Search This Blog

Friday, July 21, 2017

මනුස්සකම


සයිබර් අවකාශයේ මනුසත්කම

අතරමං වූ සයිබර් අවකාශය පුරා
සොයති මනුසත්කම පීරා
එෆ්.බී, ඉමෝ, වට්ස්අප්, වයිබර් පුරා
දලු දමයි පෙම් අඳෝනා
රූටා වැටෙන්නට පෙර
බැහැපං ධරණී තලයට      
හිටගනින් පොළොවෙ පය ගහල
විපරමින් බලපං වටපිට
නොදැකපු මනුස්සකම
පෙනෙයි පෙරටත් වඩා උඹට
ඇවිද යනෙන මඟතොට
පෙන්නයි රත්තරං හිත් උඹට
වපුරපං මනුස්සකම
සයිබරය පුරාවට නොව
සැබෑ මනුසත් ලෝකයට

එස්.ඩී.ආර්.දිසානායක


No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...