රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු වළලු පුලුල් කිරීම
සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි.වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන
රටාව තුළදී දරුවා ගැන සිතීමට දරුවාටවත්, දෙමව්පියන්ටත්,ගුරුවරුන්ටත් අමතකව ගොස් ඇත. විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය ක්‍රමයක්
බිහිවී තිබීමත් ශිෂ්‍ය කේනද්‍රීය අධ්‍යාපනත්‍රමය බිඳ වැටී තිබීමත් මේ සඳහා ප්‍රධාන
හේතුව බවට පත්ව ඇත. තරඟකාරී අධ්‍යාපන රටාව තුල ළමා මනසඅමතක කොට දමා ඇත. ඒ වෙනුවට
ආරුඪ කරගත් කාර්යබහුලත්වය දරුවාට ද ආරෝපණය කර ඇත. ළමයෙකුකුඩා වයසේ සිටම තම ඉගෙනීමේ
කටයුතු ආරම්භ කරන්නේ සොබාදහමත් සමඟ මුසු වීමෙනි. පරිසරය සමඟගැවසෙමින් සමාජානුයෝජනය
ලබා ගන්නා දරුවා තම ආච්චි සීයා සමඟ කාල ගත කිරීමෙන්, මිතුරන් සමඟසෙල්ලම් කිරීමෙන් බොහෝ දේ ඉගෙන ගනී.
නමුත් අද දරුවාට ඒ සඳහා අවස්ථාවන් අහිමිව ගොස් ඇත. සමාජපද්ධතියක් තුල ජීවත් වීම
සඳහා මෙම ක්‍රියාවලීන් සමඟ බද්ධ වීම සිදු විය යුතුය. එසේ නොවුවහොත් පරිපූර්ණ
මිනිසෙකු
රටට බිහි නොවේ.
අප රට තුල ළමයාගේ ජීවිතය තීරණය කරනුයේ ප්‍රධාන විභාග තුනකිනි. එහි
මුල් අවස්ථාව වන්නේ 5 ශ්‍රේණියෙහිෙශිෂ්‍යත්ව විභාගයයි. ශිෂ්‍යත්ව විභාගය දෙමාපියන්ගේ
විභාගයක් වන තරමටම අර්බුදයක් නිර්මාණය කොට හමාරය.උදෑසනම පාසල්, ඉන්පසුව රාත්‍රීය වන තෙක් පෞද්ගලික
පන්ති වලට කාලය කා දමති. දරුවන්ට හුස්ම ගැනීමටවත්වෙලාවක් නැති තරම් වැඩය. එහිදී
දෙමාපියන් දකින්නාවූ සුබ සිහිනය වන්නේ ජනප්‍රිය පාසලකට දරුවාව ඇතුලත්කරගැනීමයි. එම
සිහිනය සැබෑ කර ගැනීමට දරුවා නොමරා මරති. විභාගය සමත් වූවා හෝ නොවූවා කෙසේහෝ ඊළඟ
ශ්‍රේණියේ සිට නැවත පෞද්ගලික පන්ති ගෙන යාම අරඹයි. දරුවාද සිලබස් ගත ජීවිතයකට
හුරුවෙයි.ඉන්පිට දෙයක් කිරීමට දරුවාටද වෙලාවක් නැත. දරුවාට දරුවාද අමතකව යයි.
ඉරිදාට දහම් පාසල් යාමටවත්දරුවාට වෙලාවක් නැති තරමටම ටියුෂන් පන්තිය. ඉන්පසුව
බුද්ධධර්මය, සිංහල වැනි විෂයන් සඳහාද උපකාරකපන්තියේ
සහය පතයි. කෙසේ හෝ සමාන්‍ය පෙළ විභාගය සමත් වන දරුවා ඉන්පසු ජීවිතයෙහි කඩඉම
වන්නේඋසස් පෙළ විභායගයයි. එමඟින්ද වැඩියෙන් කටපාඩම් කළ හැකි අය දක්ෂයන් ලෙස
සරසවියට යති. එතැනදී දකටපාඩමින් තම විභාග ජයගනිති. නමුත් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය
හීන වී ගොස්ය. අධ්‍යාපනයෙහි මූලීක අරමුණුඅතර හොඳ රැකියාවක් ලබාගැනීමේදී අධ්‍යාපන
සහතිකයට වටිනාකමක් අදවන විට හිමි නොවීමට හේතුව වන්නේමෙම සිලබස් ගත අධ්‍යාපන ක්‍රමයයි.
ඔවුන්ට ප්‍රායෝගිකව ක්‍රියාකිරීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.
ලෝකයත් සමඟ ඉදිරියට යාමේදී ගුණාත්මක අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවන
ස්වාධින හා නිර්මාණශීලී මිනිසාගැටලු රාශියකට පිළිතුරකි. අධ්‍යාපනයෙහි මූල ික
අරමුණු වන දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය වත්මන්අධ්‍යාපන රටාව තුල අමතක කර දමා ඇත.ජපානය
වෙත පරමාණු බෝම්බ හෙලා හිරෝෂිමා හා නාගසාකි නගර බිමට සමතලා වෙන විට හැඩූ
පාලකයින්පසුව රටෙහි වත්මන් දිය ුණුව උදාකරගනු ලැබුවේ අන් කිසිවකින් නොව දුර දිග
බලා සිදු කරන ලද සැලසුම්හේතුවෙනි. ඒ අතර අනාගත පරපුරෙහි අධ්‍යාපනය දියුණු කිරීම
උදෙසා රජය විසින් මුදල් අයෝජන පුලුල් කිරීමදදැකගත හැකිය. මන්ද පාසලක් ආරම්භ කිරීම
සිරගෙවල් සීයක් වැසීම වැනිය යන්න සත්‍යාපනය කරමිනි.අධ්‍යාපනයෙහි උපරිම ඵල භුක්ති
විදීමට නම් වර්තමාන අධ්‍යාපන රටාව වෙනස් වීම අත්‍යවශ්‍ය සාධකයකි.අධ්‍යාපනය තුල
අවසාන පරමාර්ථය විය යුත්තේ හුදෙක් විභාග සමත් දැනුමකින් යුක්ත පිරිසක් බිහි කිරීම
නොව,යහපත් සමාජයක් ගොඩ නැගීම සඳහා
විචාරශීලී බුද්ධියකින් යුක්ත පිරිසක් අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි කිරීමයි.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment