Search This Blog

Monday, May 22, 2017

අමරදේවයාණෝ(මහා ගාන්ධර්වයාණෙනි, ජාතියේ යශෝ රාවය ඔබයි.)

අමරදේවයාණෝ

1927 වර්ෂයේදී දෙසැම්බර් 5 වන දින මොරටුවේදී මෙලොව එලිය දුටු වන්නකුවත්ත මිටිවඩු ගේදොන් ඇල්බට් පෙරේරා ශ්‍රී ලංකාවේ දී හදුනාගනු ලබන්නේ ඒ ආරෝපිත නාමය වූ අමරදේව නමිනි.මෙරට බිහිවූ මහා සංගීත චින්තකයාය.දාර්ශනිකයාය. සංගීත ප්‍රාඥායාය. ප්‍රතිභා නැණ මහිමයෙන්ද,අපිරිමිත ශිල්ප ඥානයෙන් ද ගායන චාතූර්යයෙන්ද භාෂා හා සාහිත්‍ය ප්‍රූත්වයෙන්ද වාසනා ගුණයෙන්ද එතුමාණෝ ආඪ්‍යය. සිතාරය, තබ්ලාව, හාමෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින් සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට දායක කර ගනිමින් සිංහල සිනමාවට කළ මෙහෙවර මෙතෙකැයි කියා කිව නොහැක. දොන් ගිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් දාව උපත ලැබූ අමරදේව ශූරින් දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාවිය.
අමරදේව ශූරීන් කුඩා කල සංගීත ආභාෂය ලැබුවේ තම පියාගෙනි. එමෙන්ම ඔහුගේ වැඩි මහලු සහෝදරයෙකු ශාස්ත්‍රීය සංගීත ගුරුවරයෙක් වූයේය. අමරදේව ශූරීන් අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඔහු ද්විතීක අධ්‍යාපනය පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු කලුතර විද්‍යාලයට ද බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබුවේය.
අශෝක මාලා චිත්‍රපටයේ රූපගත කරන අවධියේ එම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ මොහොමඞ් ගෞස් මාස්ටර් තම සංගීත කණ්ඩායමේ ප්‍රධාන වයලීන් වාදකයා ලෙස අමරදේව ශූරීන් සම්බන්ධ කරගත්තේය. අමරදේව යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවිර සරච්චන්ද්‍රයන් අතිනි. ලක්නව් හි පිහිටි බාත්කණ්ඩයේ සංගීත විද්‍යාපීඨයෙන් අධ්‍යාපනය හැදෑරූ අමරදේවයන් පසුව ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හා සම්බන්ධව කටයුතු කළේය.
ලාංකීය ජන සංගීතයේ සංස්ථාපනය විමසා බැලීම සඳහා 1950 මැද භාගයේදී සිය ජන ගායනා සඳහා පණී භාරත, කිරි ගණිතා, ගුණමලා, උක්කුවා සහ සුරඹා වැනි උඩරට ශාස්ත්‍රීය නර්තන විශාරදයන්ගෙන් ශිල්පය හදාරන ලදි. සිංහල සංගීතයට අනන්‍ය වූ නියම ජන සංගීත සංස්කෘතියක් බිහි කරලීමට අමරදේව ශූරීන් සමත්වූහ. රන්මුතු දූව, අදට වැඩියෙන් හෙට හොඳයි,සිකුරු තරුව, ගම්පෙරලිය, ගැටවරයෝ, ළා දලු, සාරවිට, ආදරයයි කරුණාවයි, දෙළොවක් අතරේ, වෙසතුරු සිරිත යන චිත්‍රපටයන්හි සංගීතඅධ්‍යක්ෂණයෙන් දායක විය.
2001 වර්ෂයේ පිලිපීන රමෝන් මැක්සයිසායි සම්මානයෙන්ද ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානයෙන්ද 1998 දේශමාන්‍ය ආදී සම්මාන රැසක් දිනා ගැනිමට ද අමරදේව ශූරීන් සමත්වූහ. එමෙන්ම 1967 යුනෙස්කෝ මැනිලා සිම්පෝසියම ගවුමි සලාම් නම් වූ මාලදිවයින් ජාතික ගීය සඳහා 1972 ද බ්‍රිතාන්‍ය එලිසෙබෙත් රැජිනාගේ ආරාධනයෙන් යුතුව තනු නිර්මාණයට දායක වීමෙන් ඔහු ජාත්‍යන්තරය තුල ලාංකික අනන්‍යතාව සනිටුහන් කිරීමට සමත්විය. වසර හැත්තෑවක කාලයක් පුරා අමරදේවයන්ගේ ස්වරය තුල එක් වී කැටි වීතිබුණේ ජාතියක අභිමානවත් කටහඩය. එක් මොහොතක දෑස තෙත්වන පමණටම හැගීම් බර වන ඒ සියුම් කටහඩ තව වරෙක අප්‍රමාණ ගෘංගාර රසාලිප්ත ගීත නාදයක් විය. මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර එදවස පවසා සිටියේ අමරදේවගේ හඩ ජාතියේ හඩ බවය. මෙම උදාරතර හඩ පෞරුෂත්වය හදිස්සියෙහි ඇතිවූ රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් 2016 නොවැම්බර් මස 03 වන දින ජීවිත ගමනින් සමුගත්තේය.















එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...