පාට පක්ෂ භේද නොතකා එකතු වන්න.....
සංහිඳියාව යනු ගැටුමට සම්බන්ධිත පාර්ශවය ප්‍රජාව සහ ජනතාව ඒකරාශී කිරීමක් ලෙස විස්තර කළ හැකිය.එහිඳී සංහිදියාවේ අරමුණ වන්නේ යුද්ධයෙන් සහ හිංසනයෙන් ව්‍යුක්ත නව දේශපාලන
ජීවිතයකි.හිංසනය වෛරය හා අවිශ්වාiය විසින් අන්තර්වාර්ගික
සබඳතා පාලනය කළ දීර්ඝ සිවිල් යුධ සමයක්දී බිද වැටුනු සමාජ සම්බන්ධතා යලි ගොඩ නැගීම
සඳහා ගැටුමට මැදි වූ සමාජයක සංහිඳියාව අත්‍යවශ්‍ය වේ. විශ්වාසයන් ජාතීන් ආදී විවිධ
වෙනස්කම් වලින් යුත් සමාජයක් තුළ ගැටුමක් හට ගත් පසුව සංහිඳියාව කරා ගමන් කිරීමට
අනිවාර්යයෙන්ම සමගිය හා විවිධත්වය යන කාරනා දෙක පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය
වේ.සංහිඳියාව තුළ ක්‍රියාත්මක විය යුත්තේ දමිළ, ඉස්ලාම්, ක්‍රිස්ත්‍රියානි හා
සිංහල යන කුමන හෝ වර්ගයක් වේවා අති මහත් බහුතරයකගේ අභිලාෂයන් හදුනාගෙන ක්‍රියාත්මක
වීමයි.එසේ ක්‍රියාත්මක නොවන කල්හි ඒ තුළ නැවත නැවත ගැටුම් නිර්මාණය වේ.ඒ නිසා
සංහිඳියාව තුළදී ක්‍රියාත්මක විය යුත්තේ විරසක දෙපාර්ශවයෙහි සැගවුනු අරමුණු හා
සැගවුනු න්‍යාය පත්‍රයන්ට යටත් නොවී ක්‍රියාත්මක වීමයි.
“මිත්‍ර සම්බන්ධතා යලි ප්‍රතිෂ්ඨාපනය කිරීම.”සංහිඳියාව බව ඔක්ස්පර්ඩ් ශබ්ද
කෝෂය අර්ථකතනය කරයි.එය තව දුරටත් න්‍යායිකව විමසා බැලීමේදී සංහිදියාව යන්න පාර්ශව
දෙකක් අතර ඇති ගැටුමකට අවසානයක් දීම සඳහා ඇති ක්‍රියාවලිගත අරමුණකි.ඒ සඳහා පර සතුරු
බව තුරන් කිරීම වින්දිතයන් සමනය කිරීම හා අපරාධකරුවන් හා වින්දිතයන් යන දෙපිරිසම
පුනරුත්තාපනය කිරීම ඇතුලත් වේ. (ගල්තුන්)
සංහිඳියාව උදාකර දෙනු පිණිස අසීරු අභියෝග කිහිපයක්ම දැකිය හැකිය.එහිදි ප්‍රධාන
ප්‍රධාන කරුණු ලෙස,
·
හිංසනය නැවතත්
පැනනගිනු වස් තේරුම් කර ගැනීමට හා සමාව දීමට ගැටුමට සම්බන්ධ පාර්ශවය එක්ව ඉටා
ගනිමින් සංහිඳියාව වෙත යොමු වීම.
·
හවුලේ බුක්ති
විධිමින් දේශපාන ජීවිතයක් අරමුණු කර ගෙන සංවිධිත සමාජයක් /සිවිල් පාළන පද්ධතියක්
සහ සමාජයක් නැවත ගොඩනංවනු පිණිස නව ව්‍යුහය සැකසීමට,ගැටුමට සෘජුව සම්බන්ධ විවිධ
පාර්ශවය දැඩි දේශපාලන අධිෂ්ඨානයකින් කටයුතු කිරීම.
· ජනතාව හා
වාර්ගික ප්‍රජාව නව සාධනීය සබඳතා ගොඩ නැංවීම තුළින් ඔවුන්ට නව ජාතියක් පිළිබඳ
සාමූහික පරිකල්පනයක සහ නව දේශපාළන වින්‍යාසයකට අවකාශය සැලසීම.
ජාතීන් අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධාන අංශ කිහිපයක් දැකගත හැකිය. එනම්,
-
භාෂාමය
සංහිඳියාව
-
ජනමාධ්‍ය සංහිඳියාව
-
දේශපාලන
සංහිඳියාව
-
ආර්ථික
සංහිඳියාව
-
ආගමික
සංහිඳියාව
ආදී වශයෙන් ප්‍රධාන කොටස් කිහිපයක් හඳුනාගත හැකිය.
භාෂාමය කරුණු බහුජන සමාජයේ ඉතා ගැඹුරින් අවධානයට ලක් විය යුතුය.ජාතියක අනන්‍යතාවය
ලෙස සලකනු ලබන්නේ භාෂාවය.භාෂාවට නිසි ගෞරවය ලබා ගැනීමද නොදැනීයද ජනවාර්ගික ගැටලු
ඇති වීමට හේතු වනු ඇත. සමාජ කොට්ඨාසයක මුදුන් මුල ලෙස භාෂාව සලකනු ලැබේ.එම ජන
කොට්ඨාස විසින් භාවිතා කරනු ලබන භාෂාවට ජීවත් විය හැක්කේ අදාල සමාජ කොට්ඨාසයක
ජීවත් වන විට පමණි.එසේ නොමැති වුව හොත් එම භාෂාවද විනාශව යයි.දෙමළ භාෂාවද එසේ විය
හැකිය.දෙමළ ජනතාවද ජීවත් වුව හොත් සමාජයේ දෙමළ භාෂාවද ජිවත් වනු ඇත.
බහු ජන සමාජයක භාෂාව
නොදැන ජීවත් වන අවස්ථාවල ගැටලු හා සැකය මතු වන අතර නීතිය පිළීබඳ සැකය ප්‍රබල ලෙස
ඇති වෙති.මෙසේ ඇති වීම සමාජය තුල ගැටුම් ඇති වීමට හේතුවක් වේ.මෙහිදී පාසල් විෂය
නිර්දේශ තුළ අනිවාර්ය විෂයන් අතර භාෂා තුන අනිවාර්ය නිරීම තුළින් භාෂාත්මක ගට්ටනය
නිර්මාණය නොවේ.පස්චාත් යුධ සමය තුළ ගනු ලැබු ඉතා වටිනා ක්‍රියාමාර්ගයක් ලෙස රාඡ්‍ය
සේවයන්ට දෙමල භාෂාව අනිවාර්ය වීමත් දෙමළ භාෂාව දැන සිටීම අමතර සුදුසුකමක් ලෙස විශේෂත්වයක්
ලබා දීම තුළ භාෂාත්මක වශයෙන් ගැටුමක් ඇති වීමට ඇති සියලු අවස්ථාවන් නැතිකොටඇත.
ශ්‍රී ලංකාව වඩාත් වැදගත් වන්නේ ජාතීන් අතර අසමගිය ඇති කරවන දේශපාළන ප්‍රවේශයන් හදුනා ගෙන ඒවාට විසදුම් සෙවීමයි.අතීත සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේද දේශපාලකයා අවස්ථාවාදීව සංහිදියාව භාවිතා කරයි.විශ්වය තුළ මහා බලවතුන් ජාති හා ආගමික වශයෙන් ලෙස යුද්ධයක් පවතී.දේශපාලන සංහිදියාව පිළිබද කතා කරන පවසන පරිධි දේශපාලන සංහිදියාව යන්න පිළිගැනීමෙන් ඔබ්බට ගමන් කරන ඇන්ඩ්‍රෘ ෂාප් පවසන පරිධි දේශපාලන සංහිදියාව යන්න පිළිගැනීමෙන් ඔබ්බට ගමන් කරන ක්‍රියාවලියක් බවයි.දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙය වැදගත් වන්නේ පශ්චාත් යුධ සමයේදී ලාංකීය දෙමළ ජනයාගේ අභිලාෂයන් යනු භූමිය තුළ වෙසෙන්නන් පමණක් නොව භූමියෙන් පිටත විසිරී සිටින්නන්ගේ අභිලාෂයන් සඳහාද වටිනාකමක් ඇති නිසාවෙනි.මේ නිසා දේශපාලනික වශයෙන් ඇති වන්නා වු සංහිඳියාව අත්‍යවශ්‍ය සාධකයකි.වර්තමානයෙහිද දේශපාලනික සංහිදියාව ඇති විය හැකි ක්‍රියාමාර්ග ගෙන ඇති ආකාරය දැකගත හැකිය.බ්‍රිතාන්‍යන් නිදහස ලැබීමෙන් පසුව දේශිය පාලකයන් විසින් සිංහල භාෂාව රාඡ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික කරුණක් වුවත් දෙමළ භාෂාව පිළිබඳ එවැනි අවධානයක් යොමු නොවීම පසුගාමි අවස්ථාවකි.මෙම අවස්ථාව ඇසුරු කොට ගෙන නිදහසින් පසුව ජනවාර්ගික ගැටුම් ඇතීවීම දැකගත හැකිය.මේ අනුව දේශපාලනික වශයෙන් ගනු ලබන්නා වු තීන්දු තීරණ සංහිදියාව සඳහා ප්‍රධාන සාධකයක් බවට පත් වේ.
ශ්‍රී ලංකාව වඩාත් වැදගත් වන්නේ ජාතීන් අතර අසමගිය ඇති කරවන දේශපාළන ප්‍රවේශයන් හදුනා ගෙන ඒවාට විසදුම් සෙවීමයි.අතීත සමාජයේ මෙන්ම වර්තමාන සමාජයේද දේශපාලකයා අවස්ථාවාදීව සංහිදියාව භාවිතා කරයි.විශ්වය තුළ මහා බලවතුන් ජාති හා ආගමික වශයෙන් ලෙස යුද්ධයක් පවතී.දේශපාලන සංහිදියාව පිළිබද කතා කරන පවසන පරිධි දේශපාලන සංහිදියාව යන්න පිළිගැනීමෙන් ඔබ්බට ගමන් කරන ඇන්ඩ්‍රෘ ෂාප් පවසන පරිධි දේශපාලන සංහිදියාව යන්න පිළිගැනීමෙන් ඔබ්බට ගමන් කරන ක්‍රියාවලියක් බවයි.දෙමළ ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මෙය වැදගත් වන්නේ පශ්චාත් යුධ සමයේදී ලාංකීය දෙමළ ජනයාගේ අභිලාෂයන් යනු භූමිය තුළ වෙසෙන්නන් පමණක් නොව භූමියෙන් පිටත විසිරී සිටින්නන්ගේ අභිලාෂයන් සඳහාද වටිනාකමක් ඇති නිසාවෙනි.මේ නිසා දේශපාලනික වශයෙන් ඇති වන්නා වු සංහිඳියාව අත්‍යවශ්‍ය සාධකයකි.වර්තමානයෙහිද දේශපාලනික සංහිදියාව ඇති විය හැකි ක්‍රියාමාර්ග ගෙන ඇති ආකාරය දැකගත හැකිය.බ්‍රිතාන්‍යන් නිදහස ලැබීමෙන් පසුව දේශිය පාලකයන් විසින් සිංහල භාෂාව රාඡ්‍ය භාෂාව ලෙස ප්‍රකාශයට පත් කිරීම ඓතිහාසික කරුණක් වුවත් දෙමළ භාෂාව පිළිබඳ එවැනි අවධානයක් යොමු නොවීම පසුගාමි අවස්ථාවකි.මෙම අවස්ථාව ඇසුරු කොට ගෙන නිදහසින් පසුව ජනවාර්ගික ගැටුම් ඇතීවීම දැකගත හැකිය.මේ අනුව දේශපාලනික වශයෙන් ගනු ලබන්නා වු තීන්දු තීරණ සංහිදියාව සඳහා ප්‍රධාන සාධකයක් බවට පත් වේ.
වර්තමාන ලංකාවේහි
පවතින්නා වූ මාධ්‍ය සංස්කෘතිය පිළිබද සලකා බැලීමේදී වර්තමානයේ ජනමාධ්‍ය
වාර්තාකරනයේ පවතින දුබලතාවයන් රටේ සංහිඳියාව ගොඩ නැගීමට බාදාවක් වී ඇති ආකාරය
දැකගත හැකිය.විශේෂයෙන් ජාතිවාදී සහ ආගම්වාදී හැගීම් ඇවිස්සීම සඳහා ලංකාවේ ජනමාධ්‍ය
පසුගිය කාලයෙහි ක්‍රියාකල ආකාරය දැකගත හැකිය.භාවාතිශ්‍ය ලෙස තොරතුරු වාර්තා
කිරීමෙන් ජනයා තුළ හැගීම් ඇවිස්සීමක් ඒ තුලින් මාධ්‍ය අලෙවිය වැඩි කර ගැනීමත්
වත්මන් මාධ්‍ය තුළ දැකගත හැකිය.මෙහිදි මාධ්‍ය තුලින් ග්‍රාහක ගත කෙරෙන සංදේශ
නිවරදි හා සමබරතාවයෙන් යුක්ත විය යුතුය.ජාතිවාදි ආගම්වාදි විප්ලවවාදී යනාදී වශයෙන්
විවිධ කණ්ඩායම් වලට කොටස් නොකොට ජාතික ඒකාබද්ධතාවයක් ගොඩ නැංවීම මාධ්‍යට පැවරෙන
වගකීමකි.මාධ්‍ය සංස්කෘතියක් තුළදී අපේක්ෂා කරන්නේ ජන කණ්ඩායම් අතර පවතින විවිධාකාර වූ ගැටලු පිළිබඳ ඔවුන්ට අවබෝධයක් ලබා
දී ඒ පිළිබඳ සාකච්ඡා,වාද විවාද, සම්මන්ත්‍රණ සිදු කිරීමයි.සංහිඳියාවක් ඇති කිරීම
සධහා රටේ ජනතාව එම අවස්ථාව පිළිබඳ දැනුවත් කරමින් ජනතාව බුද්ධිමත් නිරීම අත්‍යවශ්‍යය.වර්තමානයේ
බොහෝ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති වීමට හේතුවක් වශයෙන් ජනමාධ්‍ය හදුනාගත හැකිය.එම
නිසා රටක සංහිඳියාව ගොඩ නැගීමේදී මාධ්‍ය සතු ශික්ෂශනයත් විචාරශීලිත්වයත් විමර්ශනභාවයත්
අනිවාර්යෙන්ම ගොඩ නගා ගෙන තිබිය යුතුය.
ආර්ථික හා ආගමික
සංහිඳියාව තුළදී මෙය ආර්ථික කටයුතු සිදු කරගෙන යාම සඳහා ආගම,ජාතිය, භාෂාව හේතුවක්
නොවිය යුතුය.සිංහල, දෙමළ, මුස්ලිම් ඕනෑම ජාතියකට, ආගමකට තමන්ට අවශ්‍ය ආකාරයට
ආර්ථකයට දායක වීමට අවස්ථාව උදා වී තිබිය යුතුය.එසේ තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස
රටක් තුළ තිබිය යුතුය.මෙය ඉහල ආගමක් මෙය පහළ ආගමක් ලෙස නොසලකා ක්‍රියා කළ
යුතුය.ලංකාව තුළ බහුවිධ සංස්කෘතියක් ඇති රටක් ලෙස බහුවිධ ආගම් දැකගත හැකිය.එම
ආගම්ද මේ තුළ පැවතීමට අවශ්‍ය පරිසරය ඒ තුළ අන්තර්ගත විය යුතුය.පසුගිය සමය තුළ
බෞද්ධ හා මුස්ලිම් ආගම් අතර යම් ගැටුම්කාරි තත්වයක් දැකගත හැකිය.මෙය සංහිඳියාව බිද
වැටුණු අවස්ථාවකි.බෞද්ධ මුස්ලිම් හෝ දෙමළ යන ඕනෑම ආගමක් තම ආගමට අනුව ජීවත් වීමට
රටක් තුළ අවසර තිබිය යුතුය.එම නිසා රටක් ලෙස ඉදිරියට යාමේදී රට තුළ පවතින ආගමික
සංහිඳියාව ද ප්‍රධාන සාධකයක් බවට පත් වේ.
පස් අවුරුද්දක් මුලුල්ලේ
පැවති යුද්ධය අවසන් වී ඇත.මෙම වකවානුව නිමාවත් සමඟ විශාල වශයෙන් මානුෂිකවාදී ප්‍රශ්න
උග්‍ර විය.ඒ අතර සිවිල් ජනයාට අන් හිටි තැන් අහිමි විය, ගේ දොර ඉඩකඩම් පවා අහිමි
වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යාම,තුවාල වීම්, යුද්ධය කේන්ද්‍ර ගත වී
කොළඹ වැනි ප්‍රදේශ වල බෝම්බ පිපිරීම වැනි සිදුවීම් යුද්ධයත් සමඟ මුහුණ දීමට සිදු
විය.යුද්ධයත් සමඟ ඇති දැඩි න දරුවන්ට කෙදිනක හෝ සාමය යන වචනය නොඇසේ.ඔවුන් ජීවත්
වන්නේ පාසල් විනාස වූ දුක් අදෝනාවක් ඇති පරිසරයක් තුළයි. එම නිසා වෛරය, ක්‍රෝධය,පලිගැනීම,
ඔවුන් තුළ ඇති වන්නා වූ ඉච්ඡාභංගත්වය ඔවුන් තුළ පවතී.එම නිසා යුද්ධයක් තුළ
මිනිසාගේ බිද වැටීම දැකගත හැකිය.ජාතියක් ආගමක් භාෂාවක් නොමැතිව මෙම තිස් අවුරැදු
යුද්ධය හේතුවෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් විනාශයට පත් විය. අප වර්තමානයේ එලබ
සිටින්නේ එවන් අමිහිරි කටුක අද්දෑකීම් නැවත ඇති නොවීමට වග බලා ගත යුතු
අවධියකයි.මෙහීදි ජාතික සංහිදියාව අත්‍යවශ්‍ය කරුණක් වන්නේ මේ නිසාවෙනි.වර්ගය ජාතිය
කුළය ආදී වශයන් භේද භින්න නොවී ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස ලෝකය හමුවේ නැගී සිටිය
යුතුය.බලය අරමුණු කර ගනිමින් ජාතිවාදය හෝ ආගම්වාදය සපුරාලීම රටක විනාශයට මග
පෑදිමකි.ඊට හේතුව නම් ජාතිවාදයත් ආගම්වාදයත් අසුණු සැණින් ගිනි අවුලියා හැකි
අවස්ථාවන් දෙකක් වීමයි.
බ්‍රිතාන්‍යන් රට නිදහස්
කර ගැනීම සඳහා ගෙන ගිය අරගලය එවක නිදහස් සමයේ නායකයන් මෙහෙය වුයේ ජාති ආගම් කුළ
භේදයකින් තොරව වීම සුවිශේෂි වේ.ඒ මගින් අනාගතයට දී ඇති පණිවිඩය ඉතාම වැදගත් වනු
ඇත.ඉහත කරුණු අනුව විග්‍රහ
කල හැක්කක් නම් ජාති ආගමකින් තොරව සියලු දෙනා එක්සත්ව ජීවත් විය යුතු බවයි.එනම්
දිනෙන් දින රට තුළ වැඩි වැඩියෙන් සංහිඳියාව වර්ධනය කළ යුතුය.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment