Search This Blog

Sunday, May 21, 2017

මුස්ලිම් රටක් වුවත් තුර්කි කාන්තාවන් ඇග නොවැසෙන්නඇදුම් අදින්නේ ඇයි?


තුර්කිය යනු මුස්ලිම් ආගම පවතින රටක් වුවත් එම රටෙහි කාන්තාවන් වෙනත් මුස්ලිම් රටවලට වඩා වෙනස් සංස්කෘතියකට උරුමකම් කියයි. වෙනත් රටවල මුස්ලිම් කාන්තාවන් ඇග වැසෙන ආකාරයට ඇදුම් ඇදීම අපට දැකිය හැකි සුලභ දසුනකි. නමුත් තුර්කි කාන්තාවන්ට එසේ ඇග වැසෙන ආකාරයෙන් ඇදුම් නොඅදී. තමන්ට කැමති ආකාරයෙන් විලාසිතා කිරීමේ අයිතිය ඔවුන්ට හිමි ව ඇත. මෙසේ සිදු වූයේ කෙසේද? මේ සදහා හේතුව වන්නේ මුස්තාෆා කෙමාල් නම් ශ්‍රේෂ්ඨ නායකයාය. පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කිය විනාශ කර ග්‍රීසිය, ආර්මේනියාව, ප්‍රංශය, ඉතාලි‍ය තුර්කියෙහි කොටස් කොටස් අත්පත් කරගත් අතර මුස්තාෆා කෙමාල් යුද්ධ කර තුර්කිය එක්සේසත් කරනවා. 

ඔහු 1924 දී තුර්කියෙහි පළමුවන ජනපති බවට පත්වෙනවා. මුස්තාෆා කෙමාල් ජනපති වූ  වර්ෂයේ ම එම රටෙහි පැවති ඉස්ලාමීය රාජ්‍යය විසුරුවා හරිනවා. ඒවාගේම රටපුරා ආගම උගන්වනු ලැබූ ඉස්ලාමීය පාසල් සියල්ල වසා දමන ලදි. එහි උගන්වනු ලැබූ ඉස්ලාමීය ආගම වෙනුවට තාක්ෂණය, විද්‍යාව, කලාව උගන්වන පාසැල් රට පුරාම පිහිටුවිය. තවද සාම්ප්‍රදායික ඉස්ලාමීය අරාබි අක්ෂර භාවිතයෙන් ඉවත් කර අලුත්ම භාෂාවක් හදුන්වා දෙනලදි.ඒ සමගම බොහෝ දෙනා කුරානයෙන් ඈත් වීමට හේතුවිය. 
1926 වන විට ශරියා උසාවි වසා දැමූ අතර ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ නීති වලින් ඉස්ලාමීය නීතිරීති ඉවත් කරනු ලැබූ රට බවට පත්වෙනවා. 1934 දී කාන්තාවන්ට සම්පූර්ණ දේශපාලන අයිතීන් ලබා දෙනවා. එම කාලය වන විට සමහර බටහිර රටවල පවා කාන්තාවන්ට අයිතීන් ලබා දී නොතිබිණි. ඒ වාගේම බහු භාර්යා විවාහය නීති විරෝධී කරන අතරම කාන්තාවන්ට තමන්ට කැමති ඇදුමක් ඇදීමේ ද නිදහස ලබා දෙනවා. එම නිදහස හේතුවෙන් වෙනත් රටවල මුස්ලිම් කාන්තාවන්ට වඩා ඔවුන් වෙනස් සංස්කෘතියකට හිමිකම් කියනු ලබනවා.ඔවුන් අදටත් තමන් කැමති විලාසිතාවක් සිදු කරනවා.ඔවුන්ට ඒ සදහා සම්පූර්ණ නිදහස අදටත් හිමිය.ඔවුන් තුලින් දිස්වන්නේද යුරෝපිය සංස්කෘතික ලක්ෂණයන්ය. එහි සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මුස්තාෆා කෙමාල් ජනාධිපතිටය.


1938 දී අවසානාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නවා. ඒ වයස අවුරුදු 57දී ය. ඔහු තුර්කිය වෙනුවෙන් කරනු ලැබූ සේවයට ඔහු “තුර්කියේ පියා” යන ගෞරව නාමය හිමිවෙනවා.

එස්.ඩී.ආර් මධුවන්ති

කැළණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

අර්බුදකාරී වත්මන් අධ්‍යාපන ක්‍රමය

රටක අනාගත පරපුරෙහි බුද්ධියෙහි නිම්වළලු පුලුල් කිරීම සංවර්ධනයේදී සිදු කළ යුතු අත්‍යවශ්‍ය සාධකයකි. වර්තමානයෙහි පවතින තරඟකාරී අධ්‍යාපන ...