50 දශකයේ
අගභාගයේ සිට 60 දශකයේ මුල් භාගය දක්වා ලොව පුරා සිනමා ක්ෂේත්‍රය තුළ
නව පරම්පරා රැසක් බිහිවෙමින් පැවතිණ. ඔවුන් බොහෝ දෙනා දෙනැනි ලෝක යුද්ධයට පෙර උපන් අය වූ
මුත් සිය තාරුණ්‍යය ගෙවූටය් පශ්චාත්
යුධ වටපිටාවකයි. දරිද්‍රතාවය‚ විරැකියාව ඇතුලු බොහෝ සමාජ ප්‍රතිවිරෝධතාවන්ට මුහුණ දුන්නා වූ
ඔවුන් තරුණ කණ්ඩායම් සේ ඉස්මතු
වන්නට විය. ජපානය‚ කැනඩාව‚ ස්පාඤ්ඤය‚ බ්‍රසීලය හා එක්සත්
ජනපදය යනාදී සෑම රටකම මෙවැනි තරුණ කණ්ඩායම්
දැකිය හැකිවිය. මොවුන්
සමහරෙක් සිනමාවට දැඩිසේ ඇලුම් කළහ. සමහරු සිනමා පාසල්
වලින්ද තවෙකෙක් පුවත්පත් හා සගරා හරහා ද මෙම ක්ෂේත්‍රයට පිවිසියෝ වූහ. මොවුන් බොහෝ දෙනා අතර
තිබූ පොදු ලක්ෂණය වූයේ ඔවුන් එවකට පැවති ජේෂ්ඨයින්ගේ සිනමා ව්‍යවහාරය(Cinema de papa) හා සම්ප්‍රදාය නිර්දය විවේචනයට හසු
කිරිමයි. මෙම කණ්ඩායම් අතර වඩාත් ප්‍රචලිත වූයේ ප්‍රංශයේ බිහිවූ සිනමා කණ්ඩායමයි.
මෙම කණ්ඩායම විචාරකයින් විසින් හදුන්වනු ලබන්නේ ප්‍රංශ
නව රැල්ල(New Wave හෙවත් Nouvelle Vague) යනුවෙනි.
මෙම පිරිස එවකට පැවති සිනමා සම්ප්‍රදාය මෙන්ම ආඛ්‍යාන ශෛලියද (Narrative Style) උඩු යටිකුරු කළ බව කියවේ. විශේෂයෙන්ම අඩු
වියදමින් තැනූ ඔවුන්ගේ එම චිත්‍රපට බොහොමයක් චිත්‍රගාරයෙන් පිටත‚ වෘත්තීමය නොවන නලු
නිළියන් යෙදූ‚ සැහැල්ලු
කැමරා උපකරණ භාවිතා කොට නිපදවනු ලැබූ ඒවා විය. ඒවායේ බොහෝ විට මුල
මැද හා අග අනුපිළිවෙලින් දැකිය හැකිවූ ආඛ්‍යාන රටාවක් නොවීය.කිසිම පැකිලීමක්න්
තොරව ලිංගික විෂයයන් සාකච්ඡා කිරීම‚ ගැහැණිය හා
පිරිමියා කිසියම් සංකීර්ණ බල කේන්ද්‍රීය සබ්‍රදතාවක් ලෙස හදුන්වා දීම‚ පුද්ගලයින් අතර
සන්නිවේදනය ඇණ හිටීම‚ කාන්තා චරිත ඉස්මතු කිරීම‚ පුරුෂාධිපත්‍යය හා විවාහය
නම් වූ සංකල්ප විවේචනය කිරීම මෙම සිනමා කෘතින්හි නිරතුරුවම දැකිය හැකි
විය. සිනමාලංකාරය(aesthetic of cinema) පිළිබද නවමු
වූ අත්හදා බැලීම් ඒවායේ බහුලව දැකියහැකි විය. කාලය හා අවකාශය
පිළිබදව ප්‍රේක්ෂකයා තුල නිරවුල් අවබෝධයක් ඇති කිරීම අරඹයා එවකට භාවිතා වූ හදුන්වා
දීමේ රුප ඛණ්ඩය (establishing shot) යන්න මගහැර වඩා විප්ලවකාරී රුප භාවිතයක්
යෙදීම හා එවකට පැවති ක්‍රමානුකූලව ගලායන අඛණ්ඩතාව (Seamless Continity) රැකගන්නා රුප එකතු කිරීම
බැහැර කොට නොගැලපෙන රුප එකිනෙක පිරිද්දීම (jump cuts) යොදාගැනීම ඒවායේ
බහුලව දැකිය හැකිය.විශේෂයෙන්
යාන් ලූන් ගොඩාගේ breathless
චිත්‍රපටයේදී මෙය පෙරළිකාර ආකාරයකින් හදුන්වාදෙනු ලැබීය.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තරුණ පිරිස පැවති සම්ප්‍රදාය හෙලා දැකිම පමණක්ම නොව එයට ප්‍රතිවිරුද්ධව යමින් ඔවුන් එවකට අතිශයින් වාණිජ්‍යත්වයට බරවූ
හොලිවුඩ් සිනමා කෘති අගය කිරීමයි. විශේෂයෙන් ම Howard Hawks‚ Otto Preminger‚ Samuelle
fuller‚ Vincent Minellli‚ NicholasRay හා Alfred Hitchock වැනි හොලිවුඩ් අධ්‍යක්ෂකවරුන් අගය කළ
මොවුන් එම අධ්‍යක්ෂකවරැන් හුදු ශිල්පීන් පමණක් නොව කර්තෘන් පිරිසක් ලෙස සැලකිය
හැකි යැයි ප්‍රකාශ කළහ.එම තරුණ පිරිසට අයත්
බොහෝ අධ්‍යක්ෂකවරුන් සම්ප්‍රදායානුකූලව
සිනමා කර්මාන්තය තුළින් පැමිණි අය නොවූහ. සිය මිතුරන්ගෙන් ණයට ලබාගත් මුදල් යොදවමින් සිය ප්‍රථම
චිත්‍රපටය නිර්මාණය කළ මොවුන් 1959 වන විට ඉතා ප්‍රභල කණ්ඩායමක් බවට පත්ව සිටියහ.
"සිනමාව යනු අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශනයකි" යනුවෙන් ඉදිරිපත්වූ (auteur theory) යන්න මෙම කණ්ඩායමේ මූලික පිලිගැනීම විය. සමෝධානය Montage නම්
වූ සංස්කරණ කේන්ද්‍රීය සිනමා ශිල්පයට වඩා කැමරාව පෑනක් ලෙස භාවිතා කිරීමේ සිනමා
භාවිතාව Miseen-Scene පරමාදර්ශීකොට ගන්නාලදි. විචාරක මතයට අනුව නව රැල්ලේ ච්ත්‍රපට
තුළින් ප්‍රබල දේශපාලනික මතවාදයක් ගොඩ නැගීම සිදු නොවු මුත් පැවති සම්ප්‍රදායයන්
හා නිලධාරී වාදය විවේචනයට ලක් කළේය.
නව රැල්ලේ චිත්‍රපට තුල නිරතුරුවම දැකිය හැකි
පුද්ගල කේන්ද්‍රීය ස්වරෑපය විචාරකයින්ගේ දෝෂ දර්ශනයට ලක් වුවද ඒවායේ තිබූ
විප්ලවවාදී ශෛලිය හේතුකොට ගෙන එය ඉතා වැදගත් සිනමා සම්ප්‍රදායක් අපහට උරුම කර දී තිබේ. ඒ තුළින් අතිවිශාල තරුණ සිනමාකරැවන්
හා සිනමා කෘති රැසක් අපට දායාද කොට ඇත.
එම්.ඩී.මහින්දපාල මහතාගේ "සිනමාව මාධ්‍ය හා
කලාව" යන පොත ඇසුරින්