍රමාණයක් අඩංගු නිසා ස්ථුල පුද්ගලයන්ට සුදුසු ය. එසේම එහි අඩංගු තන්තු නිසා සිරුරේ බර අඩු කර ගැනීමට ද දායක වේ.

03.විටමින් සී
මැංගුස්වල අඩංගු විටමින් සී වලින් පොහොසත් නිසා විෂ බීජ ආශ්‍රිත රෝග වැලදීම අඩු කරයි. එසේ ම එහි ඇති ප්‍රොලේට් නිසා ගර්භණි කාන්තාවන්ට සුදුසුය.

04.රුධිර සංසරණයට
මැංගුස්වල අඩංගු සංඝටක රතු රුධිරාණු වර්ධනය වැඩි කරන අතර රක්තහීනතාවය වලක්වයි. එසේම ලේ ගමනාගමනය වැඩි කරන අතර එමගින් අධිකොලෙස්ටරෝල්,හෘදයාබාධ ඇති රෝගීන්ට වඩාත් සුදුසු ය. එසේ ම ඇස්වල ලේ ගමනාගමනය වැඩි දියුණු කර පෙනීම පෙනීම වැඩි කිරීමටද උදවු වේ.

05.කොලෙස්ටරෝල් අඩු කිරීම
කොලෙස්ටරෝල් අඩු කිරීමට ඇති හැකියාව නිසා මනුෂ්‍ය හෘදයේ ක්‍රියාශීලිත්වය වැඩි කරයි. 

06.ටියුබකියුලෝසිස්
මැංගුස්වල ඉහල ප්‍රතිබැක්ටීරියා නාශක හා ප්‍රතිදිලීර නාශක ගුණාංගයන් පවතින බැවින් ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එබැවින් ටියුබකියුලෝසිස් රෝගීන්ට වඩාත් ගුණදායකය.

07.පිලිකා මර්දනයට
මැංගුස්වල ඇන්ටි ඔක්සිඩන්ට් ගුණයක් ඇති බැවින් පිලිකා හා හෘද වස්තුවේ රෝග සදහා වඩාත් ගුණදායක ය. එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් නිසා ශරීරයේ ඇති වන නිදහස් මුක්ත ඛණ්ඩ ප්‍රමාණය අඩු කර පිලිකා හා හෘද වස්තුවේ රෝග අඩු කර නිරෝගීභාවයට උදවු වේ.

08.රුධිර පීඩනය අඩු කිරීම
මැංගුස්වල බහුලව අඩංගු ඛණිජමය අයන වන කොපර්මැග්නීසියම්මැංගනස් හා  පොටෑසියම් මගින් ආඝාතය හා හෘද කිරීට ආශ්‍රිත රෝගවලට එරෙහි ව ආරක්ෂාව සපයා රුධිරය ගලා යාමට පහසු කරවයි.

09.ඇල්ෂයිමිර් රෝගය
මැංගුස්වලින් ලැබෙන ප්‍රධානතම සෞඛ්‍යමය යහපතක් වනුයේ  ඇල්ෂයිමිර් රෝගය සදහා ප්‍රතිකාරයක් වීමයි. මේ රෝගය සංකූලතාවය හා මතක තබා ගැනීමේ අපහසුතාවය හා අනුබද්ධ රෝග ලක්ෂණයකි.

10.සමේ නිරෝගී පැවැත්මට
 මැංගුස්වල අඩංගු ප්‍රතිබැක්ටීරියාකාරක ගුණය නිසා මැංගුස් මගින් සමේ පෝෂණයට බෙහෙවින් දායක වේ. මුහුණේ කැලැල්සමේ තෙල් ගතිය හා වියලි සමට මනා ප්‍රතිකාරයක් ලබා දෙයි. එමෙන් ම සෛල නිපදවීම උත්තේජනය කරයි. 

11.ඔසප්වීමේ දී දැනෙන වේදනාව අඩු කරයි.
වයසට යෑමත් සමග ම ඔසප් වීමේ දී දැනෙන කරකැවිල්ලඅධ්‍යාතතිය හා කිසිවෙකුත් නොරිස්සන ස්වභාවය ආදි රෝග ලක්ෂණ මග හරවා ගැනීමට ද මැංගුස්වල අඩංගු සංඝටක උපකාරී වේ.


12. ආහාර මාර්ගය ආශ්‍රිත රෝගවලට ගුණදායක වේ.

මැංගුස් කෙතරම් රසවත් පලතුරක් වුවත් එහි ඇති උෂ්ණ අධික බව නිසා සමේ විවිධ අසාත්මිකතාවයන් ඇති විය හැකිය. ඒ බව සිහියේ තබා ගෙනම මැංගුස් රස විදින්න.....


 
 



No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...