වෙළඳ දැන්වීම් යනු සැබවින්ම කලාවකි.
මෙම කලාව මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට සමත් ප්‍රධාන බලවේගයකිග වර්තමානයේ
කිසියම් භාණ්ඩයක්, නිෂ්පාදනයක් හෝ සේවාවක් මෙන්ම ඒවා
නිෂ්පාදනය කරන සමාගමක පැවැත්ම තීරණය වන්නේ එම නිෂ්පාදනයන් මිලට ගනු ලබන ජනතාව
මතයි. එනම් පාරිභෝගිකයා මතයි එම නිසා ඔවුන් දිනෙන් දින වෙනස් වන මානුෂීය සිතුම්
පැතුම් අලලා මෙම ප්‍රචාරයන් නිර්මාණය කර ගනී. වර්තමානයේ වෙළඳ දැන්වීම් ප්‍රධාන
වශයෙන්
රූපවහිනිය
පුවත් පත
ගුවන් විදුලිය
නව
මාධ්‍ය
ප්‍රධාන වශයෙන් වෙළඳ දැන්වීම් පරිභෝගිකයා
වෙත ලබා දෙන මාධ්යයන්වේ. මේවා අතරිනුත් ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තරයට
මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහා සෘජුවම දායක වන්නේ රූපවාහිනියයි. අනෙක් මධ්‍යයන්
අභිබවමින් භාණ්ඩ අලෙවිය සඳහා රූපවාහිනිය තුළ වන්නා වූ වෙළඳ දැන්වීම් පාරිභෝගික
ආකර්ෂණය දිනා ගන්නා ආකාරය පිළිබඳව කරුණු පිළිබඳව අධ්‍යයනයක් සිදුකරනු ලබයි.
රූපවාහිනී වෙළඳ දැන්වීමක අර්ථය වටහා ගැනීමටත් එය හොදින් අධ්‍යයනය කිරීමටක් රූපවාහිනීය
පිළිබදව හොඳ සාක්ෂරතාවයෙන් යුත් අයෙකු වීම මෙහිදී වැදගත්වේ.
ඒබ්‍රහම් කාඩිනර් පවසන ආකාරයට
පුද්ගලයාගේ චර්යා රටාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වය හා ඔහු ජීවත්වන
පරිසරයේ ප්රතිඵලයක්වේ. මෙහිදී ජීවත්වන පරිසරය තළ අද රූපවාහිනිය ප්රධානවේ. මේ අතර
ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන් හා තරුණ පිරිස් වෙත වන්නා වූ
බලපෑම අති විශාලය.
සාමාන්‍ය ජීවිතයේදී පාරිභෝගිකයාට අවශ්‍ය
වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනෙකුත් සෑම ප්‍රචාරණයකදීම
“ග්රාහක අවදානය”ඉතා වැදගත් කාරණයක් බවට පත්වේ. මෙහිදී
බාල, තරුණ, වැඩිහිටි, මහ`ඵ යනාදී ඕනෑම කණ්ඩායමක අවදානය දිනා
ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීමක් සතුය. ඔවුන්ගේ දැකීම අලෙවියට වැදගත් වන්නේ එම
නිසාය. වෙළඳ දැන්වීමකට ආකර්ෂණය ඇතිවීම ඉතා සංකීර්ණ ක්‍රියවලියකි.වෙළඳ දැන්වීම්
සඳහා මනෝ විද්‍යාත්මක මෙන්ම බාහිර සාදක මතද නැඟෙයි.එනම් එකම වෙළඳ දැන්වීම් වුවත්
මිනිසුන් විවිධ ආකාරයෙන් වටහා ගනු ලබයි. විවිධ පුද්ගලයින් විවිධ දේ කරා පෙළඹේ.
පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ
ඇසීම, දැනීම, ගඳ, සුවඳ, දැනුම, රස, ස්පර්ශය යනාදී පංචේන්ද්‍රියන්ගේ දැනීම මතය. මිනිසුන්ගේ මෙම පංචේන්ද්‍රිය
ව්‍යපාරිකයන්ට ඉතා වැදගත් සාධකයකි.යම් කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය
නම්වේ. එම කැමැත්ත අප ඇසීම,
දැකීම, ස්පර්ශය, ගඳ සුවඳ ආදි කුමන හෝ මාධ්‍යයක් මඟින් ග්රහනය
කරනු ලබන්නකි. ඊට ප්‍රතික්‍රියා ලෙස යම් යම් ත්රියාවන්ගේ නිරතවේ. එය ප්රතිචාරයයි.
මෙහිදී ජනමාධ්‍යයන් මඟින් විසුරුවා හරින විවිධ සංදේශවලට අවධානය යොමු වීම සිදුවේ.
එහිදී ඒ සඳහා උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලියට යටත්වෙයි.
රූපවාහිනිය යනු අනෙක් මාධ්‍ය අභිබවමින්
පංචේන්ද්‍රිය පිනවන්නට සමත් මාධ්‍යයකි. රූපවාහිනී දැන්වීම් මඟින් දැන්වීම් ප්රචාරණයේ
මූලිකම අරමුණ වන ග්‍රාහකයින් පෙළඹවීම ඉතා සාර්ථකව සිදුවේ. සමාජ පද්ධතියක් තුළ
විවිධ ප්‍රභේද හඳුනාගත හැකිය. මෙයින් විශේෂයෙන්ම දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස ස්ත්‍රී/
පුරුෂ වර්ග කිරිම් බාල, තරුණ, වැඩිහිටි වශයෙන් ඇති ප්‍රභේද ද මේ යටතේ ගැනේ.
එහිදී මෙම සියලුම ප්‍රභේද එකතු කරන්නාවූ ස්ථානයක් වශයෙන් රූපවාහිය හදුනා ගත හැකිය.
මෙහිදී ග්රාහකයාගේ සියලුම ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමට සමත් එකම මාධ්‍ය මෙය වීම
හේතු කොටගෙන දැන්වීම් මෙම මාධ්‍ය තුළ ඉතා සාර්ථකත්වයට පත් වී ඇත. වෙනත් මාධ්‍යයන්ට
වඩා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන අංශ දෙකම ඉතා සාර්ථකව පැවතීම හේතු කොට ගෙන එමඟින්
පුද්ගලයාට කල හැකි බලපෑම ඉතා විශාලය.
අද වන විට රූපවාහිනී මාධ්‍ය මඟින් ව්‍යපාරිකයන්ට
තම සිතැඟි පරිදි පණිවිඩ ලබා දීමට හැකි අතර පාරිභෝගිකයාටද තම අභිමතය පරිදි නොව
සමාගම්හි අවශ්‍යතාවන්ට අනුව භාණ්ඩ මිලදී ගැනීම සිදුකරනු ලබයි. එයට ප්‍රධාන හේතූන්
වන්නේ පාරිභෝගිකයා රූපවාහිනිය මඟින් පෙන්වනු ලබන වෙළඳ දැන්වීම් සදහා ආකර්ෂණය
වීමයි. රූපවාහිනිය අන් මාධ්‍යයන්ට වඩා නැගී සිටීමටද හේතුව වන්නේ එහි තුළ වන්නාවූ
ආකර්ෂණීය බව හේතු කොටගෙනය. බොහෝ විට වෙළඳ දැන්වීමක් දුටු විගස
රූපවාහිනී නරඹන්නා එය වැළඳ ගනී. මෙහිදී හේතුව වශයෙන් දක්වන්නේ මැල්කම්ගේ අවශ්‍යතා
න්‍යායට අනුකූලව ව්‍යාපාරි ප්‍රජාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සාහය මත
සිදුකරනු ලබන පෙළඹවීම හේතුවෙනි.
A - Attention – Get
Attention
I - Interest - Hold Interest
D - Desire – Arouse Desire
A - Altorin Action යන්නයි.
මෙහිදී වෙළඳ දැන්වීමක් මඟින් සිදු කරන
කාර්යයන් මෙහි දක්වා ඇත-එහිදී අවධානය යොමු කරවා ගැනීම, උනන්දුව රදවා තබා ගැනීම, අභිලාෂ ජනක වීම, ක්‍රියාත්මක කිරීමට පෙළඹවීම යන්න
මෙඟින් සිදු කරනු ලබයි.
එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට “පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව
ඔහුගේ පෞරුෂත්වය හා ඔහු ජීවත් වන පරිසරයේ ප්රතිඵලයක්වේ. මේ ජීවත් වන පරිසරය තුළ
අද රූපවාහිනී මධ්‍ය ප්රධානවේ. මේ අතර සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි
රටවල ළම්න් හා තරුණ පිරිස් වෙත සිදුවන බලපෑම අති විශාල විය. මේ ආකාරයට පුද්ගලයාට රූපවාහිනිය බලපාන
ආතාරය හදුනා ගත හැකිය. එහි තුළ වන්නා වූ බලපෑම කෙබඳු දැයි වටහා ගත හැකිය.
වෙළඳ දැන්වීමක් දකින පාරිභෝගිකයාට එය
වටහා ගැනීමට ඇති දැනුමද ඉතා වැදගත්ය. වෙළද දැන්වීමකින් වෙළඳ භාණ්ඩයට සිදුවන්නේ
තුමක්ද යන්න BILL BERNBACHS BOOK නම් වෙළඳ ප්‍රචාරණය පිළිබඳ ග්‍රන්ථයේ
සඳහන් වන පරිදි වෙළඳ ප්‍රචාරණ මඟින් භාණ්ඩයට ලාභයක් හෝ වාසියක් ලබා නොදෙයි. එයට කළ
හැකි වන්නේ එය ළඟා කර දීම පමණයි.
තවද මාටිනි මේසන් පවසන පරිදි වෙළඳ පොළ
තුළ දැන්වීමක් විග්රහ කළ හැක්කේ ඉතා නිර්භීත පුද්ගලයෙකුට හෝ කිසිවෙක් නොතකා
හරින්නෙකුට පමණය. කෙසේ වුවද දැන්වීමකින් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද දැයි
සාමාන්‍යයෙන් පැහැදිලිය. මූලික අරුතෙන් ගත් විට දැන්වීම් මඟින් ආයතනයේ අලෙවිය ඉහළ
දැමීමට අදහස් කෙරේ.මේ ආකාරයට දැන්වීමක් මඟින් සිදුවන කාර්ය ඉතා සරලව
ඔහු දක්වයි. මෙම පොත තුළම අන්තර්ගල වී
ඇත්තේ මෙම වෙළඳ දැන්වීම් වඩාත් බලපානුයේ කාන්තාවන් සදහා බවත් එහිදී ගෘහණිය
පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබදව තීරණ ගනු ලබන බවත්ය.
තවද ඉන්දියාවේ Seach India විසින් කරන ලද අධ්යයකට අනුව හෙළිදරව් වී
ඇත්තේ ළමයින්ට දරාගන්නට නොහැකි තරමේ තොරතුරු සම්භාරයක් ලැබෙන බවයි.මේ අකාරයට අද වන වි දැන්වීම්කරණය ලොකු
කුඩා සියල්ලන්ටම එක ලෙස බලපා ඇති සාධකයක් බවට පත් වී ඇත.
අලෙවිකරණ සන්නිවේදන ග්රන්ථයෙහි සඳහන්
රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසට අනුව විද්‍යුත් මාධ්‍යයන්හි දැන්වීම් නිදසුන්
කොට ගනිමින් ග්රාහකයාගේ අවශ්‍යතාවන්ට වඩා මානසික සන්තර්පනය ද තම ව්‍යාපාරික
අභිලාෂය ද ඉටු කර ගැනීමට දරන ප්රයත්නයක් ලෙස දක්වයි”. තවද අප බොහෝ විට වෙළඳ දැන්වීමක් දුටු
විගස රූපවාහිනී නරඹන්නා එය වැළඳ ගනී. මෙහිදී හේතුව වශයෙන් දක්වන්නේ මැල්කම්ගේ අවශ්‍යතා
න්‍යායට අනුකූලව ව්‍යාපාරි ප්‍රජාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සාහය මත
සිදුකරනු ලබන පෙළඹවීම හේතුවෙනි.
කෙනෙකුගේ සිතෙහි භාණ්ඩයක් හෝ සේවාවක්
පිළිබඳව ඇල්මක් ඇතිවීම කිසිදු බාධාවකින් තොරව ක්ෂණිකව සිදුවෙයි. එහෙත් මිල, එය මිලදී ගැනීමට ඇති හැකියාව හෝ
නොහැකියාව පිළිබඳව ඒ තැනැත්තාගේ සිතෙහි ඇතිවන ක්‍රියාදාමය මඟින් නැවත නැවත යම්
ගැටලු මතු කරනු ලබයි. උදාහරණයක් ලෙස ඉතා නූතන සුඛෝපභෝගී මෝටර් රථයක් දැකීමෙන් සහ ඒ
පිළිබඳ රූපවාහිනී වෙළඳ දැන්වීමක් දැකීමෙන් ඇතිවන ආශාව සිත ඇතුලේම තද කරගෙන පැරණී
මෝටර් රථයක හෝ බසයේ ගමන් කරන්නෙකුට පසුතැවීමක් ඇති කිරීමට දැන්වීම් මූලික වෙයි.
මේ නිසාම පාරිභෝගික වෙළඳ දැන්වීම්
නිර්මාණය කිරීමේ දී බොහෝවිට භාව විෂයීක පෙළඹවීම් මුල් තැන ගනු ලබයි. ජන විඥානයේ
රැදී පවතින නැතිනම් යටි සිතේ තැන්පත්ව ඇති විවිධ හැඟීම් ඉලක්ක කර ගැනීම මෙහිදී
සිදුවේ. එවැනි සාදක කීපයක් මෙසේ හඳුනා ගත හැකිය. එනම්,
සෞන්දර්ය ගුණය
මානව හැඟීම්
බුද්ධිමය ශක්තිය
ගති ස්වභාවයන්
ගෞරවනීයත්වය
ඕනෑම වෙළඳ දැන්වීමක පොදුවේ සෞන්දර්ය
සංකලනය දැකිය හැකිය. වර්ණ,
රූප, එළිය, අඳුර භාවිතය, ආලෝකය, ශබ්දය හැසිරවීම හැඩතල ආදී සාධක සෞන්දර්ය ගොනු කරනු ලබයි.එසේම එවැනි
සෞන්දර්යාත්මක හැඟීම් උද්දීපනයට පරිසර වර්ණනා වුවද භාවිතවනු දැකිය හැකිය. ඕනෑම
පුද්ගලයෙකු මෙවැනි සෞන්දර්යාත්මක සිද්ධීන් කෙරෙහි ප්‍රියතාවයක් ඇතිවේ. ඇස ආකර්ෂණය
අවධානය මත පෙළඹවීමට මෙවැනි හැඟීම් ඉලක්ක කර ගත හැකිවේ. මිනිසුන් වශයෙන් අප සතු
ගුණාංග මත පිහිටන හැඟීම් මානව ගතිවලින් අරමුණු කරයි. ආදරය, කරුණාව වැනි හැඟීම් උපදවාලිය හැකි සාධක
වෙළඳ දැන්වීම්වල ඇතුලත් වන අවස්ථා මීට නිදසුන්ය. මේ අනුව මිනිසුන්ට කතා කල හැකි හොඳම ක්‍රමය
මානුෂීය හැඟීම් යොදාගෙන වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීම බව මෙමඟින් අවධාරණය කොට ඇත.
රූපවාහිනී වෙළඳ දැන්වීම් ළමයින් කෙරෙහි
ඇති කරනු ලබන බලපෑම යන නිබන්ධයේ වෙළඳ දැන්වීම් යන්න නිර්වචනය සිදු කොට ඇත්තේ,
“අලෙවි බලවේග සඳහා දොරගුලු විවර කිරීමකි ”
වෙළඳ දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම
නිෂ්පාදනය හදුන්වා දිය හැකි එකම හා ප්රබලතම මාර්ගයයි. එහිදී ඒ වටා ජනතාව
එක්රොක්වේ. භාණ්ඩ නිෂ්පාදකයින්ට තම භාණ්ඩය හෝ සේවාව ඉදිරිපත් කළ හැකි හොඳම අවස්ථාව
වෙළඳ දැන්වීම වන බවයි. එම නිබන්ධනයෙහිම වෙළඳ දැන්වීම්හි අරමුණු පහත අයුරින් දක්වා
ඇත.
එනම්,
එනම්,
1 පොළඹවා ගැනීම හා පෙළඹවීම.
2 සෘජුව හදවතට ඇමතීම.
3 අනිවාර්ය බලපෑම.
4 සමබර බව බිඳ දැමීම.
5 සියුම් උපක්‍රම භාවිතා කිරීම යනාදී වශයෙන් දැක්වේ.
මෙම අරමුණු මූලික කොට ගෙන ප්‍රේක්ෂකයාගේ
ආකර්ෂණය දිනා ගැනීමට සමත්වන ආකාරයෙන් වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම දැකගත හැකිය.
මෙහිදී ද්‍රව්‍ය බෙදා හැරීම හා පාරිභෝගිකයා පොළඹවීම සඳහා ප්‍රචාරණය අවශ්‍යම අංගයක්
බවට පත් වී ඇති බවයි.
ප්‍රචාරණය මඟින් පාරිභෝගිකයින් තුළ යම්
ආකාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඉල්ලීමක් ඇති කිරීමට අනිවාර්ය පෙළඹවීමක් ඇති
කරයි. ධනවාදී සමාජයේ ප්‍රචාරණය අනිවාර්ය අංගයක් වුවද මාක්ස්වාදීන් විසින් ප්‍රචාරණය
හඳුන්වා දෙනු ලැබුවේ ධනවාදය පවත්වා ගෙන යෑමට අනිවාර්යයෙන් ම අවශ්‍ය අංගයක් බවය.
තවත් අතකින් ප්‍රචාරණය පාරිභෝගිකයා තුළ පෙළඹවීමක් කරන අතරම පාරිභෝගිකයා තමා විසින්
ම සිතාමතා තීරණය කර යමක් මිලට ගැනීමට ඇති අයිතිය හා හැකියාව අහිමි කරන බව පිළිගත
යුතුය.
ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු වරක් පළ
කළ අදහසක් ප්‍රචාරණය සම්බන්ධයෙන් වැදගත් ඉඟියක් ලබා දෙයි.
Nothing except the mint can make money without advertising
මෙම සඳහන අපට තහවුරු කරන්නේ ව්‍යාපාරයක
සාර්ථකත්වය උදෙසා ප්රචාරණයේ ඇති බලපෑමයි. දෙනු ලබන ප්‍රචාරය තුළ යම් භාණ්ඩයක හෝ
සේවාවක් සඳහා ඇති ප්‍රේක්ෂක ඉල්ලුම වෙනස් විය හැකි තත්ත්වයක් ඉන් පැහැදිලිවේ. මේ අනුව පාරිභෝගිකා අද වන විට භාණ්ඩයක්
හෝ සේවාවක් මිලදී ගැනීමේ දී ලැබෙන ප්‍රතිචාරයට අනුව කටයුතු කරන ආකාරය හදුනා ගත
හැකිය. කෙනෙකු තමා ගනු ලබන භාණ්ඩය සඳහා දැන්වීම් බෙහෙවින් බලපාන බවයි.
දැන්වීමක කාර්යය නිර්ණය කරගැනීම සඳහා
මිනිසුන් වසර ගණනක සිට වෙහෙසෙති. මාර්ටින්
මේසන් පවසන පරිදි වෙළඳපොළ තුළ දැන්වීමක කාර්යය නිශ්චිතව විග්රහ කළ හැක්කේ
ඉතා නිර්භීත පුද්ගලයෙකුට හෝ කිසිවක් නොතකා හරින්නෙකුට පමණය. කෙසේ වුවද දැන්වීමකින්
බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සාමාන්‍යයෙන් පැහැදිලිය. මූලික අරුතෙන් ගත් විට
දැන්වීම් මඟින් ආයතනයේ අලෙවිය (හෝ ඔවුන් බලාපොරොත්තු වන අන් කාර්යයක් ) ඉහළ දැමීමට
අදහස් කෙරේ. කෙසේ වුවද දැන්වීමට පමණක් යමක් අලෙවිය වැඩි කළ නොහැකිය. පාරිභෝගිකයා
මිලට ගන්නා භාණ්ඩය එහි මිලට ගන්නා භාණ්ඩය මිල, ඇසුරුම්, පුද්ගල අලෙවිය, සේවා මූල්‍ය තත්ත්වය වෙළෙඳ පොළට අදාල
වෙනත් කරුණු ආදී බොහෝ තත්ත්වය වෙළෙඳ වෙළෙඳ පොළට අදාල වෙනත් කරුණු ආදී බොහෝ
තත්ත්වයන් ආශ්‍රීතව තීරණයවේ.
සෙසු කලා මාධ්‍යයන්ට වඩා වෙළඳ දැන්වීම්
කලාව තුළ නිරුවත සහ ලිංගිකත්වය නිරූපණය උපක්‍රමයක් ලෙස යොදා ගැනීමෙන් තම වෙළඳ
අරමුණු ඉටුවුවද සමාජ සාරධර්ම හා පැවැත්මට සිදුවන හානීන් පිළිබඳව අවබෝධ වන්නේ කලක්
ගතවීමෙන් අනතුරුවයි- එහි අනිටු ප්‍රතිඵල ඉස්මතු වන්නේ කලක් ගත වීමෙන් අනතුරුවයි. මෙමඟින් අවධානය යොමු කර ගත හැකි වන්නේ වෙළඳ දැන්වීම
පුද්ගලයාගේ ජීවිතය සඳහා සෘජුව දායක වන බවයි. එහි බලපෑම අනාගතයේදී මුහුණ පාන්නට
සිදුවේ. දැන්වීම අත්‍යවශ්‍ය වුවද එයද සමාජය සදහා සෘජුවම බලපාන බව දක්වා ඇත. පුද්ගලයා
තමාගේ චර්යාවන් හැඩ ගස්වා ගැනීම සඳහා බොහෝ විට මෙම වෙළඳ දැන්වීම්හි ආභාෂය ගනු ඇත.
එයට හේතුව වශයෙන් අදවන විට රූපවාහිනිය ජනතාවගේ සමීපතම මිතුරා බවට පත් වීම දැක්විය
හැකිය.
වෙළඳ භාණ්ඩයක් මිලදී ගන්නා ඕනෑම ආර්ථික
හා සමාජමය තත්වයක පිරිස මීට අයත්වේ. පාරිභෝගිකයෙක් භාණ්ඩ මිලදී ගැනීමට පෙර අවස්ථා 6ක් පසු කරයි.
1- අවශ්‍යතාවය 4- තේරීම
2- සිතා බැලීම 5- මිලදී ගැනීම
3- සොයා බැලීම 6- පාරිභෝගිකයා
මේ ආකාරයට පාරිභෝගිකයෙකු භාණ්ඩයක්
මිලදී ගැනීමේ දී සැලකිලිමත්වේ. පාරිභෝගිකයාගේ මෙම අවශ්‍යතාවන්ට අනුරූප වන ආකාරයට
වෙළඳ දැන්වීම නිම කල හොත් එමඟින් ඔවුන්ගේ අලෙවිය සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනු
ඇත. මෙහිදී වෙළඳ දැන්වීමක් නිම කිරීමේදී පාරිභෝගිකයා පිළිබඳව සැලකිලිමත්භාවය අත්‍යවශ්‍යම
කාරණයක් බවට පත්වේ.
රත්නසිරි (2006) ඇසිදිසි මායාව නම් ග්‍රන්ථයේ වෙළඳ
දැන්වීමක ස්වභාවය දක්වා තිබේ- එහිදී වෙළඳ දැන්වීමක් නීත්‍යානුකූල විය යුතුයLegal , දැන්වීමෙන් ඉදිරිපත් කරන පණිවුඩය පැහැදිලි
විය යුතුය(Clear), එම පණිවුඩය අවංක(Honest) පරමාර්ථයක් ඉටුකර ගැනීම සදහා විය යුතුය, සත්‍ය විය යුතුය(Truthful), වෙනත් වැඩසටහනකින් හෝ වෙනත් පුවතකින්
පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකිය, එක් භාණ්ඩයකට වඩා තවත් භාණ්ඩයක් හොඳ යැයි තුලනය නොකළ යුතුයි, කනට අමිහිරි, කඨෝර භාෂා හා උච්චාරණ බැහැර විය යුතුයි, වෙළඳ දැන්වීමක අන්තර්ගතයට ඇතුලත් විය
යුතු ලෙස සලකන දැන්වීම්කරුගේ නම්(Name of the Advertiser), නිෂ්පාදනය(Product), නිෂ්පාදිතයේ නම(Product Name), වෙළඳ නාමය(Trade Name),
ලාංඡනය
(Logo), ව්‍යාපාරයේ ස්වභාව
යනාදියත්
(Type of business), විශේෂයෙන් ළමුන් අවුස්සන සුලු නොවීමට වග බලා ගත යුතුය,රසඥතාවයට හානිකර නොවිය යුතුය- සෑම රටකම
පාහේ වෙළඳ දැන්වීම් සැකසීමේ දී හා ඒවා විකාශයට භාර ගැනීමේදී සැලකිල්ලට ගත යුතු
නියමයන් හඳුන්වා දී ඇත.
ආශ්රිත ග්රන්ථ නාමාවලිය
සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය.(2001/ අංක 1). කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය. කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්)
සමාගම.
සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය.(2010)කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය.
කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්)
සමාගම.
සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය තෙවනි
වෙ`ඵම.(2013).කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම.
ඇතුගල ආරියරත්න.(2004) මාධ්‍ය පර්යේෂණ,
මරදාන, රත්න පොත් ප්‍රකාශකයෝ.
නිශ්ශංක චන්දිම.(1997) දැන්වීම් කලාව හා ජනමාධ්‍ය.ශ්‍රී
ජයවර්ධනපුර, සිතිජය මාධ්‍ය සංසදය,
ගුණසේකර උදිත ගයාෂාන්. (2012). අලෙවිකරණ සන්නිවේදනය.වැලිවේරිය, සඳකඩපහන ප්‍රකාශකයෝ.
දයාරත්න පී.බන්දුල.(2014).මාධ්‍ය සාක්ෂරතාවය.පන්නිපිටිය, රුවන් ප්‍රකාශකයෝ.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
Grade job..
ReplyDelete