වෙනසක් බලාපොරොත්තු වුන ජනතාව අලුත් පක්ෂයකට ඡන්දෙ දුන්නේ අලුත් රටක් හැදෙයි කියන බලාපොරොත්තුව උඩ. ඒත් දැන් තිබුණටත් වඩා අන්ත රටක් බවට පත්වෙලා. හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ඕන වුනේ තිබුණු ආර්ථික දේශපාලන සමාජීය ප්‍රශ්න වලට නව වැඩපිළිවෙලක් ලබා ගන්නයි. මිනිස්සු කඹලෙන් ලිපට වැටුනා වගේ. අද කන්න බොන්න දෙයක් නැති තරමට ජනතාව අන්ත අසරණ වෙලා. ඒවා ගැන රජයට වගේවගක් නෑ.

අද සංවර්ධනය කියන්නේ මොකක්ද කියලවත් සමහරු දන්නේත් නෑ. ඒවා එයාලට අදාලත් නෑ. කිසිම සංවර්ධනයක් කිසිම අතකින් වෙලා නෑ. පරාධීන ගැති මිනිස්සු ලංකාවේ බිහිවෙලා. පිටරට දේවල් ලංකාවෙන් බැහැර කරමු කිව්වොත් ලාංකිකයට ඉතුරු වෙන්නෙ නිරුවත විතරයි. මොකද අද යට කලිසමත් made in china වෙන්න පු`ඵවන් ඉඩකඩ බොහොම වැඩී. අද වෙද්දි අපි ඒ තරමට අපිට දෙයක් කරගන්න බැරි නිකම්මු පිරිසක් වෙලා ඉවරයි. අනුන්ගෙන් ලැබෙනකම් විරිත්ත විරිත්ත පාර බලන් ඉන්න අය තමයි අද ලංකාවේ ඉන්නේ. සිංහලේ කියලා නමට කිවුවට වැඩක් නෑ ඔක්කොම බඩු එන්නේ ලංකාවට පිටරටින් නම්. ලංකාව කියන්නේ සම්පත් ආකරයක්. ඒත් ඒවා අපේ රටේ අනන්‍ය දේවල් කරගත්තොත් අපිට මේ වැටිලා ඉන්න අරාජිකත්වයෙන් ගොඩ එන්න පු`ඵවන් වෙයි. දැන් ලංකාවේ තත්ත්වය වෙනස්. අන්තෝ ජටා බහි ජටා වගේ. ඇතුලත් ගිනිය පිටත් ගිනිය.
රාධිකා මධුවන්ති
කැළණීය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment