ලොකු දෝණි.......
කාශ්‍යප
කාශ්‍යප
අකමැත්තෙන් නුඹ
ලොකු කෙලී ගෙන ගිය දා
උඹට මගුලක් වුණාට
ගෙදර අවමගුලක්
ගෙදර උන්දෑ දෙස් දෙනවා
ගෙට වෙලා මාසයයි කියලා
පොඩි එකී අඩනවා
අක්කව දකින්නට අවැසි කියල
ගමේ උන් කයි කතන්දර කියනවා
ගියා දඩ මස් ටිකක් ගෙන මම
දිනක් රජ වාසලට
කෙලී ගල උඩ ඉන්නවා යසට
ලංවී බැලූ විට සලිත විය ගතම
අඩැති නුඹේ රුව දැක
ලොකු කෙලී මා දුටුව විගසම
අඩා වැටුණා දෙපා අභියස
සමාවුව මැන පියාණෙනි මට
එපා කියද්දී සිතුවම් කලේ මගෙ රුව
විලිසංගෙ නැති එවුන්ගේ හැටි
එස්.ඩී.රාධිකා මධුවන්ති
කැළණිය විශ්ව විද්‍යාලය
Lassanai.hoda adahasak
ReplyDeleteThnz aiya
ReplyDeleteරාධිකා සතුටුයි ඔබ බ්ලොග් ලෝකයේ දකින්නට ලැබීම. හොඳ ලේඛන හැකියාවක් ඇති තරුණියක් විදිහට නිර්මාණාත්මක දේ ලියන්නට දරණ උත්සහය අගය කරනවා. සුබ පැතුම්
ReplyDeleteබොහොම ස්තුති සර්...ඔබතුමාගේ වචන ලොකු ශක්තියක්
Delete