Search This Blog

Sunday, June 18, 2017

හදවතට ගුණ දෙන ජීර්ණය පහසුකරවන පතෝල

පතෝල 

පතෝල කියන්නේ ඕනෑම ලෙඩෙක්ට බයක් සැකක් නැතුව දිය හැකි එළවලුවක්. ඒවාගේම පෝෂණ ගුණයෙන් ඉතාම ඉහලයි. පතෝල ග්‍රෑම් 100ක් ගත්තොත් කැලරි තියෙන්නේ 22යි. ඒ කියන්නේ කැලරි අඩු කෑමක්. මහත්වේවි කියලා බය අයට චකිතයක් නැතුව ම කන්න පුලුවන්. මේ එළවලුවේ මේදයයි කොලොස්ටරෝලුයි කොහත්ම නෑ. සෝඩියම් මිලිග්‍රෑම් 8ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 90ක්, ප්‍රෝටීන් ග්‍රෑම් එකක්, කාබෝහයිඩ්‍රේටි ග්‍රෑම් 3ක් පතෝල ග්‍රෑම් 100ක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි කෙදි බහුල මේ ගුණැති එළවලු ග්‍රෑම් 100ක විටමින් ඒ සියයට 2ක් විටමින් සී සියයට 8ක් කැල්සියම් සියයට 3ක් වගේම යකඩ සියයට එකකුත් අඩංගුයි. මේ එළවලුවේ ඖෂධීය ගුණයත් ඊට දෙවනි නොවේ. ආයුර්වේදයට අනුව කෙදි සහිත නිසා මලබද්ධය ද සුවපත් කරනවා. අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇති අයට බඩ දැවිල්ලක් හා උගුර දැවිල්ලක් ඇතිවේ.දැවිල්ලත් එක්ක උගුරට එන වායුව නිසා සමහරු කෑම කන්නත් අකැමැතියි. පතෝල කියන්නේ ඒ අයට අපූරු කෑමක්.  සමහරුන්ට පවතින ඇගේ ලේ කෝප වීම් වලට පතෝල නියම කෑමක්. පතෝල ඇටවල පණුවන් නසන ගුණයකුත් තියෙනවලු. ඒනිසා පතෝල පුංචි දරුවන්ටත් ගුණයි.

පතෝල ගැන බටහිර වෛද්‍ය විද්‍යාවෙත් සදහන් වෙනවා. කෑම බීම හින්දා වගේම විවිධ හුරු පුරුදු හේතු‍වෙන් සිරුරේ විස එක්රැස් වෙනවා මෙන්ම සමහර විට විස වර්ග අලුතින් නිර්මාණය වෙනවා. පතෝල කෑවොත් මෙම විසත් නැති කරගත හැකියි. අපි ලෙඩ රෝග වලින් ආරක්ෂා වන්නෙ අප තුල ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසාවෙනි. පතෝල ප්‍රතිශක්තිකරණය පද්ධතිය වැඩි දියුණු කර අප ලෙඩ රෝගයන්ගෙන් ආරක්ෂා කරනු ඇත. එපමණක් නොව ආහාර දිරවීමත් පහසුකරයි. දියවැඩියාව, කොලොස්ටරෝල් පාලනය කරයි. අපේ හදවත ආරක්ෂා කිරීමේ හැකියාව පතෝල වලට හිමියි. ආතතිය, පීඩනය වගේ තත්ත්වත් දුරු කරනවා.


















එස්.ඩී.ආර්. මධුවන්ති

කැළණිය විශ්ව විද්‍යාලය

Thursday, June 15, 2017

ඇසි දිසි මායාවේ දැන්වීම්කරණ තතු

වෙළඳ දැන්වීම් යනු සැබවින්ම කලාවකි. මෙම කලාව මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට සමත් ප්‍රධාන බලවේගයකිග වර්තමානයේ කිසියම් භාණ්ඩයක්, නිෂ්පාදනයක් හෝ සේවාවක් මෙන්ම ඒවා නිෂ්පාදනය කරන සමාගමක පැවැත්ම තීරණය වන්නේ එම නිෂ්පාදනයන් මිලට ගනු ලබන ජනතාව මතයි. එනම් පාරිභෝගිකයා මතයි එම නිසා ඔවුන් දිනෙන් දින වෙනස් වන මානුෂීය සිතුම් පැතුම් අලලා මෙම ප්‍රචාරයන් නිර්මාණය කර ගනී. වර්තමානයේ වෙළඳ දැන්වීම් ප්‍රධාන වශයෙන්
                               රූපවහිනිය
                               පුවත් පත
                               ගුවන් විදුලිය
                               නව මාධ්‍ය  
ප්‍රධාන වශයෙන් වෙළඳ දැන්වීම් පරිභෝගිකයා වෙත ලබා දෙන මාධ්‍යයන්වේ. මේවා අතරිනුත් ප්‍රධාන වශයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තරයට මෙන්ම බාහිර ක්‍රියාකාරකම් සඳහා සෘජුවම දායක වන්නේ රූපවාහිනියයි. අනෙක් මධ්‍යයන් අභිබවමින් භාණ්ඩ අලෙවිය සඳහා රූපවාහිනිය තුළ වන්නා වූ වෙළඳ දැන්වීම් පාරිභෝගික ආකර්ෂණය දිනා ගන්නා ආකාරය පිළිබඳව කරුණු පිළිබඳව අධ්‍යයනයක් සිදුකරනු ලබයි. රූපවාහිනී වෙළඳ දැන්වීමක අර්ථය වටහා ගැනීමටත් එය හොදින් අධ්‍යයනය කිරීමටක් රූපවාහිනීය පිළිබදව හොඳ සාක්ෂරතාවයෙන් යුත් අයෙකු වීම මෙහිදී වැදගත්වේ.

ඒබ්‍රහම් කාඩිනර් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යා රටාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වය හා ඔහු ජීවත්වන පරිසරයේ ප්‍රතිඵලයක්වේ. මෙහිදී ජීවත්වන පරිසරය තළ අද රූපවාහිනිය ප්‍රධානවේ. මේ අතර ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන් හා තරුණ පිරිස් වෙත වන්නා වූ බලපෑම අති විශාලය.

සාමාන්‍ය ජීවිතයේදී පාරිභෝගිකයාට අවශ්‍ය වන්නා වූ යම් යම් නිෂ්පාදන අලලා කරනු ලබන වෙළඳ දැන්වීම් මෙන්ම අනෙකුත් සෑම ප්‍රචාරණයකදීම ග්‍රාහක අවදානයඉතා වැදගත් කාරණයක් බවට පත්වේ. මෙහිදී බාල, තරුණ, වැඩිහිටි, මහ`ඵ යනාදී ඕනෑම කණ්ඩායමක අවදානය දිනා ගැනීමේ හැකියාව වෙළඳ දැන්වීමක් සතුය. ඔවුන්ගේ දැකීම අලෙවියට වැදගත් වන්නේ එම නිසාය. වෙළඳ දැන්වීමකට ආකර්ෂණය ඇතිවීම ඉතා සංකීර්ණ ක්‍රියවලියකි.වෙළඳ දැන්වීම් සඳහා මනෝ විද්‍යාත්මක මෙන්ම බාහිර සාදක මතද නැඟෙයි.එනම් එකම වෙළඳ දැන්වීම් වුවත් මිනිසුන් විවිධ ආකාරයෙන් වටහා ගනු ලබයි. විවිධ පුද්ගලයින් විවිධ දේ කරා පෙළඹේ.

පුද්ගලයෙක් වැටහීමක් ඇති කර ගනු ලබන්නේ ඇසීම, දැනීම, ගඳ, සුවඳ, දැනුම, රස, ස්පර්ශය යනාදී පංචේන්ද්‍රියන්ගේ දැනීම මතය. මිනිසුන්ගේ මෙම පංචේන්ද්‍රිය ව්‍යපාරිකයන්ට ඉතා වැදගත් සාධකයකි.යම් කිසි අරමුණක් කෙරෙහි ඇතිවන කැමැත්ත උත්තේජනය නම්වේ. එම කැමැත්ත අප ඇසීම, දැකීම, ස්පර්ශය, ගඳ සුවඳ ආදි කුමන හෝ මාධ්‍යයක් මඟින් ග්‍රහනය කරනු ලබන්නකි. ඊට ප්‍රතික්‍රියා ලෙස යම් යම් ත්‍රියාවන්ගේ නිරතවේ. එය ප්‍රතිචාරයයි. මෙහිදී ජනමාධ්‍යයන් මඟින් විසුරුවා හරින විවිධ සංදේශවලට අවධානය යොමු වීම සිදුවේ. එහිදී ඒ සඳහා උත්තේජන ප්‍රතිචාර ක්‍රියාවලියට යටත්වෙයි.

රූපවාහිනිය යනු අනෙක් මාධ්‍ය අභිබවමින් පංචේන්ද්‍රිය පිනවන්නට සමත් මාධ්‍යයකි. රූපවාහිනී දැන්වීම් මඟින් දැන්වීම් ප්‍රචාරණයේ මූලිකම අරමුණ වන ග්‍රාහකයින් පෙළඹවීම ඉතා සාර්ථකව සිදුවේ. සමාජ පද්ධතියක් තුළ විවිධ ප්‍රභේද හඳුනාගත හැකිය. මෙයින් විශේෂයෙන්ම දැක්විය හැකි ප්‍රභේදයක් ලෙස ස්ත්‍රී/ පුරුෂ වර්ග කිරිම් බාල, තරුණ, වැඩිහිටි වශයෙන් ඇති ප්‍රභේද ද මේ යටතේ ගැනේ. එහිදී මෙම සියලුම ප්‍රභේද එකතු කරන්නාවූ ස්ථානයක් වශයෙන් රූපවාහිය හදුනා ගත හැකිය. මෙහිදී ග්‍රාහකයාගේ සියලුම ඉන්ද්‍රියන් ස්පර්ශ කිරීමට සමත් එකම මාධ්‍ය මෙය වීම හේතු කොටගෙන දැන්වීම් මෙම මාධ්‍ය තුළ ඉතා සාර්ථකත්වයට පත් වී ඇත. වෙනත් මාධ්‍යයන්ට වඩා ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන අංශ දෙකම ඉතා සාර්ථකව පැවතීම හේතු කොට ගෙන එමඟින් පුද්ගලයාට කල හැකි බලපෑම ඉතා විශාලය.

අද වන විට රූපවාහිනී මාධ්‍ය මඟින් ව්‍යපාරිකයන්ට තම සිතැඟි පරිදි පණිවිඩ ලබා දීමට හැකි අතර පාරිභෝගිකයාටද තම අභිමතය පරිදි නොව සමාගම්හි අවශ්‍යතාවන්ට අනුව භාණ්ඩ මිලදී ගැනීම සිදුකරනු ලබයි. එයට ප්‍රධාන හේතූන් වන්නේ පාරිභෝගිකයා රූපවාහිනිය මඟින් පෙන්වනු ලබන වෙළඳ දැන්වීම් සදහා ආකර්ෂණය වීමයි. රූපවාහිනිය අන් මාධ්‍යයන්ට වඩා නැගී සිටීමටද හේතුව වන්නේ එහි තුළ වන්නාවූ ආකර්ෂණීය බව හේතු කොටගෙනය. බොහෝ විට වෙළඳ දැන්වීමක් දුටු විගස රූපවාහිනී නරඹන්නා එය වැළඳ ගනී. මෙහිදී හේතුව වශයෙන් දක්වන්නේ මැල්කම්ගේ අවශ්‍යතා න්‍යායට අනුකූලව ව්‍යාපාරි ප්‍රජාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සාහය මත සිදුකරනු ලබන පෙළඹවීම හේතුවෙනි.

මෙහිදී වෙළඳ දැන්වීමක් නිර්මාණය කිරීමේ දී AIDA නම් සංකල්පයයි එහිදී

A -     Attention – Get Attention
I  -     Interest - Hold Interest
D -     Desire – Arouse Desire
A -     Altorin Action යන්නයි.



මෙහිදී වෙළඳ දැන්වීමක් මඟින් සිදු කරන කාර්යයන් මෙහි දක්වා ඇත-එහිදී අවධානය යොමු කරවා ගැනීම, උනන්දුව රදවා තබා ගැනීම, අභිලාෂ ජනක වීම, ක්‍රියාත්මක කිරීමට පෙළඹවීම යන්න මෙඟින් සිදු කරනු ලබයි.

එහිදී ඒබ්‍රහම් කාඩිනල් පවසන ආකාරයට පුද්ගලයාගේ චර්යාව හෙවත් හැසිරීම් රටාව ඔහුගේ පෞරුෂත්වය හා ඔහු ජීවත් වන පරිසරයේ ප්‍රතිඵලයක්වේ. මේ ජීවත් වන පරිසරය තුළ අද රූපවාහිනී මධ්‍ය ප්‍රධානවේ. මේ අතර සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල ළම්න් හා තරුණ පිරිස් වෙත සිදුවන බලපෑම අති විශාල විය. මේ ආකාරයට පුද්ගලයාට රූපවාහිනිය බලපාන ආතාරය හදුනා ගත හැකිය. එහි තුළ වන්නා වූ බලපෑම කෙබඳු දැයි වටහා ගත හැකිය.

වෙළඳ දැන්වීමක් දකින පාරිභෝගිකයාට එය වටහා ගැනීමට ඇති දැනුමද ඉතා වැදගත්ය. වෙළද දැන්වීමකින් වෙළඳ භාණ්ඩයට සිදුවන්නේ තුමක්ද යන්න BILL BERNBACHS BOOK නම් වෙළඳ ප්‍රචාරණය පිළිබඳ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි වෙළඳ ප්‍රචාරණ මඟින් භාණ්ඩයට ලාභයක් හෝ වාසියක් ලබා නොදෙයි. එයට කළ හැකි වන්නේ එය ළඟා කර දීම පමණයි.



තවද මාටිනි මේසන් පවසන පරිදි වෙළඳ පොළ තුළ දැන්වීමක් විග්‍රහ කළ හැක්කේ ඉතා නිර්භීත පුද්ගලයෙකුට හෝ කිසිවෙක් නොතකා හරින්නෙකුට පමණය. කෙසේ වුවද දැන්වීමකින් කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද දැයි සාමාන්‍යයෙන් පැහැදිලිය. මූලික අරුතෙන් ගත් විට දැන්වීම් මඟින් ආයතනයේ අලෙවිය ඉහළ දැමීමට අදහස් කෙරේ.මේ ආකාරයට  දැන්වීමක් මඟින් සිදුවන කාර්ය ඉතා සරලව ඔහු  දක්වයි. මෙම පොත තුළම අන්තර්ගල වී ඇත්තේ මෙම වෙළඳ දැන්වීම් වඩාත් බලපානුයේ කාන්තාවන් සදහා බවත් එහිදී ගෘහණිය පාරිභෝගික අවශ්‍යතාවන් පිළිබදව තීරණ ගනු ලබන බවත්ය.

තවද ඉන්දියාවේ Seach India විසින් කරන ලද අධ්‍යයකට අනුව හෙළිදරව් වී ඇත්තේ ළමයින්ට දරාගන්නට නොහැකි තරමේ තොරතුරු සම්භාරයක් ලැබෙන බවයි.මේ අකාරයට අද වන වි දැන්වීම්කරණය ලොකු කුඩා සියල්ලන්ටම එක ලෙස බලපා ඇති සාධකයක් බවට පත් වී ඇත.

අලෙවිකරණ සන්නිවේදන ග්‍රන්ථයෙහි සඳහන් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ අදහසට අනුව විද්‍යුත් මාධ්‍යයන්හි දැන්වීම් නිදසුන් කොට ගනිමින් ග්‍රාහකයාගේ අවශ්‍යතාවන්ට වඩා මානසික සන්තර්පනය ද තම ව්‍යාපාරික අභිලාෂය ද ඉටු කර ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස දක්වයි”. තවද අප බොහෝ විට වෙළඳ දැන්වීමක් දුටු විගස රූපවාහිනී නරඹන්නා එය වැළඳ ගනී. මෙහිදී හේතුව වශයෙන් දක්වන්නේ මැල්කම්ගේ අවශ්‍යතා න්‍යායට අනුකූලව ව්‍යාපාරි ප්‍රජාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට දරන උත්සාහය මත සිදුකරනු ලබන පෙළඹවීම හේතුවෙනි.

කෙනෙකුගේ සිතෙහි භාණ්ඩයක් හෝ සේවාවක් පිළිබඳව ඇල්මක් ඇතිවීම කිසිදු බාධාවකින් තොරව ක්ෂණිකව සිදුවෙයි. එහෙත් මිල, එය මිලදී ගැනීමට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳව ඒ තැනැත්තාගේ සිතෙහි ඇතිවන ක්‍රියාදාමය මඟින් නැවත නැවත යම් ගැටලු මතු කරනු ලබයි. උදාහරණයක් ලෙස ඉතා නූතන සුඛෝපභෝගී මෝටර් රථයක් දැකීමෙන් සහ ඒ පිළිබඳ රූපවාහිනී වෙළඳ දැන්වීමක් දැකීමෙන් ඇතිවන ආශාව සිත ඇතුලේම තද කරගෙන පැරණී මෝටර් රථයක හෝ බසයේ ගමන් කරන්නෙකුට පසුතැවීමක් ඇති කිරීමට දැන්වීම් මූලික වෙයි.

මේ නිසාම පාරිභෝගික වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ දී බොහෝවිට භාව විෂයීක පෙළඹවීම් මුල් තැන ගනු ලබයි. ජන විඥානයේ රැදී පවතින නැතිනම් යටි සිතේ තැන්පත්ව ඇති විවිධ හැඟීම් ඉලක්ක කර ගැනීම මෙහිදී සිදුවේ. එවැනි සාදක කීපයක් මෙසේ හඳුනා ගත හැකිය. එනම්,
                        සෞන්දර්ය ගුණය
                        මානව හැඟීම්
                        බුද්ධිමය ශක්තිය
                        ගති ස්වභාවයන්
                        ගෞරවනීයත්වය

ඕනෑම වෙළඳ දැන්වීමක පොදුවේ සෞන්දර්ය සංකලනය දැකිය හැකිය. වර්ණ, රූප, එළිය, අඳුර භාවිතය, ආලෝකය, ශබ්දය හැසිරවීම හැඩතල ආදී සාධක සෞන්දර්ය ගොනු කරනු ලබයි.එසේම එවැනි සෞන්දර්යාත්මක හැඟීම් උද්දීපනයට පරිසර වර්ණනා වුවද භාවිතවනු දැකිය හැකිය. ඕනෑම පුද්ගලයෙකු මෙවැනි සෞන්දර්යාත්මක සිද්ධීන් කෙරෙහි ප්‍රියතාවයක් ඇතිවේ. ඇස ආකර්ෂණය අවධානය මත පෙළඹවීමට මෙවැනි හැඟීම් ඉලක්ක කර ගත හැකිවේ. මිනිසුන් වශයෙන් අප සතු ගුණාංග මත පිහිටන හැඟීම් මානව ගතිවලින් අරමුණු කරයි. ආදරය, කරුණාව වැනි හැඟීම් උපදවාලිය හැකි සාධක වෙළඳ දැන්වීම්වල ඇතුලත් වන අවස්ථා මීට නිදසුන්ය. මේ අනුව මිනිසුන්ට කතා කල හැකි හොඳම ක්‍රමය මානුෂීය හැඟීම් යොදාගෙන වෙළඳ දැන්වීම් ඉදිරිපත් කිරීම බව මෙමඟින් අවධාරණය කොට ඇත.
රූපවාහිනී වෙළඳ දැන්වීම් ළමයින් කෙරෙහි ඇති කරනු ලබන බලපෑම යන නිබන්ධයේ වෙළඳ දැන්වීම් යන්න නිර්වචනය සිදු කොට ඇත්තේ,
අලෙවි බලවේග සඳහා දොරගුලු විවර කිරීමකි
වෙළඳ දැන්වීමක් යනු පාරිභෝගිකයාට තම නිෂ්පාදනය හදුන්වා දිය හැකි එකම හා ප්‍රබලතම මාර්ගයයි. එහිදී ඒ වටා ජනතාව එක්රොක්වේ. භාණ්ඩ නිෂ්පාදකයින්ට තම භාණ්ඩය හෝ සේවාව ඉදිරිපත් කළ හැකි හොඳම අවස්ථාව වෙළඳ දැන්වීම වන බවයි. එම නිබන්ධනයෙහිම වෙළඳ දැන්වීම්හි අරමුණු පහත අයුරින් දක්වා ඇත.
එනම්,
                        1 පොළඹවා ගැනීම හා පෙළඹවීම.
                        2 සෘජුව හදවතට ඇමතීම.
                        3 අනිවාර්ය බලපෑම.
                        4 සමබර බව බිඳ දැමීම.
                        5 සියුම් උපක්‍රම භාවිතා කිරීම  යනාදී වශයෙන් දැක්වේ.

මෙම අරමුණු මූලික කොට ගෙන ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත්වන ආකාරයෙන් වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීම දැකගත හැකිය. මෙහිදී ද්‍රව්‍ය බෙදා හැරීම හා පාරිභෝගිකයා පොළඹවීම සඳහා ප්‍රචාරණය අවශ්‍යම අංගයක් බවට පත් වී ඇති බවයි.
ප්‍රචාරණය මඟින් පාරිභෝගිකයින් තුළ යම් ආකාරයකින් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා ඉල්ලීමක් ඇති කිරීමට අනිවාර්ය පෙළඹවීමක් ඇති කරයි. ධනවාදී සමාජයේ ප්‍රචාරණය අනිවාර්ය අංගයක් වුවද මාක්ස්වාදීන් විසින් ප්‍රචාරණය හඳුන්වා දෙනු ලැබුවේ ධනවාදය පවත්වා ගෙන යෑමට අනිවාර්යයෙන් ම අවශ්‍ය අංගයක් බවය. තවත් අතකින් ප්‍රචාරණය පාරිභෝගිකයා තුළ පෙළඹවීමක් කරන අතරම පාරිභෝගිකයා තමා විසින් ම සිතාමතා තීරණය කර යමක් මිලට ගැනීමට ඇති අයිතිය හා හැකියාව අහිමි කරන බව පිළිගත යුතුය.
ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙකු වරක් පළ කළ අදහසක් ප්‍රචාරණය සම්බන්ධයෙන් වැදගත් ඉඟියක් ලබා දෙයි.

                        Nothing except the mint can make money without advertising

මෙම සඳහන අපට තහවුරු කරන්නේ ව්‍යාපාරයක සාර්ථකත්වය උදෙසා ප්‍රචාරණයේ ඇති බලපෑමයි. දෙනු ලබන ප්‍රචාරය තුළ යම් භාණ්ඩයක හෝ සේවාවක් සඳහා ඇති ප්‍රේක්ෂක ඉල්ලුම වෙනස් විය හැකි තත්ත්වයක් ඉන් පැහැදිලිවේ. මේ අනුව පාරිභෝගිකා අද වන විට භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේ දී ලැබෙන ප්‍රතිචාරයට අනුව කටයුතු කරන ආකාරය හදුනා ගත හැකිය. කෙනෙකු තමා ගනු ලබන භාණ්ඩය සඳහා දැන්වීම් බෙහෙවින් බලපාන බවයි.
දැන්වීමක කාර්යය නිර්ණය කරගැනීම සඳහා මිනිසුන් වසර ගණනක සිට වෙහෙසෙති. මාර්ටින්  මේසන් පවසන පරිදි වෙළඳපොළ තුළ දැන්වීමක කාර්යය නිශ්චිතව විග්‍රහ කළ හැක්කේ ඉතා නිර්භීත පුද්ගලයෙකුට හෝ කිසිවක් නොතකා හරින්නෙකුට පමණය. කෙසේ වුවද දැන්වීමකින් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි සාමාන්‍යයෙන් පැහැදිලිය. මූලික අරුතෙන් ගත් විට දැන්වීම් මඟින් ආයතනයේ අලෙවිය (හෝ ඔවුන් බලාපොරොත්තු වන අන් කාර්යයක් ) ඉහළ දැමීමට අදහස් කෙරේ. කෙසේ වුවද දැන්වීමට පමණක් යමක් අලෙවිය වැඩි කළ නොහැකිය. පාරිභෝගිකයා මිලට ගන්නා භාණ්ඩය එහි මිලට ගන්නා භාණ්ඩය මිල, ඇසුරුම්, පුද්ගල අලෙවිය, සේවා මූල්‍ය තත්ත්වය වෙළෙඳ පොළට අදාල වෙනත් කරුණු ආදී බොහෝ තත්ත්වය වෙළෙඳ වෙළෙඳ පොළට අදාල වෙනත් කරුණු ආදී බොහෝ තත්ත්වයන් ආශ්‍රීතව තීරණයවේ.
සෙසු කලා මාධ්‍යයන්ට වඩා වෙළඳ දැන්වීම් කලාව තුළ නිරුවත සහ ලිංගිකත්වය නිරූපණය උපක්‍රමයක් ලෙස යොදා ගැනීමෙන් තම වෙළඳ අරමුණු ඉටුවුවද සමාජ සාරධර්ම හා පැවැත්මට සිදුවන හානීන් පිළිබඳව අවබෝධ වන්නේ කලක් ගතවීමෙන් අනතුරුවයි- එහි අනිටු ප්‍රතිඵල ඉස්මතු වන්නේ කලක් ගත වීමෙන් අනතුරුවයි. මෙමඟින් අවධානය යොමු කර ගත හැකි වන්නේ වෙළඳ දැන්වීම පුද්ගලයාගේ ජීවිතය සඳහා සෘජුව දායක වන බවයි. එහි බලපෑම අනාගතයේදී මුහුණ පාන්නට සිදුවේ. දැන්වීම අත්‍යවශ්‍ය වුවද එයද සමාජය සදහා සෘජුවම බලපාන බව දක්වා ඇත. පුද්ගලයා තමාගේ චර්යාවන් හැඩ ගස්වා ගැනීම සඳහා බොහෝ විට මෙම වෙළඳ දැන්වීම්හි ආභාෂය ගනු ඇත. එයට හේතුව වශයෙන් අදවන විට රූපවාහිනිය ජනතාවගේ සමීපතම මිතුරා බවට පත් වීම දැක්විය හැකිය.

වෙළඳ භාණ්ඩයක් මිලදී ගන්නා ඕනෑම ආර්ථික හා සමාජමය තත්වයක පිරිස මීට අයත්වේ. පාරිභෝගිකයෙක් භාණ්ඩ මිලදී ගැනීමට පෙර අවස්ථා 6ක් පසු කරයි.
1- අවශ්‍යතාවය                          4- තේරීම
2- සිතා බැලීම                            5- මිලදී ගැනීම
3- සොයා බැලීම                         6- පාරිභෝගිකයා
මේ ආකාරයට පාරිභෝගිකයෙකු භාණ්ඩයක් මිලදී ගැනීමේ දී සැලකිලිමත්වේ. පාරිභෝගිකයාගේ මෙම අවශ්‍යතාවන්ට අනුරූප වන ආකාරයට වෙළඳ දැන්වීම නිම කල හොත් එමඟින් ඔවුන්ගේ අලෙවිය සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. මෙහිදී වෙළඳ දැන්වීමක් නිම කිරීමේදී පාරිභෝගිකයා පිළිබඳව සැලකිලිමත්භාවය අත්‍යවශ්‍යම කාරණයක් බවට පත්වේ.

රත්නසිරි (2006) ඇසිදිසි මායාව නම් ග්‍රන්ථයේ වෙළඳ දැන්වීමක ස්වභාවය දක්වා තිබේ- එහිදී වෙළඳ දැන්වීමක් නීත්‍යානුකූල විය යුතුයLegal , දැන්වීමෙන් ඉදිරිපත් කරන පණිවුඩය පැහැදිලි විය යුතුය(Clear), එම පණිවුඩය අවංක(Honest) පරමාර්ථයක් ඉටුකර ගැනීම සදහා විය යුතුය, සත්‍ය විය යුතුය(Truthful), වෙනත් වැඩසටහනකින් හෝ වෙනත් පුවතකින් පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකිය, එක් භාණ්ඩයකට වඩා තවත් භාණ්ඩයක් හොඳ යැයි තුලනය නොකළ යුතුයි, කනට අමිහිරි, කඨෝර භාෂා හා උච්චාරණ බැහැර විය යුතුයි, වෙළඳ දැන්වීමක අන්තර්ගතයට ඇතුලත් විය යුතු ලෙස සලකන දැන්වීම්කරුගේ නම්(Name of the Advertiser), නිෂ්පාදනය(Product), නිෂ්පාදිතයේ නම(Product Name), වෙළඳ නාමය(Trade Name), ලාංඡනය (Logo), ව්‍යාපාරයේ ස්වභාව යනාදියත් (Type of business), විශේෂයෙන් ළමුන් අවුස්සන සුලු නොවීමට වග බලා ගත යුතුය,රසඥතාවයට හානිකර නොවිය යුතුය- සෑම රටකම පාහේ වෙළඳ දැන්වීම් සැකසීමේ දී හා ඒවා විකාශයට භාර ගැනීමේදී සැලකිල්ලට ගත යුතු නියමයන් හඳුන්වා දී ඇත.


ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය.(2001/ අංක 1). කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය. කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම.

සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය.(2010)කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය. කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම.

සන්නිවේදන ශාස්ත්‍රීය සංග්‍රහය තෙවනි වෙ`ඵම.(2013).කැළණිය ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කොළඹ 10, සී/ස ඇස් ගොඩගේ සහ සහෝදරයෝ (පුද්) සමාගම.

ඇතුගල ආරියරත්න.(2004) මාධ්‍ය පර්යේෂණමරදාන, රත්න පොත් ප්‍රකාශකයෝ.

නිශ්ශංක චන්දිම.(1997) දැන්වීම් කලාව හා ජනමාධ්‍ය.ශ්‍රී ජයවර්ධනපුර, සිතිජය මාධ්‍ය සංසදය,

ගුණසේකර උදිත ගයාෂාන්. (2012). අලෙවිකරණ සන්නිවේදනය.වැලිවේරිය, සඳකඩපහන ප්‍රකාශකයෝ.


දයාරත්න පී.බන්දුල.(2014).මාධ්‍ය සාක්ෂරතාවය.පන්නිපිටිය, රුවන් ප්‍රකාශකයෝ.


එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

Friday, June 9, 2017

කාසි

අහස උසට නැගි බලාපොරොත්තු
පොදි බැද ආ ආශාවන්
ඔබ පසුපස එයි
ගොනා පසු පස එන ගැල ලෙසට
ආදරෙන් කැදැල්ලක් තනන්නට
 සොයති නුඹ
නෙක තැන වෙහෙසෙමින්
ඇත්තන්ට රජ මගුල්ය
කා බී නටා ගයා
හොර අඹුවක්ද සොයා ගෙන
රෙස්ට් කරයි නුඹේ නාමෙන්
මහමගට වී සුසුම්ලන හැගුමක්
බලා සිටිති දකින තෙක් නුඹෙ සේයාවක්
හෙට දින බඩවත පුරවා ගැනුමට
ඇත්තා යති නැත්තා දුටුවත්
දුටුවා නොදුටුවා මෙන් ආඩම්බරෙන්
                                                                                                              














එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය

නුඹ


වසන්තයෙහි හමු වූ
ගිම්හානයෙහි තනිව නොතැබූ
හමන මදනල සේ ලග වූ
දෙතොලට සිනා කැන්ද වු
දෙනෙත පිනවන දසුන වූ
හැර නොයන ශක්තිමත්
පවුරක් වූ
දැඩි වෙමින්
මෘදු වෙමින්
ඇද හැලෙන
කැටි ගැසෙන
ගලා යන ගගක් වූ
සෙනෙහසින් හිස, හිත පිරිමැදූ
මහ මෙරක් වූ
එදා මෙන් අදත් නොවෙනස් වූ
නුඹේ ආදරය..........................
















ෆේස් බුක් හා ජීවිත

මිනිසා සන්නිවේදන සදහා භාවිත කළ ක්‍රමවේදයන්හි විකාශනය මානවයාගේ සමාජීය පරිණාමය නිර්ණය කළ ප්‍රමුඛ සාධකයක් විය. අද වන විට මිනිසුනගේ සිතුම් පැතුම් හා සමාජීය සම්බන්ධතා කෙරෙහි මෙම නවමාධ්‍ය හේතුවී ඇත. ඒ අතරින් වර්තමානයෙහි භාවිතා වන සමාජ ජාල වෙබ් අඩවි අතර ප්‍රමුඛස්ථානය ෆේස් බුක් සදහා ලැබී ඇත්තේ ඒ තුලින් ඇති වන්නාවූ නව සම්බන්ධතා හේතුවෙනි. ලොකු කුඩා භේදයකින් තොරව මුහුණු පොත තුල සැරසැරීමට අවස්ථා හිමි රග මඩලකි.
ෆේස් බුක්හි ආරම්භය පිළිබදව විමසීමේදී 2004 වර්ෂයේ දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි Mark Zuckerbeg මූලිකත්වයෙන් යුතුව Eduro Saverin, Dustin Moskovitz, Chris Hughe යන මිතුරන්ගේ එකතුවෙන් මෙම සමාජ ජාලය නිර්මාණය විය. ඔවුන් මෙම සමාජ ජාලය නිර්මාණය කලේ ඔවුනොවුන් සමග පුද්ගලික සබදතා පවත්වා ගෙන යාමේ මෙවලමක් වශයෙන් සහ විනෝදය සදහාය. මේ ආකාරයෙන් නිර්මාණය වූ ‍ෆේස් බුක් මගින් ලෝකය තත්ත්පර ගණනක් ඇතුලත එක්ට එක් කිරීමේ හැකියාව එයට සතු බව ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කර ඇත. 1984 දී උපත ලැබු මාක් සකර්බර්ග් අති දක්ෂ පරිගණක ශිල්පියෙකි. ප්‍රධාන පෙලේ මෘදුකාංග සංවර්ධකයෙකි. මොහු ලොව වැඩිම බලපෑමක් කළ හැකි අංක එකේ පුද්ගලයෙක් බව වැනිටිෆෙයා සගරාව පෙන්වාදෙයි. මෙය මුල් කාලයේ දී නිකුත් කරනු ලැබුවේ තම විශ්ව විද්‍යාලයෙහි සිසුන් අතර තොරතුරු හුවමාරු කර ගැනීම සදහා පමණි. නමුත් කල්යත්ම එය ඇමෙරිකාවෙහි බොස්ටන් නගරයෙහි පාසල් අතර හා Ivy League, Stanford University අතර සිසුන් සදහා පිරිශීලනය කිරීමට හැකි වන පරිදි වැඩි දියුණු කළ අතර එකල මෙහි සමාජිකත්වය දැරීමට නම් වයස අවුරුදු 13 ට වඩා වැඩි විය යුතුය. The National Psychologist ශාස්ත්‍රීය සගරාව දක්වන ආකාරයට අන්තර්ජාලය භාවිතා කරන වැඩිහිටියන්ගෙන් 61% ක්, තරුණ තරුණියන්ගෙන් 86% ක්, නව යොවුන් වයසේ අයගෙන් 71%ක් ෆේස් බුක් භාවිතා කරන බවයි.
අද අප මුහුණු පොතට එක් කරන පින්තූරයක් අදහසක් හෝ මොනයම් හෝ දෙයක් අවසාන වශයෙන් ගබඩා වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවල මෙන්ලෝ පාර්ක් ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධාන මධ්‍යස්ථානයෙහිය.
මේ ආකාරයෙන් ඉතා විශාල පිරිසක් අද වන විට ෆේස් බුක් හා එක් රොක් වී ඇත. නමුත් ඕනෑම දෙයක හොද මෙන්ම නරක ද දැකගත හැකිය. මෙහි ෆේස් බුක් වැනි සමාජ ජාල මාධ්‍යයක් සදහා බොහෝ දෙනා නැඹුරු වන්නේ ඒ ඔස්සේ මිතුරු සමාජයක් ගොඩ නගා ගැනීම සදහාය. ඒ ඔස්සේ නොදන්නා අධ්‍යාපනික කරුණු සාකච්ඡා කිරීමට මෙන්ම ලෝකයෙහි සිදුවන සිදුවීම් පිළිබදව අවබෝධයක් ලැබීමේ හැකියාව ඒ තුල ඇත. බොහෝ විට රූපවාහිනියෙන් යම් ප්‍රවෘත්තියක් ලබා දීමට පෙර නව මාධ්‍ය තුල එය ප්‍රචාරය වී තිබිය හැකිය. ඒ තුල වන්නා වු වේගවත්භාවය හේතුකොට ගෙන අද බොහෝ දෙනා ෆේස් බුක් ඇතුලු නව මාධ්‍යයෙහි උපාංග සමග සම්බන්ධව ඇත. මුහුණු පොත හරහා ආර්ථික සමාජ දේශපාලනික කාරණා හමුවේ ප්‍රබල සමාජ මතයක් ගොඩ නැගිමේ ශක්‍යතාවය ඉතා ඉහලය. එසේම තම රටට හෝ සංස්කෘතියට අයත් නොවන මිතුරු මිතුරියන් හෝ සමාජ සංවිධාන හදුනා ගැනීම හරහා සංස්කෘතික වාහකයෙක් වශයෙන් ද මෙය ක්‍රියාකරයි.

විවිධ සමාජ හා වෙළද සංවිධාන. දේශපාලනඥයින්,කලාකරුවන්, ක්‍රීඩකයින්,ග්‍රන්ථ කර්තෘවරුන්, සමාජ විශ්ලේෂකයන් මෙන්ම විදුවතුන්ද ෆේස්බුක් ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි ඉතා විශාල වශයෙන් භාවිතා කරයි. ඉතා අඩු පිරිවැයකින් සහ කෙටි කාලයකින් සිය පණිවිඩය හෝ වෙළද ප්‍රචාරණ දැන්වීම් විශාල ග්‍රාහක පරිසකට එකවිට ලගා කරවිය හැකි වීම නිසා ඔවුන් ඒ සදහා වැඩි වැඩියෙන් නැඹුරුවෙයි.

නමුත් අවාසනාවන්ත ලෙස අද අපට වැඩි වශයෙන් අහන්න දකින්න ලැබෙන්නේ එහි ඇති නිශේධනීය පැති කඩයි. මිනිසාගේ පහත් මානසිකත්වය හේතු කොට ගෙන මුලාකිරීම්, රැවටීම්, ලැජ්ජාවට පත් කිරීම්, මඩ ගැසීම්, අපහාස කිරීම්, කප්පම් ගැනීම්, පවුල් ජීවිත අවුල් කිරීම් වැනි නිශේධනීය පැති කඩ රාශියක් හදුනා ගත හැකිය. තමන් නොදන්නා අය සිය යහලුවන් ලෙස සිය සමාජ ජාලයට එකතු කර ගැනීම හරහා සිය වයසට හා අත්දැකීම් වලට නොගැලපෙන අය ඇසුරට කුඩා හා යෞවන යෞවනියන් යොමුවේ. එලෙසම විවිධ කායික හා මානසික රෝගවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් සිය පහත් ආශාවන් ඉටුකර ගැනීම සදහා පහසුම ක්‍රමයක් ලෙස මෙම නව මාධ්‍ය යොදා ගනී. තම යථා ස්වරූපය සගවා නාට්‍ය රග දක්වන බොහෝ දෙනා ඒ තුල වේ. ප්‍රේම සබදතාවක් බිදවැටුනු පසු තමා ආදරය කළ පෙම්වතියගේ ඡායාරූප එක් කොට ඇය ගණිකාවක් බවට පත් කොට එම නිසා ඇය සිය දිවි හානි කරගත් අවස්ථා මාධ්‍යයන් නිතරම ප්‍රචාරය වේ.. එම නිසා සමාජ ජාල මාධ්‍යයන් භාවිතයේදී ඉතාමත් පරිස්සම් විය යුතුය. විශේෂයෙන් තරුණ තරුණියන් මේ පිළිබදව වැඩි අවධානයක් දැක්විය යුතුය. මිතුරන් එකතු කර ගැනීමේදී තමන් දන්නා හදුනන අය පමණක් එක් කර ගත යුතුය. අද වන විට පාසල් යන සිසුන් බොහෝ දෙනෙකු ෆේස් බුක් ගිණුමක් හිමි කරුවෙකි. මෙය ඉගෙනුම ලබන දරුවන්ගේ වටිනා කාලය කා දමන්නා වූ ක්‍රියාවලියකි. ඔවුන් මේ හරහා වැරදි දේ සදහා ද යොමු විය හැකිය. එම නිසා ඔවුන් පිළිබදව ද දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
අප අපගේ කාලය නිකරුණේ ෆේස් බුක් සදහා යොමු කරන විට ෆේස් බුක්හි නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ඩ් සෑම සතියකම පොතක් කියවීම මගින් නව දැනුම එක් කරගනී. නව මාධ්‍ය තුල හොද හා නරක යන දෙකම ඇති තැනක් ලෙස අපගේ ආරක්ෂාව අපම සලසා ගත යුතුයි. එසේ වුවහොත් අද නව මාධ්‍ය නිසා ඇතිවී ඇති ගැටලු රාශියක් විසදා ගත හැකිය.

එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය


Thursday, June 8, 2017

ලිංගිකත්වයට විවෘත වූ කජුරාහෝ දෙවොල


ආදරයත් ශෘංගාරයත් සිත්පිත් නැති කලු ගලක කැටයම් කිරීමට හැකිනම් එය කලාකරුවෙකුගේ අතිවිශිෂ්ට හැකියාවකි. මේ ආකාරයෙන් මානව පරිකල්පන ශක්තිය මානව හැගීම් කලු ගලක් මත ඉතාමත් සංයමයෙන් යුක්තව නිර්මාණය කරනු ලැබූ කැටයම් සමූහයක් ඉන්දියාවෙන් හදුනාගත හැකිය. ඒ කජුරාහෝ දේවස්ථානයෙනි. එය පිහිටා ඇත්තේ ඉන්දියාවේ දිල්ලි නගරයට තරමක් ඇතට වන්නට පිහිටි වින්ධ්‍යා කදු වැටියෙහිය. මෙය දේවස්ථානයක් වන අතර එහි සිය ගණන් ලලනාවන්ගේ ශෘංගාරාත්මක ඉරියව් හා නර්තන විලාශයන්ගෙන් යුක්ත වූ කැටයම් මෙහි දැකගත හැකිය. TEMPLE OF LOVE යන නාමයෙන් හදුනවනු ලබන මෙම දෙවොල අද ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.


මීට වසර දෙසීයකට ඉහත වනයෙන් වැසී තිබුණු මේ ආදර දෙවොල සහිත කලාගාරය සොයා ගනු ලැබුවේ ඉංග්‍රීසි ජාතික කපිතාන්වරයකු වූ ටී. එස්‌. බට්‌ විසිනි. එකල ඉන්දියාව ඉංග්‍රීසි යටත් විජිතයක්‌ව පැවති අවධියකි. මෙකී දෙවොල් 80ක්‌ පමණ එහි තිබූ බව විශ්වාස කළද වර්තමානයෙහි දක්නට ලැබෙන්නේ ඉන් 20 ක්‌ පමණි. එකල පැවති මුස්‌ලිම් ආක්‍රමණයෙන් ඉන් සමහරක්‌ විනාශ කර දමා ඇති අතර ඉතිරි ඒවා නොසලකා හැරීම නිසා වනයට යට වී දිරාපත් ව විනාශ වී ඇත.
මේ පිළිබඳ අදහස්‌ දක්‌වන පුරාවිද්‍යාඥ ඇලෙක්‌සැන්ඩර් කනිංහැම් පවසන්නේ මෙය සොයා ගැනීම්වලට ප්‍රථම සිය දහස්‌ ගණන් හින්දු පූජකයින් මෙම ස්‌ථානය යෝගී භාවනා ක්‍රමවල යෙදීමටත් පෙබරවාරි මාර්තු කාලවල උත්සව පැවැත්වීමටත් යොදා ගෙන තිබූ බවට වාර්තා ලැබී ඇති බවයි. දෙව් මැඳුරු සංකීර්ණයකින් යුත් මෙම කජුරාහෝ දෙවොල ක්‍රි. ව. 950 - 1050 කාලයේ මෙහි රාජ්‍ය පාලන කටයුතු කළේ වන්ඩේලා රාජ වංශය විසින් බව පුරාවෘතයන්හි සදහන්වේ. කජුරාහෝ ශිව දෙවියන්ගේ වාසස්‌ථානයක්‌ ලෙස හින්දු භක්තියන් සලකනු ලබයි. ශිව, පාර්වතීගේ සරණ බන්ධනය නිරූපණය කරන අවස්‌ථා මෙහි දැක්‌වෙන බව ඇතැම් පුරාවිද්‍යාඥයන් අදහස්‌ දක්වයි.
මෙහි ඇති සෑම දෙවොලක්ම හිරුට මුහුණලා නිර්මාණය කොට තිබිම විශේෂත්වයක්වේ. මෙහි ඇතුලත් බොහෝ කැටයම් නිරුවත් වන අතරම ඒවායෙහි ඇත්තේ එකිනෙකට වෙනස් ආකාරයේ ලිංගික ඉරියව්ය. කාන්තා ලාලිත්‍යයත් මනස්කාන්ත බවත් ඉතා අලංකාරව කැටයමට නගා ඇතග පැරණි විශ්වාසය අනුව ශිව වැනි දෙවිවරු මෙම කදුවැටියට පැමිණි බවත් මෙම දෙවොල් දෙවිවරුන්ගේ විනෝදය සදහා නිර්මාණය වූ ගොඩනැගිලි සමූහයක් ලෙසද හැදින්වේ. මෙම ලිංගික ඉරියව් තුලින් හින්දු ධර්මයෙහි මූලික ඉගැන්වීම් වන අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන ධර්මතා පිළිබිඹු වන සේ නිර්මාණය කර ඇති බවට බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ අදහසයි. මෙම දෙවො‍ලෙහි උපත පිළිබදව හින්දු පුරාණයෙහි  සදහන් වන්නේ මේ ආකාරයෙනිගබ්‍රහ්මන්ගේ දියණිය වූ නෙම්වතී දිය නෑමට වනයෙහි මැද වූ තටාකයට ගොස් සිටියදි කාමුක බමුණෙකු ඇය රවටා ඇය සමග රමණයෙහි යෙදෙයි. එහි ප්‍රතිඵලය ලෙස ඇය පුතෙකු බිහි කරයි. ඇය ඔහුට චන්ද්‍ර වර්මන් ලෙස නම් තබයිගනෙම්වතී ඔහු ඇති දැඩි කළ අතර පසු කලෙක චන්ඩෙලා රාජ වංශය ආරම්භකයා වන්නේ ද මොහුයග අයහපත් මනුෂ්‍ය හැගිම් වලින් පළිගැනිම පිණිස ස්ත්‍රී පුරුෂ සම්භෝග හා ආලිංගන රූ සහිත මැදුරු නිර්මාණය කරන ලෙස නෙම්වතී තම පුතුට උපදෙස් දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයෙහි දීද මෙම දෙවොල දැකගත හැකිය.

ඇතැම් දෙවොලක කාමාශක්‌ත ප්‍රතිමා නිර්මාණය වී ඇති අතර ඒවා බොහෝමයක්‌ රමණ ක්‍රියාවලියේදී උණුසුම් ප්‍රචණ්‌ඩ අවස්‌ථා කලාත්මක ලෙස නිරූපිතයිග පාර්වතී දේව ජගම්මා දෙවොල වාත්ස්‍යායනගේ කාමසූත්‍රයෙහි රති ක්‍රියාවලිය සිහි ගන්වන ශිව පාර්වතී මූර්තිහි සිව්සැට කාමෙස්‍යයාවන් නිරූපිත වී ඇත්තේ ඉතාම කලාත්මකවයි. එම දේවාල අතර විෂ්ණු පර්සවනාත්ල ශිවල පාර්වතීල චිත්රු ගුප්තා, වාටහ, ඊස්‌බා, හනුමාන්, යන දේවාල දක්‌නට ලැබේ. මේවායින් ඉතා විශාලතම දෙවොල වන්නේ ශිව දෙවියන් වෙනුවෙන් ඉදිකරන ලද කණ්‌ඩාරියා මහාදේව දෙවොලයි. එහි මූර්ති 1029 ක්‌ දක්‌නට ලැබේ. මිනිස්‌ ලිංගික ක්‍රියාකාරකම් හා රමණයේදී අනුගමනය කරන විධි ක්‍රම එම මූර්තිවලින් දැක්‌වේ. විශ්වනාත් හා නන්දි යන දේවලයන්හි ස්ත්‍රී මුර්තිවලින් යුක්ත අතර එහි මාතෘත්වය විදහා පෙනෙන ආකාරයට කැටයම් නිර්මාණය කොට ඇත. වරාහ නම් දෙවොලෙහි ඇති විශ්ණු ලක්ෂ්මි මූර්ති දැකගත හැකිය. එහි ඇති සියුම් කැටයම් කැටයම් ශිල්පියාගේ දක්ෂතාව ලොවට පෙන්වා දෙයි. මෙම දෙවොලෙහි දැකගත හැකි තවත් විශේෂ කැටයම් ලෙස සතුන් සමග ලිංගික සංසර්ගය දැක්විය හැකිය. ලිංගිකත්වය යන්න සමාජයෙන් සැගවිය යුත්තක් නොවන අතර එය සගවා ඇති තාක් කල් සමාජයෙහි මිනිසුන් තුල  මානසික ඝට්ටනයක් බවට පත්වේ. මේ ආකාරයෙන් ලිංගිකත්වය පිළිබදව එකල වැසියන්ට අධ්‍යාපනයක් දැනුමක් ලබා දී ඇත. ලිංගිකත්වය සලවා තැබිය යුත්තක් නොවන බව මෙමගින් ද පසක්වේ. මෙම දෙවො‍ල පාදක කරගෙන කාම සූත්‍රය නිර්මාණය වියග නමුත් එය වාරණයට ලක්විය. සමාජයක් ඉදිරියෙහි කතා කළ යුතු මාතෘකා පිළිබදව සැගවීම තුලින් අද අත්ව ඇති ඉරණම බොහෝ වේදනාකාරීය. ලංකාවෙහි මෙම දෙවොල තිබුණේ නම් අද එය වැඩිහිටියන්ට පමණයි යන ලේබලය යටතේ ලේබල් වනු නොඅනුමානය.

























එස්.ඩී.ආර්. මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය






අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...