Search This Blog

Sunday, May 21, 2017

පරිසරයෙන් වියෝ වූ මිනිසා

පරිසරය මිනිසාගේ ජීවයයි. පරිසරය හා මිනිසා අතර පවතින්නේ සමීප සම්බන්ධතාවයකි. නමුත් අද වනවිට පරිසරය නැවත ගොඩනඟිය නොහැකි ආකාරයට විනාශව ඇත. මිනිසා විසින් දැන හෝ නොදැන සිදු කරන සියලුම ක්‍රියා මේ සඳහා සෘජුව හෝ වක්‍රව සම්බන්ධව ඇත. මිනිසාගේ අනේක විධ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගැනීමේදී පරිසරය සීග්‍ර විනාශයකට මුහුණ දී ඇත. රට තුල සිදු වන්නා වූ සංවර්ධන ක්‍රියාකාරකම් මේ සඳහා බලපා ඇති ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත. එහිදී ජනගහනයේ වර්ධනයත් සමඟ සම්පත් පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක් ගැනීම ප්‍රබලව බලපා ඇත. කැළෑ කැපීම හා කැළෑ ගිනි තැබීම, ගංගාවල වැලි හෑරීම, ක්‍රමානුකූල නොවන ආකාරයට මැණික් ගැරීම, ගංගාවන්ට හා සාගරයන්ට කසල මුදා හැරීම,රථ වාහන හා කාර්මීක යන්ත්‍රෝපකරණ වලින් විෂ වායුව මුදා හැරීම, භවබෝග සඳහා රසායනික භාවිතය පරිසරයට ඇති ප්‍රධාන තර්ජනයන්ය. අද වන විට කැළෑ පාලුවන්ගේ නවතම ක්‍රියාවලිය බවට පත්ව ඇත්තේ කැළෑ ගිනි තැබීමයි. වනාන්තර ගිනි තබා ඉන් පසුව මැරීයන ගහකොළ කුණු කොල්ලයට ලබා ගැනීමයි. නමුත් එය තමන් තමන්ට ගිනි තබා ගැනීමක් වන බව ඔවුන්නොදනී. පරිසරය ආරක්ෂා කිරීමට සිටින පාලකයින්ද පෞද්ගලික වාසිතකා අදූරදර්ශීව ක්‍රියා කිරීම කෙතරම් ශෝචනීය තත්ත්වයක්ද?එහි විපාක පසුගිය අවුරුදු සමයේ අත්විදීමට හැකිවිය.


රතු ඉන්දියානු නායක සියැටල් 1854 දී ඇමරිකා ජනාධිපතිට යවන ලද ලිපිය මුලු මහත් ලෝකයටම
ආදර්ශයකි. එම ලිපියෙහි සඳහන් ආකාරයට, අපට පූජනීය වස්තුවක් වන මෙම පළිඟු කැට මෙන් දිදුලමින්
ගලා බසින දිය දහරක් නොව අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. මේ ගංගා අපේ සහෝදරයන්ය. ඔවුහු
අපේ පිපාසය සංසිඳවති. අපේ ඔරු එහා මෙහා ගෙන යති. අපේ දරුවන් පෝෂණය කරති. එහිදී ලේ
ඥාතීත්වය තරම් පරිසරය වටිනා සම්පතක් බව පෙන්වා දීමටය. එහිදී අපගේ ලේ ඥාතීන් යනු ලගම හා සමීපතයන්ය.මිනිසා සතු වැදගත්ම ඥාතීත්වයට එය සමාන කර ඇත්තේ ඥාතිත්වය තරමටම එය මිනිසාට සමීප නිසාවෙනි. මිනිසා මහ පොළොව‍ අයිතිවුවත්, මහ පොළොව මිනිසාට අයිති නොවන බවද එම ලිපියෙන් පෙන්වා දී ඇත. අප මෙ මිහිකතයේ භාරකරුවන් පමණක් වන හෙයින් පරිසරය කෙලෙසීමට අපට වරම් නැත. පරිසරය අපගේ මුතුන්මිත්තන් සුරක්ෂිත කොට දුන්නා සේම අපද එය සුරක්ෂිතව උරුම කර දිය යුතුය. මේ ආකාරයෙන් පරිසරය පිළිබදව දීර්ඝ පිලියකින් දක්වා ඇත්තේ එය අදටත් ඒ වාගේම හෙටටත් අවශ්‍ය වන්නා වූ අනගි සම්පතක් බව පසක් කර දීමටයි. එලෙසම පරිසරය ආරක්ෂා කර ගැනීම අපගේ පරම යුතුකමක් පමණක් නොව අප කර මත ඇති වගකීමක්ද වන බව ද දන්වමිනි. තාක්ෂණය තුල මංමුලා වී ඇති මිනිසා දිනෙන් දින ක්ෂය වන්නා වූ ස්වාභාවික සම්පත් පිළිබඳව කතා නොකරයි. පරිසරය සම්බන්ධ ප්‍රතිපත්ති, සම්මත කර ගත් පනත් කාර්යාලයෙහි සේප්පු තුල පුරවා තැබීමෙන් පමණක් පරිසරයය ආරක්ෂා කරගත හැකිද? පරිසරය පිළිබද ජනතාවත් බලධාරීන් ද මීට වඩා සංවේදී විය යුතුය.එහෙත් එක් දෙයක් ඇත. එ් පරිසරය විනාශ කිරීම තමාගේම විනාශයට පාර කපාගැනීමක් බව අමතක නොකළ යුතුය.
එක ගසක් කැපුව හොත් ගස් 10ක් සිටුවීමට පුරුදු වන්න. එමගින් ඔබද මිහිතලයද ආරක්ෂා වනු ඇත.














එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...