බලා නුඹ දෙස
සිය දහස් වරක්
ඉල්ලුවා මම
එකම එක පැතුමක්
නොසිතූ ලෙස හැලුව
මහ ජල කදක්
ඇයි ද මේ ලෙස
දුන්නේ ගින්දර ගොඩක්
නොදැනුනාද නුඹට
ගසා ගෙන ගිය වග
මගේ එකම එක පැතුමත්
ඇසුණා
අවසන් වදන් ටික හෙමින්
තාත්තේ මං බේරගන්න
කියා පොඩි දූගේ හඩින්
එස් ඩී ආර් මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
No comments:
Post a Comment