බලශක්තිය, මිනිසා හා පරිසරය
ලංකාව යනු භූ විෂමතාවන්ගෙන් අනූන රටකි. ලෝකයේ ජල විදුලිය මගින් විදුලිය උත්පාදනය කළ හැකි රටවල් ඇත්තේ අතලොස්සකි. මේ සඳහා හේතුව බවට පත්ව ඇත්තේ ජල විදුලි උත්පාදනය කිරීමට භූ විෂමතා නොමැති වීමයි.එම නිසා එම රටවල් විකල්ප ක්‍රම වශයෙන් ඛනිජ තෙල් හා ගල් අඟුරු භාවිතා කරයි. නමුත් මෙම ක්‍රම මඟින් දැවැන්ත පරිසර දූෂණයක් බරපතලව සිදුවේ. ගල් අඟුරු තාප බලාගාරවලින් සල්ෆර් (CO2) නිපදවෙන අතර එය බරපතල ලෙස හරිත ආවරණයට හානිකරවෙයි. බලශක්තිය වත්මන් මිනිසාගේ අත්‍යවශ්‍ය කරුණක් වන අතරම සමාජමය වශයෙන් ප්‍රබල ගැටලුවක් බවට පත්වී ඇත. ජනගහනයෙහි වර්ධනයත් සමඟම බලශක්තිය රටක සංවර්ධනයෙහි තීරණාත්මක සාධකයක් බවට පත්ව ඇත. ඒ හා සමාන බලපෑමක් මිනිසාට මෙන්ම පරිසරයටද උදාකර දෙමිනි. සංවර්ධනය වෙමින් පවතින රටවල හා සංවර්ධිත රටවලද බලශක්ති අර්බුධය දිනෙන් දින දලු ලන්නාවූ ප්‍රධාන ගැටලු අතර ඉහලින්ම සිටී. ලෝක පරිමාණයෙන් ගත් කළ පරිසරයෙහි සමතුලිත බව නැති කර දමමින් අධි පරිභෝජනවාදී සමාජ ක්‍රමයකට හුරු වූ සමාජ ආර්ථික ක්‍රමය තුල මිනිසාට පරිසරය නම් වූ තීරණාත්මක සාධකය අමතක කොට කටයුතු සිදු කරයි. එයට හොඳම නිදසුන වන්නේ ලංකාවෙහි බලශක්ති අර්බුධය පිදිබද ක්‍රියාකරන්නේ ගල් අගුරු බලාගාර ලංකාව පුරා ඇති කිරීමටයි’ නමුත් එහි ක්‍රියාකාරිත්වය පරිසරයට මෙන්ම මිනිසාටද සෘජුවම බලපෑම් සිදුකරයි.

වසරකට වරක් පවත්වන මිහිකත හෝරාව ලෙස හදුන්වන පැයක් විදුලිය නොමැතිව සිටීම තුලින් බලශක්තියෙහි අගය වටහා දීමට කටයුතු කිරීම කෙතරම් ප්‍රායෝගික ද යන්නයි. ආර්ථික සංවර්ධනය නැමැති කාරණය පසුපස හඹා යන මහා නගර තුල රැය පහන් වන තුරු ශෝභන ක්‍රියා සඳහා එලිය දෙන විදුලි ආලෝකය අනර්ථකාරී ක්‍රියාවකි. මහජනතාවට අඩු වොල්ටීයතාවයකින් යුක්ත වූ CFL බල්බ දල්වා බලශක්තිය ඉතුරු කරන්නට උපදෙස් දෙන බොහෝ දෙනා මහජන පරිභෝජනයට වඩා දස දහස් ගුණයක් නිරපරාදේ විනාශ කර දමති. රාත්‍රී සේවා නොසපයන ආයතන තුල, කැසිනෝහල්, රාත්‍රී සාමාජශාලාවන් තුල මෙන්ම ඉන් පිටත දැකගත හැකි විශාල ප්‍රමාණයේ නාම පුවරු එලිය කරනුයේද මෙම බලශක්තියෙනි. කොළඹ නගරය තුල පමණක් මෙවැනි ශෝබන ක්‍රියා සදහා කොතරම් විදුලිය වැය වන්නේද? එසේම රාජ්‍ය අංශය පෞද්ගලික අංශය තුල මෙන්න නිවස තුළ කටයුතු කිරීමේදී උපරිම ලෙස විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුයි. එසේ නොවුණහොත් අප කරන්නේ අනාගත පරම්පරා ගණනාවකම විදුලි පරිභෝජනය විනාශකර දැමීමකි.
පසුගිය කාලයෙහි විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙහි සිදුවූ බිඳ වැටීමක් හේතු කොටගෙන රටපුරාම විදුලි බලය විසන්ධි විය. ඒවාගේම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය දින හතරක් දෙවතාව බැගින් අක්‍රිය විය. මේ නිසා ආණ්ඩුවට දැඩි විවේචන එල්ල වූ අතර ඒ සඳහා ජනතාව කෙටි විසදුම් අපේක්ෂා කරන ලදි. එහිදී රජයට ඇති එකම විසදුම වන්නේ ගල් අඟුරු බලාගාර ඇති කරන බවය. නමුත් එය ලංකාව වැනි රටක් සෑම අංශයකින්ම පහල හෙලන ක්‍රියාවකි. පරිසර හිතකාමී ජලයෙන් නිපදවන්නාවූ විදුලි ඒකකයක් සදහා වැය වන්නේ ඉතා සුලු මුදලකි. එසේම මිනිසාට මෙන්ම පරිසරයට ද හිතකාමී ක්‍රියාවකි. විශාල සම්පත් ප්‍රමාණයක් ඇතත් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. චීනය, ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය වැනි තාක්ෂණය අතින් දියුණු රටවල් ගල් අඟුරු බලාගාර සංකල්පයෙන් ඈත් වීමට කටයුතු කරයි. සූර්ය බලය, සුළග වැනි දේශීය සම්පත් යොදා ගනිමින් විදුලි බලය ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතුය එසේ නොවුවහොත් සිදුකරන්නේ නිරපරාදේ රටක් එළිය කරන්නට ගොස් පරම්පරාවන් ගණනාවකගේ ජීවිත අදුරු කිරීමක් නොවේද?
කැළණිය විශ්ව විද්‍යාලය