Search This Blog

Sunday, July 9, 2017

ඉන්දියාවෙහි රාජස්ථාන් පත්‍රිකාව



1956 මාර්තු 07 දින කපූර් චන්ද්‍ර කුලිෂ් විසින් ආරම්භ කරන ලද අතර එය ඉන්දියාව තුළ හින්දි භාෂාවෙන් ප්‍රකාශනය වන ප්‍රමුඛ ජාතික පුවත් පතක් බවට පත්විය. 1956 දී කුලිෂ් විසින් දිල්ලි නුවර සහ ප්‍රාන්ත රාජ්‍යයන් 6ක මෙම පත්‍රිකාව ප්‍රකාශයට පත් කරන ලදි. ඔහු විසින් මෙම පුවත්පත රුපියල් 500ක් ණයට ගෙන ආරම්භ කරන ලද්දකි. නමුත් අද වන විට ඉන්දියා තුල ඉතාම ජනප්‍රිය  පුවත්පත වන්නේද රාජස්ථාන් පත්‍රිකාවේ. Indian Readership Servery  2013 අනුව ඉන්දියාවේ 5 වැනි ස්ථානයට වඩාත්ම ජනප්‍රිය හා රාජස්ථාන්වල සහ මධ්‍යය ප්‍රදේශයන්හි අංක එකේ පුවත්පත ලෙස මෙම රාජස්ථාන් පත්‍රිකාව මුල් තැන ගනී.

රාජස්ථාන් පත්‍රිකාව අදවන විට ප්‍රාන්ත රාජ්‍යයන් 8ක සහ නගර 36ක මෙම පුවත්පත සාර්ථකව පලවේ. මොහුගේ මෙම පුවත්පත ඉන්දියාව තුල ප්‍රමුඛ ජාතික පුවත්පත බවට පත්විය.
කුලිෂ් මාධ්‍යටය දැක්වූ දායකත්වය වෙනුවෙන් ඔහු සම්මානයෙන්ද පිදුම් ලබන ලදි,

-        1990 D.B.Goenka Foundation විසින් පිරිනැමූ සම්මානය
-        1987 ‘Outstanding contribution in the India Language News Paper’  ත්‍යාගය දිනා ගන්නා ලදි.
-         1991 දි අගමැති පිරිනමන ලද චන්ද්‍ර ශේකර් ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුම් ලබන ලදි.

මේ ආකාරයට විවිධ සම්මාන රැසකින් පිදුම් ලබන ලද අතර එය ඔහුට පමණක් නොව මුළු මහත් ඉන්දීය පුවත්පත් කම්මාන්තයේ සිටින්නවුන් පිදුම් ලැබූ අවස්ථාවකි. මෙම රාජස්ථාන් පත්‍රිකාව ඉන්දියාව තුලත් රාජස්ථානය ඇතුළු මධ්‍ය ප්‍රදේශයන් වලද ඉතාමත් ජනප්‍රිය පුවත්පත් අතරට එකතු වන ලදි. රාජස්ථාන් පත්‍රිකාව සදහා තිබූ ස්ථානය පහත වගුව මගින් අවබෝධ කරගත හැකිය.
රාජස්ථාන් පත්‍රිකාවෙහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කිරිමේදී එහි අන්තර්ගත තොරතුරු අධ්‍යයනය කිරිමේදී,
          රජයට අයත් තොරතුරු
          ව්‍යාපාරික පුවත්
          විනෝදාත්මක පුවත්
          ක්‍රීඩා පුවත්
          සෞඛ්‍ය පුවත්
          රැකියා ඇබෑර්තු පුවත්
          අධ්‍යාපන පුවත්
          විදෙස් පුවත්
          ඡායාරූප එකතූන්
          විවිධාකාර දැන්වීම්
          ජෝතිෂ්‍ය තොරතුරු

ආදී තොරතුරු පිළිබඳව මෙම පුවත්පත මඟින් පුවත් ඉදිරිපත් කරණූ ලැබේ. මෙම පුවත්පත ජනහිතකාමී පුවත්පතක් ලෙසයි. මෙම පුවත්පත තුළින් බොහෝ විට ඉදිරිපත් වූයේ ජනතාවට ඉතා සමීප පුවත්ය.

මෙම පුවත්පත අධ්‍යයනය කිරීමේදී මෙහි විශේෂත්වය වන්නේ බොහෝ තොරතුරු පුද්ගල සුබ සාධන තොරතුරු වාර්තා කිරීම මෙහිදී දැකගත හැකිය.
ජනතාවට අවශ්‍ය තොරතුරු ලබා දීමට මොවුන් කටයුතු කරන ආකාරන ආකාරය දැකගත හැකිය. මෙහි ඉහත විශේෂාංග වලට අමතරව,

                        1 පුණ්‍යකටයුතු

                        2 සමාජමය කටයුතු    

සම්බන්ධව පුවත්පත තුල බෙහෙවින් කතා කරන ලදි. ඉන්දියානු ජනතාව පීඩාවට පත්වන අවස්ථාවලදී ඔවුන් නිතර ම ලගින් සිටින ලදි- එම තොරතුරු ජනතාවට ගෙන ඒමට බැදී සිටින ලදි.
පුණ්‍යකටයුතු වශයෙන් ස්වාභාවික විපත් වලදී රාජස්ථාන් පත්‍රිකාව ඔවුන් සමඟ ජීවත්වන ලදි. ඔවුන්ට සහන ලබා දීමට කටයුතු කරන ලදි- මෙම පුවත්පත මඟින් භාරකාර මුදල් එකතුකරන ලදි. 1991 දී රුපියල් ලක්ෂ 45ක් ද, මහාරාෂ්ටයේ සහ ගුජාරට්හි රුපියල් කෝටි 1.69 ක්ද මෙම පුවත්පත ආධාර සදහා එකතු කරන ලදි. ඔරිස්සා සුළි සුළං හා තවාස් ගංවතුර යන ස්වාභාවික උවදුරු වලදී මුදල් එකතු කරන ලදි.
1999 දී ඉන්දියාව හා පකිස්ථාන ගැටුම් වලදී භාරකාර මුදල් එකතු කරන ලදි. මියගිය වීරවරයන් හා ඔවුන්ගේ පවුල් සදහා කෝටි 3-08 ක් ලබා දෙන ලදි- රාජස්ථානයට සාගතයක් පැමිණි සමයේදී ද සුනාමි ඛේදවචකය සමයේදී සුබසාධනය සදහා කෝටි 2ක් එකතු කරන ලදි. යටිතල පහසුකම් වර්ධනය කිරීම සදහා ද මෙම පුවත්පත කටයුතු කරන ලදි.

සමාජ සංවර්ධනය සදහාද මෙම පුවත්පත කටයුතු කරන ලදි. දිනෙන් දින වැඩෙන කාන්තාකරණය හේතු කර ගෙන 2005 දී වැඩසටහන් ආරම්භ කරන ලදි. එහිදි සෑම වසරකම දහස් සංඛ්‍යාත ජනයා ස්වේච්චා පාසල්, විද්‍යාල, කර්මාන්ත ශාලා, පන්සල් ආශ්‍රිතව පැළ රොපණය කරන ලදි.  2005 සිට 2012 දක්වා ගස් 1,087,274 ක් එනම් 60%ක් දක්වා වර්ධනය වූ අතර ස්ථාන 14,090 ක රෝපණය කරන ලදි.
මැතිවරණ අවස්ථාවන්හිදීද මොවුන් සක්‍රීයව කටයුතු කරන ලදි. පූර්ව මැතිවරණ දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ගෙන යන ලදි- තම ජන්දය ප්‍රකාශ කිරීමට ජනතා උනන්දුව සහ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම සදහා සහ පිරිසිදු ප්‍රතිරූපයක් සහිත තරුණ හා උගත් අපේක්ෂයන් තෝරා ගැනීම සදහා වැඩසටහන් ඉදිරිපත් කරන ලදි. එම ජන්ද ව්‍යාපාරය හේතු කොට ගෙන රාජස්ථාන්,කර්නාටක, තමිල්නාඩුව හා බටහිර බෙංගලයේ 5.8% කින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩි කරන ලදි.

2025 දැක්ම මගින් ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම් ක්‍රමය, වෛද්‍ය පහසුකම් හා ප්‍රවාහන පද්ධතිය සදහා කතිකාවතක් ගොඩනගන ලදි. ඔබේ හඩ මතු කොට රට වෙනස් කිරීමයන මැයෙන් රාජස්ථානයේ උද්ඝෝෂණ, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය හා ස්වේච්ඡා ක්‍රියාකාරකම් පිළිබඳව අවධානය යොමු කර ඇත.
අධ්‍යාපන අයිතිය පිළිබදවද මොවුන් හඩක් නගන ලදි- අධ්‍යපන අයිතිය රජය විසින් ක්‍රියාත්මක කරන විට රාජස්ථාන් පත්‍රිකාව අධ්‍යාපන වරප්‍රසාද නොලත් දහස් ගණන් දරුවන් සදහා යථාර්ථයක් බවට පත් කර දීමට කටයුතු කරන ලදි. මෙහිදී නිදහස සහ අනිවාර්ය මූලික අධ්‍යාපන පනත, ප්‍රජා බලමුලු ගැන්වීම්, දැනුවත් කිරීමේ කතුවැකි, ප්‍රචාරක හා හෙලිදරව් කිරීමත්, දුප්පතුන් හා වරප්‍රසාද නොලත් පෞද්ගලික පාසල්වල 25%කගේ ගැටළු වලට රාජස්ථාන් පත්‍රිකව අවධානය යොමු කරන ලදි.
විශේෂ අවශ්‍යතා ඇති ජනතාව සඳහා ඔවුන්ගේ ප්‍රශ්න සම්බන්ධව ද වඩා හොඳ අනෝන්‍ය අවබෝධය සහ සාමුහිකත්වය සඳහා මෙම පුවත්පත කටයුතුකරන ලදි. තවද ගැහැණු දරුවා සුරකින්න යනුවෙන් කුසෙහි බිළිදියන් බේරා ගැනීම හා කාන්තාවට ගරුත්වය ලබා දීමට පෙළපාලි ආදීය පිළිබදව ජනතාව දැනුවත් කරන ලදි.

රට තුල සිදුවන විවිධ සිදුවීම් පිලිබදව තොරතුරු ඉතාමත් ඉක්මණින් පාඨකයා වෙත ලබා දීම මෙමගින් සිදුවේ. පාඨකයන්ගේ ආකර්ෂණය ලබා ගැනීම සදහා මෙය හේතුවක් වන්නට ඇත. පුවත්පත පිළිබඳව ආකර්ෂණය වැඩි වීමට හේතුවක් වන්නට ඇත. රට තුල සිදුවන තොරතුරු ප්‍රාන්ත ආණ්ඩු තුල සිදුවන වෙනස්කම් ද නිවැරදිව හා අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලදි. ව්‍යාපාරික පුවත්ද රාජස්ථාන් පත්‍රිකාව තුල ප්‍රධාන තැනක් ගනී. වෙළද පොළ සම්බන්ධ කටයුතු වලදී අවශ්‍ය තොරතුරු පුවත්පත තුළ අන්තර්ගත කර ඇත. රටේ ආර්ථිකයට අදාළ තොරතුරු මෙම පුවත්පත මඟින් දක්වන ලදි- තවද ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදවද පුවත්පත තුල වැඩි ඉඩක් වෙන් කරන ලදි. මන්ද රට තුල ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නැංවීම සදහා සෞඛ්‍ය පිළිබදව තොරතුරු සදහා වැඩි ඉඩක් වෙන් කරන ලදි.

විනෝදාස්වාදය සදහාද මෙම පුවත්පත තුල වැඩි ඉඩක් වෙන් කර ඇත. විවිධ නළු නිළියන් සම්බන්ධ තොරතුරු හා නව චිත්‍රපට ආදිය පිළිබදව තොරතුරු සදහා වැඩි ඉඩක් වෙන් කරන ලදි. බොහෝ දෙනා මෙම පුවත් සදහා වැඩි රුචිකත්වයක් දක්වයි.  ක්‍රීඩා තොරතුරු ද මෙවැනිම පාඨක ආකර්ෂණය දිනා ගත් තවත් අංශයකි. බොහෝ දෙනා තම රටේ ක්‍රීඩාවක් වන ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව හා එම ක්‍රීඩකයන් සම්බන්ධ තොරතුරු පිළිබදව වැඩි අවධානයෙන් සිටින පාඨකයන්ට සම්බන්ධ තොරතුරු ද මෙහි ප්‍රධාන තැනක් ලබා ගන්නා ලදි.

දිනපතා ප්‍රකාශනයට පත්වන රාජස්ථාන් පත්‍රිකාව අද වන විට ප්‍රාන්ත රාජ්‍යයන් 8ක සහ නගර 36ක පලවන ඉතාම ජනප්‍රිය පුවත්පතකි.  මෙම පුවත්පත එම සමාජය තුල ජනප්‍රියත්වය හා සාර්ථකත්වය නියෝජනය කරනු ලබයි. ඔවුනගේ රාජස්ථාන් පත්‍රිකාව ප්‍රකාශයට පත්වන ප්‍රදේශ ලෙස,

Jaipur                              Satna
Jodhpur                          Rewa
Sikar                               Raipur                                                                 
Sri Ganganagar             Bhilai
Udapur                           Bilaspur
Alwar                             Bastar
Bikaner                          New Dilhi
Banswara                      Chennai
Ajmer                            Banglore
Pali                                 Ahmedabad
Kota                                Surat
Bhilwara                        Kolkata
Bhopal                            Jagdalpur
Indore                             Hoshangabad
Gwalior                          Mondsaur
Jabalpur                         Hanumangarh
Ujjain                              Neemuch
Ratlam                            Chindwara District




රාජස්ථාන් පත්‍රිකාව සදහා හිමි වූ ඇගයීම්,

·   1.  Rastriya Bhoomi Jal Samvardana Puraskar National Water Conversation Award-            2010 ජාතික ජල සංරක්ෂණ සම්මානය
     2.  Moortidevi Puraskar -2011 –Of Bhartiya Jnanpith.
     3. National Media Award 2013 to Jaago Janmat Compaign-  හොදම ඡන්ද දැනුවත්               කිරීමේ සම්මානය හිමිකර ගන්නා ලදි.
·       යුනෙස්කෝව මගින් 5 වැනි ස්ථානයට වඩාත් සාර්ථක ප්‍රජා පුවත්පත වන බව වාර්තා කරන ලදි. ඒබීසී මගින් 2013 ජනවාරි-ජුනි අතර 3 වැනි ස්ථානයට විශාල පිරිසක් වැලද තෙන ඇති පුවත් පත වශයෙන්ද නම් කරන ලදි3 වැනි බොහෝ විශ්වාස පුවත්පත බීබීසී රොයිටර් පුවත්පත් සමික්ෂණය මගින් තහවුරු විය.


අද වන විට ඉතාමත් දියුණු තත්ත්වයේ පුවත්පතක් බවට පත්ව ඇත. එහි දී අදවන විට රාජස්ථාන් පත්‍රිකාව මගින් පවත්වාගෙන යන වෙබ් අඩවිය හේතු කොට ගෙන අද වන විට ඉතාමත් දියුණු තත්වයේ තොරතුරු ලබා ගත හැකි තොරතුරු සදහා ඉක්මණින් ලබා ගැනීම සදහා පාඨකයාට අවස්ථාව ලැබී ඇත.

රාධිකා දිසානායක


No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...