මින්සුන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හා හොඳ ජීවිතයක් උදා කිරීම....
ලෝ ප්‍රකට සමාගමක් ලෙස Reckitt Benkiser හදුන්වා දිය හැකිය . මෙය ආරම්භ වී ඇත්තේ 1823 දී ය. මෙම ආයතනය තුළ ව්‍යවසායකයින් 37000ක් පමණ සේවයේ නියුක්තව ඇති අතර, “මින්සුන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් හා හොඳ
ජීවිතයක් උදා කිරීමයි, මෙම ආයතනයෙහි දැක්මවේ. පාරිභෝගිකයන් හට හොඳ සෞඛ්‍ය තත්ත්වයක්
සහ හොඳින් ජීවත් වීමට උදව් කිරීම මෙහි ප්‍රමුඛ අරමුණක් බවට පත් ව ඇත. මිනිසුන්ට
තමන් සහ තමන්ගේ පවුල් රැකබලා ගැනීමට නව මාර්ගයන් සොයා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන
වැඩසටහන් Reckitt Benkiser සමාගම විසින් සිදු කරනු ලබන්නා වූ අතර
ඔවුන් ඒ සඳහා ආයෝජනය කරනු ලබයි.
මෙම සමාගම විසින් වගකීමෙන් යුතුව
තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන්නා වූ අතර ඒ සඳහා සමාජීය, පරිසරාත්මක හා මූල්‍යමය වශයෙන් විවිධාකාරයෙන්
ක්‍රියාත්මත වීම් දක්වා ඇත. Reckitt Benkiser සමාගම හැම විටම පාරිභෝගිකයන් සඳහා ඉතා
ගුණාත්මක නිශ්පාදනයන් ලබා දීමට උත්සහ කරන්නා වූ ආයතනයකි. Reckitt Benkiser සමාගමේ මූලික වගකීම වන්නේ මිනිසුන්ට හොඳ සෞඛ්‍යමත්
ජීවිතයක් ගත කිරීමට උදව් කිරීම ය.
මින්සුන්ගේ ජීවිත ඉතා ඉක්මනින් හා දැඩි උවමනාවන් සහිතව වෙනස් වන්නා වූ අතර, මෙවැනි වූ නව අභියෝග සමඟ ගනු දෙනු
කිරීමට උදව් කිරීම සඳහා විසදුම් Reckitt Benkiser ආයතනය විසින් නිරන්තරයෙන් සපයනු
ලැබේ. එබැවින් මෙම ආයතනය වෙළඳ පොළක ඉතා ඉක්මනින් වර්ධනය වන ව්‍යාපාරයක් බවට පත් ව ඇත.
නවෝත්පාදනයන් තුළින් පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ඉහළ නැංවීමට මෙම ආයතනය නිරන්තරයෙන්
කටයුතු කරනු ලැබේ.
Reckitt Benkiser සමාගමතුළ පවතින්නා වූ ව්‍යවසායකත්ව
සංස්කෘතිය තුළින් අදහස් ධූරාවලියක් සකස් කරනු ලබයි. මෙමඟින් මොවුන් ඉතා ඉක්මනින් නව සමාජයට
ගැළපෙන්නා වූ අදහස් ගොඩනඟා ගනී. මේ නිසාවෙන් මෙම ආයතනයේ සන්නම් ලොව වෙළඳ පොළ ප්‍රමුඛයන්
බවට පත් වී ඇත. මෙම ආයතනය ඉතා උසස් මට්ටමේ නායකත්ව කුසලතා හා අත්දැකීම්වලින් යුක්ත
කන්ඩායමකගෙන් සංයුක්ත වී ඇත. මෙමඟින් සඵලදියී මිශ්‍රණයක්, ස්ථායීභාවය ස්ථිර කිරීමක්, විශේෂඥ මඟ පෙන් වීමක් සහ විශේෂිත වූ
සංස්කෘතිය හොඳින් කළමනාකරණය කිරීමේ හැකියාවක් ඔවුන්ට හිමි වී ඇත. Reckitt Benkiser සමාගම ගෝලීයව ව්‍යාප්ත වී ඇති අතර, එය රටවල් 60ක් පුරා සක්‍රීයව ක්‍රියාත්මකව පවතී.
එමෙන්ම මෙම ආයතනයේ නිශ්පාදන ලෝකය පුරා වෙළඳ පොළවල් තුළ විශ්වාසය දිනාගනිමින් ව්‍යාප්තව
ඇත.
Reckitt Benkiser සමාගම සෞඛ්‍ය සණීපාරක්ෂාව සඳහාම
අරමුණු කරගත් බලවත් සන්නාමයන් ලබා සෑම වෙළඳ පොළකම ප්‍රමුඛයන් බවට පත් වී ඇත. අද
ලෝකය මුහුණ පා තිබෙන්නා වූ සංකීර්ණ ගෝලීය අභියෝගයන් මෙම ආයතනයන් විසින් අමතනු
ලැබේ. සේවකයන්ගේ සහ නිශ්පාදයන් වල වෙනස්කම් කරමින් (බල ශක්ති ඉල්ලුම, අමුද්‍රව්‍ය, වනාන්තර නිර්මාණය, ජලයේ හිඟකම, අමුද්‍රව්‍ය නිර්මාණය, සණිපාරක්ෂාව සහ පාරිභෝගිකයින්ගේ කළ
හැකි වෙනස්කම්) ඔවුන් සිදු කරන ලද කාර්යයන්ගේ ස්වභාවයන් ඔවුන් විසින් ම හදුනාගනු ලැබේ.
ඒ අනුව වඩා හොඳ අනාගතයක් ඇති කිරීම සදහා මෙම ආයතනයේ නිශ්පාදන නිර්මාණය කිරීමට හා
නිශ්පාදන ඉහළ නැංවීමට මොවුන් නිරන්තරයෙන් විවිධ වෙනස්කම් හා අත්හදා බැලීම් සිදු
කරනු ලබයි.
සන්නාමයක් යනුවෙන් හදුන්වනු ලබන්නේ
භාණ්ඩයක් හෝ සේවාවක් අනෙකුත් භාණ්ඩ හා සේවා සපයන ආයතනවලින් වෙන් කර හදුනා ගැනීම
විකුණුම්කරුවන් හෝ විකුණුම්කරුවන් සමූහයක භාණ්ඩ හෝ සේවා හදුනා ගැනීමේ අදහසින්
භාවිතා කරනු ලබන නමක්, වචනයක්, සළකුනක්, සංකේතයක් නිර්මාණයක් හෝ මේවායේ එකතුවකි. සමාගමකට සන්නාම නාමයන් එකක්
හෝ කීපයක් පැවතිය හැකි ය. Reckitt Benkiser සමාගම තුළ ද බොහෝ සන්නාමයන් හා
සේවාවන් ගණනාවක් පවතී.
Mortein 1880 French’s
Lysol 1899 Gaviskon
Dettol 1932 Harpic
Air Wick 1943 Woolite
Disprin 1948
Finish 1953
Calgon 1956
Veet 1969
The New RB 1999
Save the Childern 2003
Cillit Bang 2005
Nurofen 2006
Strepsils 2006
Vanish Bea 2007
Mucinex 2008
Durex, Scholl 2010
Rokesh K 2011
S’Chiff Nutrition 2012
K-Y 2014
Clearastil
No comments:
Post a Comment