Search This Blog

Sunday, July 23, 2017

සමාජ ජාල තුල කතා වු චෙස්ටර් බෙනින්ටන් කවුද


චෙස්ටර් බෙනින්ටන්ගේ හදිසි වියෝවය සමග ලංකාවෙහි මෙන්ම ලෝකයෙහි බොහෝ සංගීත ලෝලීන් ශෝකයට පත්ව ඇත. ලින්කින් පාක් සංගීත කණ්ඩායමෙහි ප්‍රධාන ගායන ශිල්පියෙකු වූ මොහු දක්ෂ රොක් ගායන ශිල්පියෙකි. 1996 වර්ෂයේදී ආරම්භ කරන ලද ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ ගී තැටි ලක්ෂ 700කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත. මොවුන් ග්‍රැමී සම්මාන දෙකක් ද හිමිකර ගෙන ඇති අතර ලින්කින් පාර් සංගීත කණ්ඩායමෙහි මංගල ගීත ඇල්බමය වූ Hybrid Theory බොහෝ ජනප්‍රිය විය. එහි පිටපත් ලක්ෂ 300 කටත් අධික සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇත. එමෙන්ම Hybrid Theory නම් වූ ගීත ඇල්බමය එය පළකල දා සිට මේ දක්වා වාර්තාගත මට්ටමින් අලෙවි වූ පිටපත් අතර ප්‍රමුඛස්ථානයේ පසු වේ. මොවුන් ගායනා කළ  Faint, In the End, Numb and Crawling එම කාල තුල ඉතා ජනප්‍රිය වූ ගීත විය.

එමෙන්ම ලින්කින් පාක් සංගීත කණ්ඩායමේ Meteora ගීත ඇල්බමය 2003 වර්ෂයේදී Billboard 200 පළමු ස්ථානයට පැමිණියේය.

චෙස්ටර් බෙනින්ටන් සැබෑ ජීවිතයේදී පැහැදිලි අදහස් පළ කරන, ලෙන්ගතු සැහැල්ලු පුද්ගලයෙකු වූ අතර ඔහුගේ හඩ ප්‍රකෝපකාරී තද බවකින් යුක්තය. මිය යන විට 41 වැනි වියේ පසු වූ චෙස්ටර් බෙනින්ටන් දෙවරක් විවාහ වී දරුවන් 6 දෙනෙකුගේ පියෙකි. චෙස්ටර් බෙනින්ටන් අධිකව මත්පැන් හා මත් ද්‍රව්‍ය වලට හුරුව සිට ඇත. පසුගිය මැයි 17 වෙනිදා සිය දිවිනසා ගත් සවුන්ඩ්ගාඩ්න් සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී ක්‍රිස් කොනෙල් චෙස්ටර් බෙනින්ටන්ගේ සමීපතම මිතුරෙක් බව පැවසේ. ක්‍රිස් කොනෙල් තමන්ට ආදර්ශයක් වූ බවත් ඔහු සහ ඔහුගේ පවුල සමග සතුටින් දිවි ගෙවූ බවත් එහි සුවිශේෂි අවස්ථා මිය යාමට පෙර පියන ලද ලිපියෙහි සදහන්වේ. චෙස්ටර් බෙනින්ටන්  මිය යන දිනට ක්‍රිස් කොනෙල්ගේ 53 වැනි ඡන්ම දිනය යෙදී ඇත.

චෙස්ටර් බෙනින්ටන්ගේ මළ සිරුර ජුලි මස 20 වැනිදා පෞද්ගලික නිවසක් අසලදී සොයා ගනු ලැබූ බව ලොස්ඇන්ජලීස් පළාතේ මරණ පරීක්ෂකවරයා නිවේදනය කර ඇත. ඔහු මිය ගොස් ඇත්තේ ගෙල වළලාගෙන යැයි මරණ පරීක්ෂවරයා සදහන් කර ඇත.

රසික හදවත්  පින වූ රොක් ගායකයෙකු වූ චෙස්ටර් බෙනින්ටන්ගේ වියෝවය පිළිබද ශ්‍රී ලංකාවේ සමාජ ජාල තුලද විශාල වශයෙන් ශෝකය පල කරයි.



No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...