Search This Blog

Sunday, June 25, 2017

මොනාලිසා ගර්භණීය කාන්තාවක්ද?

ලියනාඩෝ ඩාවින්චි විසින් අදින ලද මොනලිසා චිත්‍රය දැනට තැන්පත් කර ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේය. මෙය අගල් 24 ක් පමණ උස් වන අතර පළල අගල් 10.5 ක් පමණවේ. මෙම සිතුවම පොප්ලර් රෙද්දක් මත තෙල් සායමෙන් කරන ලද්දකි. මොනලිසා චිත්‍රය ඩාවින්චි නිර්මාණය කළේ ක්‍රි.ව. 1503ත් 1505ත් අතර කාලයේදීය. මොනලිසා යනු ප්‍රැන්සිස්කෝ ඩෙල් ගියෝකොන්ඩෝගේ බිරිදයි. එහෙත් ඇයගේ නියම නම පිලිබර්තා ඩී සැවොයිසා බවත් දහඅට වන වියේදී ඇගේ සැමියා මියගිය බවත් සදහන්වේ. මේ ගැන මේ ගැන ඇති තවත් මතයක් නම් මන්තුවාවල ( Mantua) ජීවත් වූ වංශාධිපතිනියක වන ඉසබෙලා දේස්ති Isbella Deste නමැති කාන්තාවගේ රුව නිරූපණය වන බවයි.

ගුප්ත සිනාවකින් යුක්ත මොනලිසා නම් මේ චිත්‍රය විචාරකයින්ගේ විවිධ මතවාදවලට බදුන් වෙමින් ඩාවින්චිගේ කලා කෞෂල්‍යය මනාව පෙන්නුම් කෙරේ. වෛද්‍ය විශේෂඥයෙක් වන කෙනත් ඩී කීල් පවසන්නේ මොනලිසා මොනලිසා වාඩි වී සිටින ඉරියව්ව හා ඇගේ නිදිබර ‍දෙනෙත්වලින් ප්‍රකාශිත  අදහස්වලින් කියවෙන්නේ ඇය ගර්භණී කාන්තාවක් බවයි.

ඩාවින්චි ඇගේ සුන්දර මුහුණත්, විකසිත දෙනුවන්වල බැල්මත්, දෙතොලග පොපියන සියුම් සිනාවත් නිර්මාණය කළ අයුරු අපූරුය. භූමි දර්ශනය හා ඇදුම් වැදගත් බවක් උසුලයි. පසුබිම අද්භූත ජනක ආකාරයට සිතුවම් කර ඇත. කෙසේ වෙතත් මොනාලිසා පිළිබදව මේ ආකාරයේ විවිධ මත පළ වී තිබුණත් එය හැගීම් ප්‍රකාශනය අතින් ඉතා විශිෂ්ට නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය. මෙම සිතුවම නිම කිරීමට ඩාවින්චිට අවුරුදු හතරක් ගතවී ඇත. කාන්තාවක සතු ගුණාංග ඉතා සියුම්ව ඉදිරිපත් කිරීමට මෙම ශිල්පියා සමත්ව ඇත.

රාදිකා දිසානායක
කැළණිය විශ්ව විද්‍යාලය

3 comments:

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...