Search This Blog

Sunday, July 9, 2017

මෙක්සිකෝවේ ප්‍රණීත ආහාරයක් වූ කුහුඹුවන්

චිකටනාස් කුහුඹුවෝ

මැක්සිකෝ වැසියන් චිකටනාස් යන කුහුඹුවන් ප්‍රණිත කෑමකි. මොවුන් අවුරුද්දට වරක් පමණ පොළොවට පැමිණ දින දෙකක් පමණ ජීවත්වේ. එම නිසා මෙම දින දෙක තුල මැක්සිකෝවෙහි වැසියන් චිකටනාස් කුහුඹුවන්ගෙන් කුස පුරවා ගනී.
ග්‍රීස්මයේ පළමු වර්ෂාවට පසු ජුනි මාසයේ අවසානයෙහි පමණ පොළොවෙහි වැලි කැට මෙන් අහසෙහි දැකිය හැකි වන්නේ පියාඹන කුහුඹුවන්ය. මොවුන්ට මැක්සිකෝවෙහි වැසියන් දී ඇති නාමය වනුයේ චිකටනාස් යන්නයි. අලුයම උදාවන විට අහස රතට හුරු දුඹුරු පැහැයෙන් ගන්නා කුහුඹුවන්ගෙන් පිරීයයි. විශාල විනිවිද පෙනෙන තටු සහිත මස් පිරුණු උදරයක් සහිත කුහුඹුවන් අල්ලා ගැනීම ගම්මුන්ගේ සිහිනයයි. සමහරු චිකටනාස් ඇල්ලීමේ තරගද පවත්වති. සෑම වයස් කාණ්ඩයකටම අයත් පුද්ගලයෙකුටම මෙම කුහුඹුවන් අල්ලීම විනෝද ජනක ක්‍රීඩාවකි. මොවුන් මෙය හදුන්වන්නේ සල්සා ඩි චිකනටාස් ලෙසිනි.

චිකටනාස් පැමිණෙන්නේ දින දෙකකට සීමා වීම හේතුවෙන් එසේ පැමිණි චිකටනාස් බෝංචි හා සෝයා සමග එක්කර වසර පුරාවට තබා ගැනීමේ ක්‍රමවේදයක් පැරණි ගෘහණියන් සතුව පවතී. මැක්සිකෝවෙහි හොදම අවන්හල් හි චිකටනාස් සෝස් ඉතා ජනප්‍රියය. තටු ඇතුලුව කුහුඹුවන්ගේ සියලුම ශරීර කොටස් ටෝස්ට් කර අලිගැට පේර කොළ ටෝස්ට් කර ඊට අමු සුදු ලූණු, විශේෂ ගම්මිරිස්, ගිනිකදුවලින් ගන්නා කොටස් හා මිශ්‍ර කර සාදන සෝස් මැක්සිකෝවට පමණක් සුවිශේෂවේ. කෘමීන් ආහාරයට ගැනිමේ පුරුද්ද ඔවුන්ට පවතින්නේ මෙසෝ ඇමෙරිකානු යුගයේ සිටය.

ආහාර හිග කාලයන්හිදී මන්ද පෝෂණය වැළැක්වීමට චිකටනාස් කුහුඹු ආහාරය විශාල ශක්තියක් විය. ඒ උන් තුල ඇති ප්‍රෝටීන් වලින් හා රසයෙන් සරුසාර වීම නිසාය.

නිවෙස්වලට පමණක් සීමාව තිබූ කුහුඹු ව්‍යාංජනය අද වන විට සුපිරි ආහාර ශාලාවල ද සුපිරි කෑමකි. මිලද සුපිරිය. ඒ උන් අල්ලා ගත හැක්කේ වසරකට දින දෙකකදී වීම හේතුවෙනි. මැක්සිකෝවෙන් ඇරඹුණු කුහුඹු ආහාර දැන් ලෝපුරා ජනප්‍රියය. කජු, ආමන්ඩ් රසැති මේවා නිසා එම වර්ගයේ වෙනත් කුහුඹු විශේෂද දැන් වන විට කෑම මේස හැඩකර අවසන්ය.

අටා නම් ගණයට අයත් කොළ කපන්නා හෙවත් චිකටනාස් කුහුඹුවා තම ශරීරයෙන් මිනිසාගේ බඩ පුරවනවා පමණක් නොව මිනිසා ආහාරයට ගන්නා ශාක සරුකිරීමට පසෙහි සශ්‍රීක බව වැඩි කරන්නෙක් ද වෙති. අටා ගණයේ කුහුඹුවන්ගේ ඇති කජු වැනි රසය නිසා මැක්සිකෝ ආහාර රටාවේ චිකටනාස් කුහුඹු රසයට ඇත්තේ වැඩි ඉල්ලුමකි. දකුණු ඇමෙරිකාවේ ගෝත්‍රයක් වන ගෝනේ ගෝත්‍රිකයන් අටා වර්ගයේ කුහුඹ,ුවන් ආහාරයට ගනී. මෙක්සිකෝ ශබ්දකෝෂයේ චිකටනාස් යන වචනය භාවිතා කරන්නේ සොළොස් වැනි සියවසේ සිටයි. වර්තමානයේ කුහුඹුවන් කිලෝවක් පෙසෝ 400ක් පමණවේ.

කුහුඹුවන් ඇල්ලී විනෝදජනක ක්‍රීඩාවක් යැයි පැවසුවද සැබවින්ම උන් මිනිසුන් විසින් අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ දී ප්‍රචණ්ඩවේ. එයට මිනිසුන් සපා කන අතර සැලකිය යුතු අතර සැලකිය යුතු තරම් වේදනාවක් අත් විදින්නට සිදුවේ. කුහුඹුවන් ග්‍රීස්ම කාලයේ පළමු වැස්සට පසු ගුල් වලින් පිටතට පැමිණ අහස සිය රාජධානිය කරගන්නා තුරු මෙක්සිකෝ වැසියන් බලා සිටිති.

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...