ඇන්ටන් චෙකෝෆ්
ඇන්ටන් චෙකෝෆ් රුසියානු සාහිත්‍යයේ කැපී පෙනෙන
නිර්මාණකරුවෙකි. විශ්ව සාහිත්‍යයේ කෙටි කතාව හා නාට්‍ය සදහා නව සම්ප්‍රදායන් සොයා
ගිය පුරෝගාමියෙකි. ඇන්ටන් චෙකෝෆ් නාට්‍යකරණයට අවතීර්ණ වන්නේ 1887 වර්ෂයේදීය. එහෙත්
ඔහු අතින් සාර්ථක නාට්‍යයක් නිර්මාණය වන්නේ 1898 දී සීගල් නැමැති නාට්‍යය රචනා
කිරිමෙනි. ඉන්පසුව ඔහු විසින් ලියන ලද ත්‍රී සිස්ටර්ස්, අන්කල් වන්යා, චෙරි වත්ත
ආදී නාට්‍යය සාර්ථක නාට්‍යයන්වේ.
ඇන්ටන් චෙකෝෆ් නාට්‍ය තුලින් සමාජ යථාර්ථය සියුම්
ලෙස ඉදිරිපත් කිරීමට උත්සුක වූ බව පෙනේ. ඔහු නාට්‍ය ධර්මී සම්ප්‍රදාය අනුව නොයමින්
ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදාය සෑම විටම අනුගමනය කළේය. ඒ අනුව ඔහුගේ නාට්‍ය
ස්වාභාවිකවාදි වේ. ඔහුගේ සෑම නාට්‍යයකටම වස්තු විෂය වූයේ තත්කාලින රුසියාවේ සමාජ
ජීවිතයයි. ඒ අනුව චෙකෝෆ්ට එකල රුසියානුවන්ගේ අධ්‍යත්මය ආක්‍රමණය කිරීමට හැකි වූ බව
පෙනේ. මගුල් ප්‍රස්තාව නාට්‍යය තුලින් ද
එම සම්ප්‍රදායික වැඩවසම් ඉඩම් හිමි චින්තනයේ ස්වරූපය සියුම් ව විවරණය කිරිමක්වේ.
ඔහුගේ නාට්‍ය ප්‍රේක්ෂකයා තුළ හාස්‍යය ප්‍රහසනය
ඇති තළ ද එහි එන පාත්‍ර වර්ගය(චරිත) අපේක්ෂා භංගත්වයට පත්වන බව පෙනේ. චෙකේෆ්ගේ
නාට්‍යවල මතුපිටින් එතරම් හරබර ස්වරූපයක් නොපෙනුනද සියුම් ව විමසූ කළ එහි ගැඹුරු
යථාර්තයක් ඇතුලත් වන බව පෙනේ. එසේම චෙකෝෆ්ගේ නාට්‍යවල අභ්‍යව සිදුවීම් එසේ ප්‍රේක්ෂකයා
පුදුමයට පත් කරවනු ලබන මායාවන් ඇතුලත් නොවේ. එසේම සාම්ප්‍රදායික කතා සන්දර්භයක්ද
එහි නැත. එහෙත් ඔහුගේ නාට්‍ය ක්‍රමය අපූර්වත්වය ගෙන එයි. ඒ නිසා පසුව බිහිවූ නාට්‍යකරුවන්
ඔහුගේ සම්ප්‍රදාය බලපෑම් කළ බව පෙනේ. එනම් යථාර්ථවාදී ස්වභාවිකවාදී නාට්‍ය රිතියක්
විශ්ව සාහිත්‍ය තුල ඇතිවීමට ඇන්ටන් චෙකෝෆ් ද පුරෝගාමී වූ බව පෙනේ.
එස්.ඩී.ආර්.මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment