නටරාජා පිළිරුව
හින්දු ඇදහීමේ හැටියට ශිව යනු දක්ෂ නර්තන
ශිල්පියෙකි. ශිව ඇදහීම තුලින් තමා බලාපොරොත්තු වන ඉල්ලීම් ඉටුවන බව හින්දුන්ගේ
විශ්වාසයක්වේ. ශිව හෙවත් නටරාජා(නටේකා) ලෙස හදුන්වන රූපය පල්ලව හා මෞර යුගවල
අඹන්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෝහමය හා සෙල්මුවා නටරාජා රූප ඉන්දියාව, ලංකාව,
ඉන්දුනීසියාව වැනි රටවලින් ද හදුනා ගත හැකිය. මෙය නිර්මාණය කළ කලාකරුවාගේ
නිර්මාණත්මක කුසලතාවන්ගෙන් යුක්තය. මෙහි කලාත්මක රූපය එකම රටාවට,ශිල්ප ක්‍රමයකට
නිර්මාණය කිරිම සදහා එකල කලාකරුවා කෙතරම් දුරට තම දක්ෂතා අත්දැකීම් තුලින්
නිර්මාණය කරගත්තා ද යන්න විශ්මය ජනකය. හිස, කද, ගාත්‍රා යන කොටස් සමබරතාවය රැකෙන
පරිදි සෑම රූපයකම දක්නට ලැබීම සුවිශේෂී ලක්ෂණයකි. තවද නර්තන ශිල්පියෙකුට තිබිය
යුතු බාහිර ශරීර ලක්ෂණ මෙම පිළිරුව තුලින් මනාවට දක්වා ඇත. නාසය දිගැටිව, පටු
නළලකින්, ඉග සිහින්ව ඇගිලි දිගැටිව පැවතීම, ඇස් දිගැස්ව තිබීම වැනි ලක්ෂණ වලින්
යුක්තව ඇත. ශිව තුන් ලෝකයටම නර්තනය දක්වන්නේ කෛලාසයේ සිටයි. මෙහිදී සියලු දෙවියන්
ඔහු වට කරගෙන සිටී.
-
සරස්වතී වීණා වාදනයෙන්
-
ඉන්ද්‍ර බටනලා වාදනයෙන්
-
බ්‍රහ්ම තාලම්පටින් තාල තැබීමෙන්
-
ලක්ෂ්මි ගීත ගායනයෙන්
-
විෂ්ණු බෙර වාදනයෙන් සහය වෙයි.

ශිව දෙවියන්ගේ අවතාර 4ක් ගැන
සදහන්වේ. එනම්,
-
සම්භාර මූර්තිය (විනාශ කිරීම)
-
දක්ෂිණ මූර්තිය (යෝගී වේෂයන්)
-
අනුග්‍රහ මූර්තිය (වරම් දිමේ වේෂයන්)
-
නෘත
නර්තනය (නර්තනය දැක්වීමේ වේෂයන්)
විදම්බරම් දේවාලය ආශ්‍රිතව ශිව
ලිංග නටරාජා පිළිමය හා තවත් පිළිම රාශියක් දක්නට ලැබේ. ශිව 108ක් නර්තන අවස්ථා
දක්වන රූප දැකගත හැකිය. ශිව සතු තාන්ඩව
ලක්ෂණ කිහිපයක් හදුනා ගත හැකිය. ඒ
-
ආනන්ද තාන්ඩව (සතුටුවීම)
-
සන්ධ්‍යා තාන්ඩව (හවස්යාමය)
-
කාලීන තාන්ඩව (යක්ෂයින්, දුෂ්ටයින්, දමනය කිරීම)
-
ත්‍රිපුර තාන්ඩව (යක්ෂයන් ත්‍රිපුර දමනය)
-
සම්භාර තාන්ඩව (විනාශ කිරීම)
-
ගෞරී තාණ්ඩව (ගෞරී සමග නර්තනය කිරීම)
-
උමා තාණ්ඩව (උමා සමග නර්තනය කිරීම)
මෙම නටරාජා පිළිමයෙහි අත් සතරකි.
මෙම අත්සතරෙන් විවිධ අර්ථයන් නිරූපනයවේ. එක් අතක ඇති උඩැක්කියෙන් විශ්වයේ මූලික
දෙදරීමත්, අනෙක් අතෙහි ඇති ගිනි සිලුවෙන් මැවිල්ල හා විනාශයත්, තුන්වන අතෙහි අභය
මුද්‍රාෙවන් සත්වයා බියෙන් නිදහස් කිරීමත් , පොළව දෙසට දිගු කරගෙන ඇති අතෙන්
ගජහස්ත මුද්‍රාවත් නිරූපණයවේ. වම් පය ඔසවා ගෙන සිටින අතර දකුණු පයින් වාමනයෙකු
පාගාගෙන සිටී.එයින් අවිද්‍යාව දුරු කිරීම පෙන්නුම් කෙරේ. දෙපසට විහිදී ඇති හිස
කෙස් අතර නාගයෙකි. හිසෙහි පැළද සිටින ඔටුන්නෙහි හිස් කබලක්, අඩ සදක් හා කිදුරු
රූපයකි. දකුණු කනෙහි ස්ත්‍රී කර්ණාභරණයකි. මනා ජවයෙන් යුක්ත වූ නර්තන විලාශයක්
නිරූපනය කර ඇත.
මෙම මූර්තියේ ප්‍රකාශන ගුණයද
රසවින්දනයට හේතුවේ. දේහ ලක්ෂණ, නර්තන ඉරියව්ව, සමබරතාවය, අවකාශය නිසි අයුරින්
භාවිතා කිරීම, චක්‍රයක් ලෙස සමස්තය හසු කරගැනීම, තුළින් එහි ඇති වන සෞන්දර්යාත්මක
ගුණය අගය කළ හැකිය.
රාධිකා දිසානායක
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment