මිනිසා සන්නිවේදන සදහා භාවිත කළ
ක්‍රමවේදයන්හි විකාශනය මානවයාගේ සමාජීය පරිණාමය නිර්ණය කළ ප්රමුඛ සාධකයක් විය. අද
වන විට මිනිසුනගේ සිතුම් පැතුම් හා සමාජීය සම්බන්ධතා කෙරෙහි මෙම නවමාධ්‍ය හේතුවී
ඇත. ඒ අතරින් වර්තමානයෙහි භාවිතා වන සමාජ ජාල වෙබ් අඩවි අතර ප්‍රමුඛස්ථානය ෆේස්
බුක් සදහා ලැබී ඇත්තේ ඒ තුලින් ඇති වන්නාවූ නව සම්බන්ධතා හේතුවෙනි. ලොකු කුඩා
භේදයකින් තොරව මුහුණු පොත තුල සැරසැරීමට අවස්ථා හිමි රග මඩලකි.
ෆේස් බුක්හි ආරම්භය පිළිබදව
විමසීමේදී 2004 වර්ෂයේ දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම
ලබමින් සිටි Mark
Zuckerbeg මූලිකත්වයෙන් යුතුව Eduro Saverin, Dustin Moskovitz, Chris Hughe යන මිතුරන්ගේ එකතුවෙන් මෙම සමාජ ජාලය නිර්මාණය විය. ඔවුන් මෙම සමාජ
ජාලය නිර්මාණය කලේ ඔවුනොවුන් සමග පුද්ගලික සබදතා පවත්වා ගෙන යාමේ මෙවලමක් වශයෙන්
සහ විනෝදය සදහාය. මේ ආකාරයෙන් නිර්මාණය වූ ෆේස් බුක් මගින් ලෝකය තත්ත්පර ගණනක්
ඇතුලත එක්ට එක් කිරීමේ හැකියාව එයට සතු බව ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කර ඇත. 1984 දී උපත ලැබු මාක් සකර්බර්ග් අති දක්ෂ පරිගණක ශිල්පියෙකි. ප්‍රධාන පෙලේ
මෘදුකාංග සංවර්ධකයෙකි. මොහු ලොව වැඩිම බලපෑමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙක් බව
වැනිටිෆෙයා සගරාව පෙන්වාදෙයි. මෙය මුල් කාලයේ දී නිකුත් කරනු ලැබුවේ තම විශ්ව විද්‍යාලයෙහි
සිසුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සදහා පමණි. නමුත් කල්යත්ම එය ඇමෙරිකාවෙහි
බොස්ටන් නගරයෙහි පාසල් අතර හා Ivy League,
Stanford University අතර සිසුන් සදහා පිරිශීලනය කිරීමට හැකි වන
පරිදි වැඩි දියුණු කළ අතර එකල මෙහි සමාජිකත්වය දැරීමට නම් වයස අවුරුදු 13 ට වඩා වැඩි විය යුතුය. The National Psychologist ශාස්ත්‍රීය සගරාව දක්වන ආකාරයට අන්තර්ජාලය භාවිතා කරන වැඩිහිටියන්ගෙන්
61% ක්, තරුණ තරුණියන්ගෙන් 86% ක්, නව යොවුන් වයසේ අයගෙන්
71%ක් ෆේස් බුක් භාවිතා කරන බවයි.
අද අප මුහුණු පොතට එක් කරන
පින්තූරයක් අදහසක් හෝ මොනයම් හෝ දෙයක් අවසාන වශයෙන් ගබඩා වන්නේ ඇමරිකාවේ
කැලිෆෝනියාවල මෙන්ලෝ පාර්ක් ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධාන මධ්‍යස්ථානයෙහිය.
මේ ආකාරයෙන් ඉතා විශාල පිරිසක් අද
වන විට ෆේස් බුක් හා එක් රොක් වී ඇත. නමුත් ඕනෑම දෙයක හොද මෙන්ම නරක ද දැකගත
හැකිය. මෙහි ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍යයක් සදහා බොහෝ දෙනා නැඹුරු වන්නේ ඒ
ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීම සදහාය. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු
සාකච්ඡා කිරීමට මෙන්ම ලෝකයෙහි සිදුවන සිදුවීම් පිළිබදව අවබෝධයක් ලැබීමේ හැකියාව ඒ
තුල ඇත. බොහෝ විට රූපවාහිනියෙන් යම් ප්‍රවෘත්තියක් ලබා දීමට පෙර නව මාධ්‍ය තුල එය
ප්‍රචාරය වී තිබිය හැකිය. ඒ තුල වන්නා වු වේගවත්භාවය හේතුකොට ගෙන අද බොහෝ දෙනා
ෆේස් බුක් ඇතුලු නව මාධ්‍යයෙහි උපාංග සමග සම්බන්ධව ඇත. මුහුණු පොත හරහා ආර්ථික
සමාජ දේශපාලනික කාරණා හමුවේ ප්‍රබල සමාජ මතයක් ගොඩ නැගිමේ ශක්‍යතාවය ඉතා ඉහලය.
එසේම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හදුනා
ගැනීම හරහා සංස්කෘතික වාහකයෙක් වශයෙන් ද මෙය ක්‍රියාකරයි.
විවිධ සමාජ හා වෙළද සංවිධාන. දේශපාලනඥයින්,කලාකරුවන්,
ක්‍රීඩකයින්,ග්රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විදුවතුන්ද ෆේස්බුක්
ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි ඉතා විශාල වශයෙන් භාවිතා කරයි. ඉතා අඩු පිරිවැයකින් සහ
කෙටි කාලයකින් සිය පණිවිඩය හෝ වෙළද ප්‍රචාරණ දැන්වීම් විශාල ග්රාහක පරිසකට එකවිට
ලගා කරවිය හැකි වීම නිසා ඔවුන් ඒ සදහා වැඩි වැඩියෙන් නැඹුරුවෙයි.
නමුත් අවාසනාවන්ත ලෙස අද අපට වැඩි
වශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ එහි ඇති නිශේධනීය පැති කඩයි. මිනිසාගේ පහත්
මානසිකත්වය හේතු කොට ගෙන මුලාකිරීම්, රැවටීම්, ලැජ්ජාවට පත් කිරීම්, මඩ ගැසීම්,
අපහාස කිරීම්, කප්පම් ගැනීම්, පවුල් ජීවිත අවුල් කිරීම් වැනි නිශේධනීය පැති කඩ
රාශියක් හදුනා ගත හැකිය. තමන් නොදන්නා අය සිය යහලුවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර
ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම් වලට නොගැලපෙන අය ඇසුරට කුඩා හා යෞවන යෞවනියන්
යොමුවේ. එලෙසම විවිධ කායික හා මානසික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත්
ආශාවන් ඉටුකර ගැනීම සදහා පහසුම ක්‍රමයක් ලෙස මෙම නව මාධ්‍ය යොදා ගනී. තම යථා
ස්වරූපය සගවා නාට්‍ය රග දක්වන බොහෝ දෙනා ඒ තුල වේ. ප්‍රේම සබදතාවක් බිදවැටුනු පසු
තමා ආදරය කළ පෙම්වතියගේ ඡායාරූප එක් කොට ඇය ගණිකාවක් බවට පත් කොට එම නිසා ඇය සිය
දිවි හානි කරගත් අවස්ථා මාධ්‍යයන් නිතරම ප්‍රචාරය වේ.. එම නිසා සමාජ ජාල මාධ්‍යයන්
භාවිතයේදී ඉතාමත් පරිස්සම් විය යුතුය. විශේෂයෙන් තරුණ තරුණියන් මේ පිළිබදව වැඩි
අවධානයක් දැක්විය යුතුය. මිතුරන් එකතු කර ගැනීමේදී තමන් දන්නා හදුනන අය පමණක් එක්
කර ගත යුතුය. අද වන විට පාසල් යන සිසුන් බොහෝ දෙනෙකු ෆේස් බුක් ගිණුමක් හිමි
කරුවෙකි. මෙය ඉගෙනුම ලබන දරුවන්ගේ වටිනා කාලය කා දමන්නා වූ ක්‍රියාවලියකි. ඔවුන්
මේ හරහා වැරදි දේ සදහා ද යොමු විය හැකිය. එම නිසා ඔවුන් පිළිබදව ද දෙමාපියන් වැඩි
අවධානයක් යොමු කළ යුතුය.
අප අපගේ කාලය නිකරුණේ ෆේස් බුක්
සදහා යොමු කරන විට ෆේස් බුක්හි නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ඩ් සෑම සතියකම පොතක්
කියවීම මගින් නව දැනුම එක් කරගනී. නව මාධ්‍ය තුල හොද හා නරක යන දෙකම ඇති තැනක් ලෙස
අපගේ ආරක්ෂාව අපම සලසා ගත යුතුයි. එසේ වුවහොත් අද නව මාධ්‍ය නිසා ඇතිවී ඇති ගැටලු
රාශියක් විසදා ගත හැකිය.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
Niyamiiii👍👍
ReplyDelete